අඛණ්ඩව ගුණාත්මක බවින් ඉහළ ඉන්ධන මහජනතාව වෙත ලබාදීමට වග බලාගත යුතු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවිර මහතා ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදුකරනු ලබන කටයුතු සමාලෝචනය කිරීමේ රැස්වීමක් ඊයේ (12) ඛනිජ තෙල් අමාත්‍යාංශයේදී පැවති අතර ඊට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා. ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සැපයුම කාර්යක්ෂමව සහ එහි […]
මෙවර නත්තල වෙනුවෙන් අමෙරිකාවේ වොෂින්ටන් නුවර අයිස් යොදාගෙන වංකගිරියකට සමාන ගුහාවක් නිර්මාණය කර තිබෙනවා. මෙය නුදුරේදීම ජනතාවට විවෘත වන බව විදෙස් වාර්තා සඳහන් කළා. මෙලෙස අයිස් කුට්ටි භාවිත කරමින් නිර්මාණය කරනු ලැබූ වංකගිරියකට සමාන ගුහාව කාගෙත් අවධානය දිනාගෙන තිබෙනවා. උසින් අඩි 7ක් පමණ වන මෙම නිර්මාණය සදහා විශාල පිරිසකගේ දායකත්වය හිමිව ඇති බව සදහන්. නිර්මාණය […]
ද වොන්ඩර් වුමන් 02 (The Wonder Woman 02) චිත්‍රපටයේ පළමු ට්‍රේලරය දෙසැම්බර් 8 වන දින එළිදැක්වුණා. මෙම චිත්‍රපටය 2020 ජුනි 5 වන දින නිකුත් කිරීමට නියමිතයි.
කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ව ඊයේ (12) දිනයේදී හොරණ, කෝරළේඉම, මොරගහහේන ඇතුළු නගර කිහිපයක වෙළඳසැල් සහ ආපනශාලා හදිසි පරික්ෂාවකට ලක්කළා. උත්සව සමය ඉලක්ක කරගනිමින් පාරිභෝගික ජනතාවට අපිරිසිදු ආහාර පාන අලෙවිකරණ වෙළෙඳුන් සොයා මෙම පරික්ෂාව සිදුකර තිබෙනවා. මෙම පරික්ෂාවේදී පරිභෝජනයට නුසුදුසු ආහාර පාන අලෙවිකළ, අපිරිසිදු ලෙස ආහාර පාන පිළියෙළ කළ සහ ගබඩාකල […]
කෘත්‍යාධිකාරී මණ්ඩලය එළැඹෙන 20 වැනිදාට පෙර කැඳවන්නැයි ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 26 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දී තිබෙනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද එම ලිපිය භාර දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී.පෙරේරා කියා සිටියා.
හිටපු අමාත්‍යවරයෙක් මෙන්ම හිටපු ආණ්ඩුකාරවරයෙක්ද වන රෝහිත බෝගොල්ලාගම මහතාට එරෙහිව අල්ලස් කොමිසම පනවා තිබූ නඩුවෙන් ඔහු නිදහස් කර තිබෙනවා. ඔහු නිදහස් කිරිමට අදාළ නියෝගය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද නියෝග කළා. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස සිටිමින් එම ධූරය අයුතු ලෙස භාවිත කර බ්‍රිතාන්‍ය ලන්ඩන් නුවර පැවති හමුවකට සහභාගී වීමේදී සිදුවුණා යැයි […]
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තුන්වන දිනය සඳහා අද (13) තරග ආරම්භය මේ වන තෙක් ප්‍රමාද වී තිබේ. ඒ පාකිස්තානයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන්. ඊයේ (12) දිනය සඳහා තරඟය නතර කරන විට පළමු පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩයම කඩුලු 6ක් දැවී ලකුණු 263ක් රැස් කර ගෙන […]
හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා විසින් පොලිස් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. 2017 වසරේදී නෙවිල් ප‍්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්නා බවට කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කර කැබිනට් මණ්ඩලය ද නොමග යවා එම පෞද්ගලික රෝහල වසරකට රුපියල් ලක්‍ෂ 30,000කට අධික රජයේ මුදලක් වැය කරමින් නඩත්තු […]
රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සොයිසා මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වු මන්ත්‍රි ධුරය සඳහා වරුණ ප්‍රියන්ත ලියනගේ මහතාගේ නම ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව විසින් අදාල ගැසට් නිවේදනය ඊයේ රාත්‍රි නිකුත් කර ඇති අතර රංජිත් සොයිසා මහතාගේ අභාවය හේතුවෙන් අටවන පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බවට […]
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ හා ඒ යටතේ පවතින ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරින් අතර හමුවක් ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා. ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඇතුළු ආයතන නියෝජනය කරමින් නියෝජිතයන් මෙම හමුවට එක්ව සිටි අතර එම ආයතනවල පැන නැගී ඇති ගැටලු සහ ඒවාට ලබාදිය හැකි කඩිනම් විසඳුම් පිළිබද […]
ඇමරිකානු එක්සත් ජනපදය සමඟ ඉකුත් රජය විසින් අත්සන් කිරීමට සූදානම් වූ Millennium Challenge Corporation වැඩපිළිවෙළ යටතේ ගිවිසුම් පිළිබඳව නැවත සමාලෝචනයක් සිදු කිරීමට රජය තීරණය කර ඇති බවත් එතෙක් අදාළ ගිවිසුම්වලට එළඹීමට රජය කිසිදු පියවරක් නොගන්නා බවත් නීතිපතිවරයා අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා. Millennium Challenge වැඩපිළිවෙළ යටතේ ගිවිසුම්වලට එළඹීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා […]
බ්‍රිතාන්‍ය මහමැතිවරණයේ ජය තහවුරු කර ගැනීමට අගමැති බොරිස් ජොන්සන් ප්‍රමුඛ පාලක කන්සර්වේටිව් පක්ෂය සමත් වී තිබෙනවා.