සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වනවිට කරච්චිහිදී පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායම පළමුව පන්දුවට පහරදුන් අතර පාකිස්ථාන පළමු ඉනිම ලකුණු 191 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්ව වුණා. අද දිනය නිමා වන විට පන්දුවට පහර දෙන ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු […]
ව්‍යවස්ථාව කඩකරමින් කටයුතු කළ පාකිස්ථානයේ හිටපු ජනාධිපති ජනරාල් ෆර්වේස් මුෂාරෆ්ට පනවා තිබෙන මරණ දඩුවමට පෙර යම් හෙයකින් ඔහු මියගිය හොත්, ඔහුගේ සිරුර රැගෙනවිත් දින තුනක් පාර්ලිමේන්තුව ඉදිරියේ එල්ලා තබන්නැයි එරට විශේෂ මහාධිකරණය අද නියෝග කර තිබෙනවා. 2007 වර්ෂයේදී හමුදා කුමන්ත්රණයකින් පාලන බලය අල්ලා ගනු ලැබූ ජනරාල් ෆර්වේස් මුෂාරෆ් පකිස්ථාන ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පසුගියදා […]
සම්බා සහ නාඩු සහල් කිලෝග්‍රෑම් 1ක් සඳහා රුපියල් 98ක උපරිම සිල්ලර මිලක් නියම කර ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අමෙරිකා-මෙක්සිකෝ දේශ සීමාවේ පැවති නත්තල් සාදයක් පිළිබඳව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබෙනවා. මධ්‍යම අමෙරිකානු සංක්‍රමණිකයන් රැසක් ඊට එක්වී සිටි අතර අමෙරිකා – මෙක්සිකෝ දේශ සීමාවෙන් වෙන් වී සිටින පවුල්වල සාමාජිකයන් ඒකරාශී කිරීමේ අරමුණින් දේශ සීමාව ආසන්නයේදී මෙම නත්තල් සාදය පවත්වා ඇති බව සදහන්. මධ්‍යම අමෙරිකානු සංක්‍රමණිකයන් බොහෝ පිරිසක් සාදයට සහභාගීවී සිටි බව විදෙස් වාර්තා […]
දෙමටගොඩ – මරදාන අතර දුම්රිය ඉන්ජිමක් පීලිපැනීමෙන් දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතිබව දුම්රිය පාලක මැදිරිය සදහන් කළා.
මෙරට තහනම් ත්‍රස්ත සංවිධානයක් වන ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමඟ අවි පුහුණුව ලැබූ චෝදනාව මත අත්අඩංගුවට ගත් 64 දෙනෙකු මේ මස 31 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, සැකකරුවන් අද මඩකලපුව මහාධිකරණ විනිසුරු ඒ.සී. රිස්වාන් හමුවට ඉදිරිපත්කිරීමෙන් අනතුරුවයි. නුවරඑළියේ පිහිටි ජාතික තවුහිද් ජමාත් මූලස්ථානයේ පුහුණුව ලබා ඇති මොවුන් මඩකලපුව – […]
වෙළෙඳපොළේ පවතින එළවළු මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළයාම එළැඹෙන ජනවාරි මාසය දක්වා පවතිනු ඇතැයි තොග සහ සිල්ලර වෙළෙඳුන් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ පසුගිය මාසයේ අධික වර්ෂාව හේතුවෙන් සිදු වූ අස්වනු විනාශය වෙළෙඳපොළේ එළවළු හිඟයක් නිර්මාණයට හේතු වූ බවයි. වෙළෙඳපොළේ එළවළු මිල ගණන් වල ශීඝ්‍ර වැඩිවීමක් පවතින බවට පාරිභෝගික ජනතාව දින කිහිපයක සිටම මෙලෙස මැසිවිලි නගයි. කොළඹ […]
2020 වන වසරට යෙදෙන 72 වන ජාතික දින උළෙල මෙවර කොළඹ 07, නිදහස් චතුරස්රයේ දී පැවැත් වීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබෙනවා.
ලැව් ගිනි සමඟ හටගත් උෂ්ණාධික කාලගුණික තත්ත්වය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වෙල්ස් ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙන බව විදෙස් වාර්තා සඳහන් කරනවා. එම ප්‍රාන්තයේ පමණක් මේ වන විට ලැව් ගිනි 100ක පමණ සංඛ්‍යාවක් හටගෙන ඇති බව සඳහන් වෙනවා. ඒ අනුව පවතින අවදානම් තත්ත්වය හමුවේ නිව් සවුත්වෙල්ස් ප්‍රාන්තයට දින 07ක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට […]
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබන 24 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ ඔහු අද අලුත්කඩේ අංක 04 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පාලනය වන මස්කෙළිය ප්‍රාදේශිය රෝහලට වෛද්‍යවරුන් සහ හෙදියන් ලබා දෙන ලෙස බල කරමින් මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 5 දෙනෙකු අද දින උදෑසන සිට රෝහල ඉදිරිපිට සත්‍යග්‍රහයක නියැලී සිටින බව අප වාර්තාකරු සඳහන් කළා. දමිළ ප්‍රගිතිශිලි සන්ධානය නියෝජනය කරන කඳුරට ජනතා පෙරමුණ, කම්කරු ජාතික පෙරමුණ සහ ජාතික කම්කරු සංගමය […]
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් MCC ගිවිසුමට අදාළ කටයුතු අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ, එම ගිවිසුම පිළිබඳ අධ්‍යයනයට සිව්දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කළ බවයි.