News Line| Off Air
Generic placeholder image

Feb
7

රන්ජන් අධිකරණයට

Generic placeholder image

අධිකරණ කටයුතුවලට මැදිහත්වීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬ පරීක්ෂාවක් අද සිදුකෙරුණා. ඒ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයකට අනුවයි. අධිකරණ කටයුතුවලට මැදිහත්වීමේ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පසුගිය 29 වනදා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ පෙබරවාරි මස 07 වනදා ඔහුව හඬ […]


Feb
7

රට බීම බෝතල් 252ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

Generic placeholder image

රට බීම බෝතල් 252ක් සමග සැකකරුවන් දෙදෙනෙකු ඊයේ දින (06) මීගමුවේ හා කොට්ටාවේ දී සිදු කරනු ලැබු වැටලීම්වලදී අත්අඩංගුවට ගැනීමට කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය සමත්ව තිබෙනවා. උපාය දූතයන් යොදවා විවාහ උත්සවයකට ඇනවුම් කරන අයුරින් මෙම රට බීම බෝතල් අත්අඩංගුවට ගත් බව සදහන්. සැකකරුවන් අවුරුදු 57 හා 53 වන වයසේ පසුවනවා. රටබීම බෝතල් 12 බැගින් […]


Feb
7

ජනාධිපතිට ආනන්දයීයන්ගෙන් උපහාර

Generic placeholder image

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට උපහාර පිදීමේ උළෙලක් අද පෙරවරුවේ ආනන්ද විද්‍යාලය විසින් සංවිධානය කර තිබුණා. ආනන්ද විද්‍යාලය විසින් බිහිකරන ලද පළමු ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මහතා වන අතර උපහාර පිදීමේ උළෙලට ජනාධිපතිවරයා පිළිගැනීම ආදී ආනන්දයීයන් වන කතානායක කරූ ජයසූරිය මහතා, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. මිට සමගාමිව ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්වරයාව සිටියදී මුල්ගල් […]


Feb
7

විදුලි කප්පාදු කිරීමේ විමර්ශන වාර්තාව ලබන අගහරුවාදාට පෙර ඉල්ලයි

Generic placeholder image

පූර්ව දැනුම්දීමකින් තොරව පසුගිය 3 වනදා දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට විදුලිය කප්පාදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විශේෂ විමර්ශණයේ වාර්තාව ලබන අගහරුවාදාට පෙර දෙන්නැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනුම් දී තිබෙනවා. විදුලි කප්පාදුවක් කිරීමට හේතු වූ සියලුම කරුණු සහ එය වළක්වා ගැනීමට නොහැකිවූ හේතු සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් දෙන ලෙස විමර්ශණය සඳහා පත් කර ඇති […]


Feb
7

වූහාන් නගරයේ සිරවී සිටින සුරතල් සතුන් මුදාගැනීමේ මෙහෙයුමක්

Generic placeholder image

කොරෝනා වෛරසය හේතුවෙන් හුදෙකලා නගරයක් බවට පත්ව ඇති චීනයේ වූහාන් නගරයේ සිරවී සිටින සුරතල් සතුන් මුදාගැනීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. එම සතුන්ට ආහාර සහ ජලය ලබාදීමටත් මෙහිදී පියවර ගත් බව සදහන්. මාරාන්තික නව කොරෝනා වෛරසය පැතිර යන චීනයේ වූහාන් නගරය හුදෙකලා නගරයක් බවට පත්කර මේ වන විට දින ගණනාවක් ගතවී ඇති අතර පුද්ගලයන් බොහෝ පිරිසක් […]


Feb
7

අද විශේෂ පක්ෂ නායක රැස්වීමක්

Generic placeholder image

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (07) පස්වරු 02.00ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව කථානායක කාර්යායලය සඳහන් කළා. එහිදී රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා භාරදී ඇති දුරකථන සංවාද හඬපට ඇතුළත් සී.ඩී පටය මන්ත්‍රිවරුන්ට ලබාදීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බව සඳහන්. මීට අමතරව පාර්ලිමේන්තුවේ ඉදිරි සභාවාර පැවැත්වීම සම්බන්ධයෙන් ද පක්ෂ නායක රැස්වීමේදී අවධානය යොමුකිරීමට නියමිත බව […]


Feb
7

කොරෝනා වෛරසයෙන් පීඩාවට පත්වූ චීන ජාතිකයන්ට ශ්‍රී ලංකාවෙන් බ්ලැක් ටී පරිත්‍යාගයක්

Generic placeholder image

කොරෝනා වෛරසයෙන් පීඩාවට පත්වූ චීන ජාතිකයන් වෙනුවෙන් ලෝ ප්‍රකට සිලෝන් කලු තේ (Black tea) තොගයක් පරිත්‍යාග කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකවේ චීන තානාපති චෙංග් ෂියුආන් මහතා හා ජනපති අතර ඊයේ (06) ජනපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී මෙම තේ තොගය පරිත්‍යාග කරනු ලැබුවා. දුෂ්කර අවස්ථාවේදි චීන රජයට හා ජනතාවට ශ්‍රි ලංකා […]


Feb
7

හුණුපිටිය ගංගාරාම නවම් මහා පෙරහර මංගල්‍යය අද සහ හෙට

Generic placeholder image

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර මංගල්‍යය අද සහ හෙට වීදි සංචාරය කිරීම සදහා සියලූ කටයුතු සූදානම් කර තිබෙනවා. කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති කොළඹ නවකෝරළයේ ප‍්‍රධාන සංඝනායක ගලබොඩ ශී‍්‍ර ඥානේස්වර නාහිමියන්ගේ අනුශාසනය පරිදි මෙවර පෙරහර සංවිධානය වන්නේ 42 වන වරටයි. සැරියුත් මුගලක් මහ රහතන් වහන්සේලාගේ අගසව් පදවි සම්ප‍්‍රාප්තියත් තුණුරුවන් උදෙසා පවත්වන පූජෝපහාරයක් ලෙසත් පෙරහර මංගල්‍යය […]


Feb
7

රන්මිණිතැන්න ටෙලි සිනමා උද්‍යානයේ සභාපතිධූරය රවීන්ද්‍ර රණ්දෙණියට

Generic placeholder image

ප්‍රවීන රංගන ශිල්පී රවීන්ද්‍ර රණ්දෙණිය මහතා රන්මිණිතැන්න, මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානයේ සභාපති ලෙස පත්කර තිබෙනවා. උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන හා තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මෙම පත්කිරීම සිදු කෙරුණා.


Feb
7

මහ වැසි ඇද හැලී ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි නිවේ

Generic placeholder image

පසුගියදා ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි ප්‍රාන්ත කිහිපයකට දැඩි බලපෑම් එල්ල කිරීමට සමත් වුණා. මෙම ලැව් ගිනි නිසාවෙන් මිනිස් ජිවිත හා වන සතුන් විශාල ප්‍රමාණයක් මිය ගියා. කෙසේ වෙතත් මේ වන විට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරය ඇතුළු ප්‍රාන්ත දෙකක ඇතැම් ප්‍රදේශවලට ධාරාණිපාත වැසි ඇඳහැලෙමින් තිබෙන බව වාර්තා වෙනවා. එමෙන්ම වර්ෂාවත් සමඟ සිඩ්නි ඇතුළු නගර කිහිපයකට ගංවතුර අවධානමක්ද මතුව […]


Feb
7

තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් වසන්ත කරන්නාගොඩට 3 වන වරටත් සිතාසි

Generic placeholder image

2008/2009 කාලසීමාවේදී කොළඹදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධියට අදාළව හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට නඩුව අද කැඳවූ අවස්ථාවේදී 3 වන වරටත් සිතාසි නිකුත් කර තිබෙනවා. විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩුව අද කැඳවූ අතර හිටපු නාවික හමුදාපතිවරයා අද දිනයේදීත් අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ. වත්මන් නාවික හමුදාපතිවරයා සහ පොලිස්පතිවරයා හරහා […]


Feb
7

අගමැති අද පළමු නිල සංචාරය සදහා ඉන්දියාවට

Generic placeholder image

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය පළමු විදෙස් නිළ සංචාරය ලෙස අද පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි. අග‍්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සදහන් කළේ මහින්ද රාජපක්ෂ මහතා ලබන 10 වනදා දක්වා ඉන්දියාවේ රැදී සිටින බවයි. ඉන්දීය අග‍්‍රාමා්‍යත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම සංචාරයේ නිරත වනවා.සංචාරය තුළ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා […]


News Articles
Latest Videos
Most Popular Post