දැනුම්දීමකින් තොරව සේවයෙන් ඉවත්ව සිටි ත්‍රිවිද හමුදා සාමාජිකයන් 6272 දෙනෙකු පොදු සමාකාලය ප්‍රකාශයට පත් කර ගෙවුණු දින 6 තුල යලි සේවයට වාර්තා කර තිබෙනවා. නිළධාරින් 13ක් සහ සෙසු නිලයන් 6259ක් ඒ අතර වන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමරත්න මහතා සඳහන් කළා. 72 වන ජාතික නිදහස් දිනයට සමගමීව ප්‍රකාශයට පත් කෙරුනු දින 7ක […]
නව කොරෝන වෛරසයට එරෙහිව චීනය ගෙන යන සටනට සමගාමීව මේ වසරේදී එරට වනජීවීන් ආරක්ෂා කිරිම පිළිබඳ නීතිය සංශෝධනය කිරීමට අවධානය යොමුව තිබෙනවා. එසේම සත්ත්ව වසංගත වැළැක්වීම සඳහා වන නීති සංශෝධනය කිරීම වේගවත් කරන බව ජාතික මහජන කොංග්‍රසයේ (එන්පීසී), ස්ථාවර කමිටුවේ, ව්‍යවස්ථාදායක කටයුතු කොමිෂන් සභාවේ නිලධාරියෙකු වන වැන්ග් රුයිහේ බීජිංහි පැවති මාධ්‍ය හමුවකදී පැවසුවා. වන සතුන් […]
ලොව විශාලතම මල් වෙඩිල්ල අමෙරිකාව විසින් නිෂ්පාදනය කර තිබෙනවා. එය ඉකුත් දා කොලරාඩෝ ප්රාන්තයේදි උඩු ගුවනට මුදා හැර ඇති අතර බරින් කිලෝ ග්‍රෑම් 1,270 ක් වූ එම මල් වෙඩිල්ලේ විශ්කම්භය මීටර් 1.57 ක් බව සදහන්. මීට පෙර ලොව විශාලතම මල් වෙඩි වෙඩිල්ල ලෙස ගිනස් වාර්තා අතරට එක්ව තිබුණේ කිලෝ ග්‍රෑම් 1,087 ක බරින් යුතුව එක්සත් […]
පාර්ලිමේන්තු පක්ෂ නායකයින්ගේ රැස්වීමක් හෙට පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා. ඒ කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්. පාර්ලිමේන්තුවේ ඉදිරි සතිය සම්බන්ධයෙන් වන න්‍යාය පත්‍රය සකස් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතවයි .
මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි රහිත කාලගුණ තත්වයක් පවතින අතර ඒ හේතුවෙන් දිස්ත්‍රික්ක 2 ක පානීය ජල අර්බුදයක් ඇතිව තිබෙන බව වාර්තා වෙනවා. විශේෂයෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 236,556 දෙනෙකුට පානීය ජලය ලබාදීම කටයුතු කර තිබෙනවා. එමෙන්ම වියළි කාලගුණයෙන් පුද්ගලයින් 236,223 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර පවුල් සංඛ්‍යාව 55,763 කි. ඉන් වැඩිම බලපෑම් එල්ල […]
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුවේ විභාගය ලබන 25 වනදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය නියම කළා. කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ මෙම නඩුව කැඳවනු ලැබූ අතර එහිදී විනිසුරුවරයා තීන්දු කළේ මෙම නඩුවේ විභාගය ලබන 25 වන දා ආරම්භ කරන බවයි. එදින සාක්ෂි දීම සඳහා සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ […]
අද උදැසන අවිස්සාවේල්ල සිට කොටුව බලා පැමිණි දුම්රියක් පිලි පැනීමකට ලක්ව තිබෙන අතර මේ හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබෙන බව දුම්රිය පාලක මැදිරිය සදහන් කළා. මේ වන විට දුම්රිය පීලිගත කිරීම ආරම්භ කර ඇති බවත් එය කඩිනමින් යථා තත්වයට පත් කිරීමට පියවර ගන්නා බවයි එම දුම්රිය පාලක මැදිරිය වැඩි දුරටත් සදහන් කලේ.
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පළමු නිල සංචාරයේ අවසන් දිනය අදයි. අද අග්‍රාමාත්‍යවරයා තිරුපති හි සංචාරය කිරිමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා. ඉන් අනතුරුව අගමැතිවරයා ඇතුළු දුත පිරිස යළි දිවයිනට පැමිණිමට නියමිත ඇති අතර මෙම නිල සංචාරයේදී අගමැතිවරයා දේශපාලන, වෙළඳ, සංවර්ධන, ආරක්ෂක, සංස්කෘතික හා සංචාරක ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ද්විපාර්ශවිය අවධානය යොමු වූ බව පැවසෙනවා.
කෑගල්ලේ පැවති ජනහමුවකට එක්වෙමින් අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කලේ දිවයිනේ දුෂ්කර පාසල්වල සේවය කරන සියලුම ගුරුවරුන්ට වැටුපට අමතරව විශේෂ දීමනාවක් ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බවයි. එම නිසා ගුරුවරුන්ට කිසිම පැකිලීමකින් තොරව එම ප්‍රදේශයන් වල පාසල් වල සේවය කරන්නට යාමට හැකි බවයි එතුමා වැඩි දුරටත් සදහන් කලේ.
චීනයෙන් වාර්තා වූ නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට මිය ගිය ගණන දහස ඉක්මවා තිබෙනවා. අසාධිතයින් 42000 කට අධික බවයි එරටින් වාර්තා වන්නේ. එවන් පසුබිමක චීන ජනපති ෂී ජින්පිං ඊයේ බීජිං හි රෝහලක් වෙත ගොස් කොරේනා වෛරසය මැඩපැවැත්වීම සදහා එරට සෞඛ්‍ය අංශ ගෙන ඇති ක්‍රියාමාර්ග පිලිබදව නිරීක්ෂණය කර තිබෙනවා. ජනපතිවරයා එහිදී සදහන් කලේ මෙම […]
මෙරට තිබෙන සියලු ඉඩම් කඩිනමින් මිනුම් ගත කර අවසන් කල යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉඩම් අමාත්‍යංශයේ බලධාරීන්ට උපදෙස් දී ඇති බව වාර්තා වෙනවා. වසර 24 කාලයක් තිස්සේ මෙරට ඉඩම් ඒකක ප්‍රමානයෙන් මිනුම් ගත කර ඇත්තේ 10% ක ප්‍රමාණයක් පමණයි. ජනපතිවරයා වැඩි දුරටත් සදහන් කරන්නේ එපමණ කාලයක් වය නොකර ඉතිරි ඉඩම් එක්ක 90 […]
මාරාන්තික නව කොරොනා වෛරසය අසාදනයෙන් මේ වන විට මිය ගිය පිරිස දහස ඉක්මවා ගොස් තිබෙනවා. විශේෂයෙන්ම ගත වූ පැය 24 තුල පුද්ගල මරණ 103ක් වාර්තා වී තිබෙනවා. වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාවද 42 000 ඉක්මවා ගොස් තිබෙනවා. කෙසේ වෙතත් මේ වන විට වෛරසය ව්‍යාප්ත වන වේගය පාලනය කර තිබෙන බව බලධාරීන් සදහන් කරනවා.