News Line| Off Air
Generic placeholder image

Feb
23

කටුනායක සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් මිය යයි – 16 කට තුවාල

Generic placeholder image

කටුනායක – ඇවරියවත්ත ප්‍රධාන මාර්ගයේ හීනටියන ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඊයේ රාත්‍රී 10.45 ට පමණ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන, විදුලි රැහැන් කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළා. කැබ් රථයේ රියදුරුට නින්දයාම අනතුරට හේතුව බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.


Feb
23

මහ මැතිවරණයෙන් පසු පළාත් සභා මැතිවරණය

Generic placeholder image

ලබන සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල හමුවේදී පළාත් සභා මැතිවරණ පැවැත්වීමට අදාළව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සදහන් කළා. මහ මැතිවරණය පවත්වා මාස දෙකක් වැනි කාලයක් ඇතුළත පළාත් සභා මැතිවරණය පවත්වා, පළාත් සභා බලගැන්වීමට කටයුතු කරන බව මහියංගනය ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින් අමාත්‍යවරයා […]


Feb
22

ශ්‍රී ලංකාවට එක් කඩුල්ලක තියුණු ජයක්

Generic placeholder image

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට එක් කඩුල්ලක තියුණු ජයක් හිමිවුණා. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව මුලින් පන්දුවට පහරදීමේ අවස්ථාව කොදෙව්වන්ට පිරිනැමු අතර තරගය පැවැත්වුනේ කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේයි. ඒ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේ ඔවුන් කඩුලු 7 ක් දැවී ලබාගත් ළකුණු සංඛ්‍යාව 289 ක්. ශායි හෝප් 115 ක් ලබා […]


Feb
22

කොරියාවේ කොරෝනා පැතිරීමත් සමග මෙරට ගුවන්තොටුපල ආරක්ෂණ වැඩපිළිවෙල ශක්තිමත් කරයි

Generic placeholder image

ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදනය වී ඇති බවට සැකකරන පස් දෙනෙකු මේ වනවිට රෝහල් ගතව වෛද්‍ය අධීක්ෂණයට ලක් වනවා. ඉන් 4 දෙනෙකු අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබන අතර, එක් අයෙක් කුරුණෑගල මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා. මේ අතර, කොරියාව තුළ කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරයාමේ තත්ත්වයත් සමග ගුවන්තොටුපලේ ආරක්ෂණ වැඩපිළිවෙල තවත් ශක්තිමත් කිරීමට ක්‍රියා කරන බව […]


Feb
22

ආනයනික ලොකු ළූණු සඳහා උපරිම සිල්ලර මිලක්

Generic placeholder image

ආනයනික ලොකු ළූණු සඳහා රුපියල් 190ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා. පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය මේ බව දැනුම් දෙනු ලැබුවා.


Feb
22

කඩවත පොලිස් කොස්තාපල්ගේ ඝාතනයට සම්බන්ධ බන්ටි අත්අඩංගුවට

Generic placeholder image

කඩවත පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් ඝාතනයට සම්බන්ධ බන්ටි නැමති සැකකරු ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, සිද්ධිය සම්බන්ධයෙන් පළමුව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකුගෙන් ලද තොරතුරු මතයි. අත්අඩංගුවට ගත් බන්ටි නැමැත්තා, මෙම පොලිස් කොස්තාපල්වරයා අනියම් සබඳතාවක් පැවැත්වූ බව කියන කාන්තාවගේ වැඩිමහල් පුත්‍රයා වන අතර ඔහු සමග ඝාතනය සඳහා යොදා ගත් කඩු […]


Feb
22

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල දක්වා ගාස්තු අය කිරීමේ ගැසට් නිවේදනය නිකුත් වෙයි

Generic placeholder image

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල දක්වා ගාස්තු අය කිරීමේ ගැසට් නිවේදනය මාර්ග සහ මහා මාර්ග අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට මත්තල දක්වා වූ කිලෝමීටර් 200යි මීටර් 451ක් දිගැති එම කොටස තුළ රථ වාහන ගමනාගමනය සඳහා ගාස්තු අය කිරීමට හැකි බව සදහන්.


Feb
21

කාන්තා ලෝක කුසලාන තරගයේ පළමු ජය ඉන්දියාවට

Generic placeholder image

20 යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟ මාලාව අද ඕස්ට්‍රේලියාවේදී ආරම්භ වුණා. ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර සිඩ්නිහිදි අද පළමු තරගය පැවැත්වුණා. පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම කඩුළු 10 ක් දැවී ලකුණු 115 ක් රැස්කරගත්තා. ඉන්දියානු කණ්ඩායම කඩුළු 04 ක් දැවී ලකුණු 132 ක් රැස්කරගත්තා. ඒ අනුව විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගයේ […]


Feb
21

චීනයේ බන්ධනාගාර රැඳිවියන් 500කට අධික පිරිසකට කොරෝනා ආසාදනය වෙයි

Generic placeholder image

චීනයේ බන්ධනාගාර රැඳිවියන් 500කට අධික පිරිසකට කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට එරට බලධාරීන් පවසනවා. බන්ධනාගාර 03ක රැඳිවියන් 512 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව සදහන්. හුබෙයි, ෂැංග්ඩොන්ග් සහ ෂේජියෑන්ග් යන ප්‍රදේශවල පිහිටි බන්ධනාගාර 03ක රැඳිවියන්ට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති අතර එය ව්‍යාප්ත වු ආකාරය පිළිබඳ මෙතෙක් තහවුරු කර ගැනීමට […]


Feb
21

පෑලියගොඩ ඇතුළු ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවයි

Generic placeholder image

හදිසි විදුලි බිඳ වැටීමක් හේතුවෙන් කැළණි ගඟ දකුණ ඉවුර ජල ව්‍යාපෘතිය මගින් ජලය බෙදා හරිනු ලබන ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කළා. ඒ අනුව, පෑලියගොඩ, වත්තල, ජා-ඇල, කටුනායක – සීදුව, කැළණිය, බියගම, මහර, දොම්පේ මෙන්ම, ගම්පහ ප්‍රදේශ කිහිපයකට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති. පිලිසකර කිරිම් අවසන් […]


Feb
21

වූහාන් සිට සිය මව් රටට පැමිණි පුද්ගලයින් පිරිසකට ප්‍රහාරයක්

Generic placeholder image

චීනයේ සිට පැමිණි පුද්ගලයන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථ පෙළකට යුක්‍රේනයේ පොල්තවා නගරයේදී ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. අදාළ පිරිස යුක්‍රේනයට ගෙන ඒම පිළිබඳව විරෝධය පල කරමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා. කොවිඩ් නයින්ටීන් වෛරසයේ කේන්ද්‍රස්තානය වන චීනයේ වූහාන් නගරයේ සිරවී සිටි පුද්ගලයන් පිරිසක් මෙලෙස යුක්‍රේනයට ගෙනවිත් ඇති අතර යුක්‍රේන ජාතිකයන් […]


Feb
21

ජාතික ජලසම්පාදන මණ්ඩලයෙන් ජනතාවට නිවේදනයක්

Generic placeholder image

පවතින වියලි කාලගුණය හේතුවෙන් පානිය ජල සැපයුම සිමාකිරීමට සිදු වන බව ජාතික ජලසම්පාදන මණ්ඩලය සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post