News Line| Off Air
Generic placeholder image

Feb
10

කරන්නාගොඩ අද ජනපති කොමිසම හමුවට

Generic placeholder image

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු නාවික හමුදාවේ නිලධාරින් කිහිපදෙනෙකු දේශපාලන පලිගැනිම් පිළිබඳ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව හමුවේ අද පෙනී සිටීමට නියමිතව තිබෙනවා. ඒ අනුව රියර් අද්මිරාල් ඩී.කේ.පී දසනායක, කොමදෝරු ආර්.පී.එස්. රණසිංහ සහ ලුතිනන් කමාන්ඩර් එච්.එම්.පී.සී. හෙට්ටිආරච්චි යන නිලධාරීන් ජනපති කොමිසම හමුවේ අද පස්වරුවේ පෙනීසිටින බව වාර්තා වෙනවා. එම නිලධාරීන් විසින් දේශපාලන […]


Feb
10

ශ්‍රී ලංකා සංචාරය සදහා කොදෙව් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු දිවයිනට

Generic placeholder image

ශ්‍රී ලංකාවට එරෙහි ක්‍රිකට් සංචාරය සඳහා සහභාගී වන බටහිර ඉන්දිය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයන් අද පස්වරුවේ හා හෙට පැමිණීමට නියමිතයි. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර තරගාවලියට එක්දින තරග 3 ක් හා විස්සයි විස්ස තරග දෙකක් ඇතුලත් වනවා. එක්දින තරගාවලියේ පළමු තරගය ලබන 22 වනදා […]


Feb
10

දුම්රිය අනියම් හා ආදේශක සේවකයින් විරෝධයක

Generic placeholder image

දුම්රිය දෙපාර්තමේන්තුවේ අනියම් හා ආදේශක සේවකයින් කොළඹ කොටුව දුම්රිය ස්ථාන ආසන්නයේ විරෝධතාවක නිරතවෙමින් සිටින බව අප වාර්තා කරුවන් සදහන් කළා. මේ හේතුවෙන් විශාල රථවාහන තදබදයක් ද ඇතිව තිබෙන බවයි පැවසෙන්නේ.


Feb
10

ඔස්කාර් සම්මාන උළෙලේ දී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දකුණු කොරියාවට

Generic placeholder image

ඔස්කාර් සම්මාන උළෙලේ ඉතිහාසය වෙනස් කරමින් ඉංග්‍රීසි භාෂා නොවන චිත්‍රපටයක් මෙවර හොඳම චිත්‍රපටය ලෙසින් සම්මාන හිමිකරගෙන තිබෙනවා. දකුණු කොරියානු චිත්‍රපටයක් වන ‘Parasite’ මෙවර හොඳම චිත්‍රපටය ලෙස සම්මාන හිමිකරගත් අතර එම චිත්‍රපටය ඔස්කාර් සම්මාන 4ක් හිමිකර ගැනීමට සමත්වුණා. ඒ අනුව මෙවර වැඩිම සම්මාන ප්‍රමාණයක් හිමිකරගත්ත් චිත්‍රපටය බවටද එය පත්වුණා.


Feb
10

ඇමති පෞද්ගලික කාර්ය මණ්ඩල නිලධාරීන්ට ජනපතිගෙන් නියෝගයක්

Generic placeholder image

අග්‍රාමාත්‍යවරයාගේ හෝ වෙනත් ඇමතිවරුන්ගේ පෞද්ගලික ලේකම්වරුන්, මහජන සම්බන්ධීකරණ නිලධාරීන් ඇතුළු පුද්ගලික කාර්ය මණ්ඩලයේ කිසිවෙකු විසින් අගමැතිවරයා හෝ අමාත්‍යවරුන් වෙනුවෙන් රජයේ කටයුතු ව්‍යාපෘති හෝ වෙනත් මූල්‍ය ගණුදෙනු සඳහා මැදිහත්වීම වහා නතර කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර තිබෙනවා. ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා විසින් චක්‍රලේඛයක් මඟින් මේ බව සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත දැනුම් දී […]


Feb
10

තායිලන්තයේ සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය පිරිසට අවසන් ගෞරව

Generic placeholder image

තායිලන්තයේ රච්චාසිමා නගරයේදී සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයන් ගණන 29 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර සිදුවීමෙන් මියගිය පුද්ගලයන්ට අවසන් ගෞරව දැක්වීමේ අවස්ථාවක් රච්චාසිමා නගරයේදී පැවැත්වුණා. හමුදා සෙබළෙක් විසින් තායිලන්තයේ රච්චාසිමා නගරයේ සාප්පු සංකීර්ණයක් ඇතුළු ස්ථාන කිහිපයකදී මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා.සිදුවීමෙන් තුවාල ලැබූවන් 57දෙනෙක් තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සඳහන්. වෙඩි තැබීම […]


Feb
10

අගමැති මහින්ද අද බුද්ධගයාව වැඳපුදා ගනී

Generic placeholder image

ඉන්දියාවේ නිල සංචාරයක නිරත වී සිටින අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද බුද්ධගයාව වැඳපුදා ගැනීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා. සිව් දින නිල සංචාරයක නිරත අගමැතිවරයා මෙහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, සහ ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් යන මහත්වරුන් හමුවුණා.


Feb
10

දුම්රිය ප්‍රවේශ පතත් ස්මාර්ට් වෙයි

Generic placeholder image

දුම්රිය මගීන්ගේ පහසුව සදහා දුම්රිය ප්‍රවේශපත් සඳහා පෙරගෙවුම් කාඩ් සහ ඊ-ටිකට්පත් හදුන්වා දීමට රජය තීරණය කර තිබෙනවා. ඒ විශේෂයෙන්ම දුම්රිය ප්‍රවේශ පත් ලබාගැනීමේදී මගීන්ට සිදුවන අපහසුතා මගහැරීමේ අරමුණෙන්. ඒ අනුව මෙම ස්මාර්ට් කාඩ් ක්‍රමය වර්ෂයකට අදාළ කාලයක් සඳහා ප්‍රවේශ පත්‍රයක් මිලට ගැනීමේ හැකියාව ලැබෙනවා.එමෙන්ම ඊ-ටිකට්පත් ක්‍රමය මගින් ඔන්ලයින් ක්‍රමය මගින් කිසිදු දෙස් විදෙස් සියලු මගීන්ට […]


Feb
10

අංගොඩ ලොක්කාගේ සමීපතමයෙක් අල්ලයි

Generic placeholder image

පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත අංගොඩ ලොක්කා නමැති පාතාල නායකයාගේ සමීපතමයෙකු මුල්ලේරියාව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Feb
10

යොවුන් ලෝක කුසලාන පිටිය උණුසුම් කල බංගලියන්ගේ හා ඉන්දියානුවන්ගේ මහත්මා ගුණය (වීඩියෝ සහිතයි)

Generic placeholder image

19න් පහල යොවුන් ලෝක කුසලානය හිමිකරගැනීමට ඊයේ බංගලාදේශ යොවුන් ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. ඒ ප්‍රබල ඉන්දීය යොවුන් ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත් කරමින්. බංගලාදේශය ක්‍රිකට් ඉතිහාසය පුරාවට ලෝක කුසලානයක් හිමිකරගත් පළමු අවස්ථාව මෙය වූ අතර විශේෂයෙන්ම මිට පෙර පැවැති යොවුන් ලෝක කුසලාන තරගාවලි හතරේම ශුරතාවය හිමි කර ගැනීමට සමත් වුයේ මෙවර බංගලාදේශය යොවුන් කණ්ඩායම පරාජය කල […]


Feb
10

එජාපයයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද

Generic placeholder image

ඉදිරි මහ මැතිවරණය පිලිබදව විශේෂ සාකච්ඡාවක් පැවැත්වීම සදහා අද එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අද සවස 4.00 ටයි. මෙහිදී විශේෂයෙන්ම මහමැතිවරණයට තරග වදින නව සන්ධානයේ නම සහ ලකුණ පිළිබඳ අද දිනයේ අවසන් තීරණයකට එළඹීමට නියමිතව ඇති බවයි පැවසෙන්නේ.


Feb
10

යොවුන් ලෝක කුසලානයේ පහස විදිමින් බංගලියන් ක්‍රිකට් ඉතිහාසය අලුත් කරයි

Generic placeholder image

19 න් පහල ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟය ජය බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම විසින් හිමි කර ගැනීමට සමත් වුණා. ඒ ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ඉන්දීය කණ්ඩායම කඩුලු 03කින් පරාජය කරමින්. කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ 19 න් පහල කණ්ඩායම ඉන්දියාවට පන්දුවට පහරදීමේ ආරාධනා කල අතර ඒ අනුව ඉන්දීය කණ්ඩායම පන්දු වාර 47යි පන්දු […]


News Articles
Latest Videos
Most Popular Post