පොලිස් ඇඳිරි නීතිය ඉවත් කර ඇති ප්‍රදේශවල උදෑසන 7.00 සිට 10.00 දක්වා කාලය තුළ මහජන බැංකු ශාඛා විවෘතව තබන බව එම බැංකු කාර්ය මණ්ඩලය සදහන් කරනවා.
ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශ වල නැවත පස්වරු 2ට ඇඳිරි නීතිය පනවනු ලබන බව පොලිසිය සදහන් කරනවා. මේ අනුව රජය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අනවශ්‍ය ලෙස ඒකරාශි නොවී අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට කටයුතු කරන ලෙසයි.
කොළඹ, ගම්පහ, පුත්තලම යන දිස්ත්‍රික්ක 03 සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය අද(24) උදෑසන 6.00ට ඉවත් කල අතර කෙසේ වෙතත් එම දිස්ත්‍රික්ක 08 සඳහා අද දහවල් 12.00ට යළි ඇඳිරි නීතිය පනවනු ලබනවා. ඒ අනුව එය මාර්තු 27 වනදා සිකුරාදා උදෑසන 06.00 දක්වා බලපැවැත්වෙනු ඇති.
දිවයිනේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 97 දක්වා ඉහළගොස් තිබෙනවා.
දිවයිනේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 94 දක්වා ඉහළගොස් තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය පාලනය සහ ඊට අදාල කටයුතු සදහා විශේෂ අරමුදලක් ස්ථාපනය කර තිබෙනවා. ජනාධිපති අරමුදල ඒ සඳහා රුපියල් මිලියන 100ක මුදලක් ප්රදානය කර තිබෙන අතර තවද දේශීය, විදේශීය පරිත්‍යාගශීලීන්ට, මෙම අරමුදලට මුදලින් දායකවීමට අවස්ථාව හිමිවනවා.
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින ජනතාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ගේ බලතල අනුව අද (23) සිට සහන රැසක් ප්‍රධානය කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව පහත සඳහන් සහන ජනතාවට අද සිට ලබා දීමට අදාළ සියලු බලධාරීන්ට ජනාධිපති ලේකම්වරයා උපදෙස් ලබාදී ඇති බව සදහන්.
අද (23) දිනයේදී නව කොරෝනා වෛරසයට ගොදුරුවූ රෝගීන් පස් දෙනෙක් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරනවා. ඒ අනුව මේ වන විට මෙරටින් කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 91 දෙනෙක් සොයා ගෙන ඇති බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියාසිටියේ.
පවතින තත්ත්වය පිලිබද සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෙට විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැදවා තිබෙනවා. ඒ අරලියගහ මන්දිරයේදී යි.
IDH උණ රෝහලේ ප්‍රතිකාර ලැබූ සංචාරක මග පෙන්වන්නා සුවය ලබා රෝහලින් පිටව ගිය බව වාර්තා වෙනවා. මේ වන විට ජනපති කාර්ය සාධක බලකාය මාධ්‍ය හමුවක් කැදවා තිබෙන අතර එහිදී මේ පිලිබදව ප්‍රකාශ කළා.
නිරෝධායන මධ්‍යස්ථාන වලට ආහාර සැකසීම සඳහා අවශ්‍ය තරම් බිත්තර සැපයීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය එකඟ වී තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම සංගමයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. ඒ අනුව අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී යුද හමුදා සැපයීම් අංශයට බිත්තර පනස්දාහක් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය විසින් පරිත්‍යාග කරන […]
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොරෝනා වෛරසය මර්දනය සඳහා ස්ථාපිත සාක් අරමුදලට ඇමෙරිකානු ඩොලර් පනස් ලක්ෂයක් පරිත්‍යාග කිරීමට ප්‍රතිඥා දී තිබෙනවා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මූලිකත්වයෙන් මාර්තු 15 ඉරිදා පැවති දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංගමය හෙවත් සාර්ක් හවුලේ රාජ්‍ය නායකයන්ගේ වීඩියෝ සම්මන්ත්‍රණයේ දී මෙම අරමුදල ස්ථාපනය කරනු ලැබුවා.