දාහත් හැවිරිදි තරුණයෙකු පිහියෙන් ඇන මරා දැමීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවන් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මරණීය දණ්ඩනය නියම කළ අතර ඒ අනුව කොටහේන ප්‍රදේශයේ පදිංචි ගුරුසාමි මිල්ටන් සහ කළුතන්ත්‍රිගේ රුවන් හෙවත් ආජා නමැති විත්තිකරුවන් දෙදෙනාට මෙසේ මරණීය දණ්ඩනය නියම වී තිබෙනවා. මෙහි ගුරුසාමි මිල්ටන් නැමති විත්තිකරු මේ වනවිට අධිකරණය මග හැර […]
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය අදයි. ඊයේ (11) දිනයේ තරඟය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රිඩා කරමින් සිටි ශ්‍රි ලංකා කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණූ 202ක් ලබා සිටියි.
Z-Score ක්‍රමවේදය අනුව රජයේ විශ්වවිද්‍යාල සඳහා සිසුන් තෝරා ගැනීමට දැනට භාවිතා කරනු ලබන දිස්ත්‍රික් පදනම වෙනුවට පාසල් පදනම් කර ගත් නව විද්‍යාත්මක ක්‍රමවේදයක් හඳුන්වා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
උඩරට සහ පහතරට එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇතැයි දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව ලික්ස්, කැරට්, බීට්, බෝංචි ඇතුළු උඩරට එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇත්තේ 60% කින් පමණය. බණ්ඩක්කා, මෑකරල්, කරවිල, පතොල, බටු ඇතුළු පහතරට එළවළු මිල 100 කින් ඉහළ ගොස් තිබෙන අතර එලෙස මිල ඉහළ යාමට හේතුවී ඇත්තේ පවතින කාලගුණික තත්ත්වයත් […]
බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය යටතේ ඊයේ දින පැවති තරගයේදී Comilla Warriors කණ්ඩායමේ නායකත්වය දැරූ ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු දසුන් ශානක පන්දු 31 තුලදී නොදැවී ලකුණු 75ක් ලබා ගැනීමට සමත්කම් දැක්වූවා. එහිදී ඔහු විසින් හයේ පහර 9යක් එල්ල කල අතර ඔහුගේ ඉනිමට ඇතුලත් වූ හතරේ පහර ගණන තුනක්. 18වෙනි පන්දුවාරයේදී පන්දු 4ක් තුල පිට පිට හයේ […]
අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන් වෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඇතැම් විභාග මධ්‍යස්ථානවලට අද විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බවත් අද විභාගය අවසන්වීමෙන් අනතුරුව සමකාමීව විසිර යන ලෙස විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සිසුන්ට දැනුම් දෙයි. ඒ අනුව විභාග මධ්‍යස්ථානයේදී හෝ පරිශ්‍රයේදී කලහාකාරිව හැසිරීම, අනෙක් සිසුන්ට බාධාවන ලෙස හැසිරීම සහ […]
ස්ව්ට්සර්ලන්ත තානාපති කාර්යාලයේ දේශිය නිලධාරිනිය සම්බන්ධයෙන් මේ වන විට සිදු කර ඇති පරික්ෂණවල වාර්තා පිළිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (12) දිනයේ අධිකරණයට කරුණූ ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙනවා. පසුගියදා පැහැරගැනිමට ලක්වූ බව කියන අදාල නිලධාරිනිය සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අවස්ථා තුනකදී සාක්ෂි සටහන් කර ගැනිම සිදු කරනු ලැබුවා. එම සාක්ෂි සටහන් […]
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ නිදහස් පක්ෂ මුලස්ථානයේදී පැවති ආසන සංවිධායකවරුන්ගේ ප්‍රගති සමාලෝචන හමුවේදී මෛත්‍රීපාල සිරිසේන අදහස් දක්වමින් සදහන් කලේ ඉදිරි මහ මැතිවරණයේදී හැකි උපරිමයෙන් නව රජයට තුනෙන් දෙකේ බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීමට සිය පක්ෂයේ සහයෝගය ලබා දෙන බවයි. විශේෂයෙන්ම නව රජයට රට සංවර්ධනය කිරිමටත්, සෞභාග්‍යමත් රටක් ගොඩනැගිමට ආණ්ඩුව ශක්තිමත් කිරීමට කැපවෙන බවයි […]
නව රජය බලයට පත් වීමෙන් අනතුරුව කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදැසන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද පළමුවරට රැස්වීමට නියමිත බව වාර්තා වෙනවා. මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිල බලයෙන් කතානායකවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂනායකවරයා තේරී පත්ව සිටින අතර කෙසේ වෙතත් අද දිනයේ රැස්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට විපක්ෂනායකවරයා ලෙස නම් කර ඇති සජිත් ප්‍රේමදාස මහතාට එම සඳහා […]
දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩකයින් ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණ තිබෙනවා. ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 4182 දරන ගුවන් යානයෙන්. දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් 40 ක් රිදී පදක්කම් 83 ක් සහ ලෝකඩ පදක්කම් 128 ක් සමගින් ලබාගත් පදක්කම් 251 ලබා ගැනීමට මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුණා. මෙම […]
දිවයින පුරා අදත් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව දිවයිනේ සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම නැගෙනහිර පළාත් වලත් සවස් කාලයේ මි.මී. 75 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කල හැකි බවත් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය […]
ඩෙංගු රෝගය මර්දනය කිරීමේ නව ක්‍රමවේදයක් හදුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. “වොල්බැකියා“ නම් බැක්ටීරියාවක් ඒ සඳහා යොදා ගැනීමට සැලසුම් කර ඇති බව එම ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සදහන් කලා. ඒ අනුව ලබන පෙබරවාරි මාසයේ දී නියමු ව්‍යාපෘතියක්ලෙස එම කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. මෙම ක්‍රමවේදය ලෝකයේ රටවල් කිහිපයක ද සාර්ථක ලෙස […]