ලොව විශාලතම වැසි වනාන්තරය වන තම රටට සියයට 60 ක් අයත් වන ඇමේසන් වනාන්තරයේ පසුගියදා ඇතිවූ මහා ලැව්ගිනි, ලෝක වනසත්ව අරමුදල මගින් ප්‍රචාරක වීඩියෝ පටයක් සඳහා අවුළුවා ඇති බවට බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සනාරෝ චෝදනා කර තිබෙනවා. එමඟින් ආධාර එක්රැස් කිරීමට වනසත්ව අරමුදල පෙළඹී ඇති බවත්, ඒ සඳහා පරිසර හිතකාමී හොලිවුඞ් නළු ලියනාඩෝ ඩි කැප්රියෝ ඩොලර් […]
බදුල්ල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ මීගහකිවුල ප්‍රදේශයේදී අද උදෑසන මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනය වී නවතා තිබූ ත්‍රි රෝද රථ තුනක සහ යතුරු පැදියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් මෝටර් රථයට, ත්‍රි රෝද රථ තුනට සහ යතුරුපැදියට දැඩි හානි සිදුව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ එහි කිසිවකුත් නොසිටී බව පොලිසිය පැවසුවා. කන්දකැටිය පොලිසිය අනතුර සම්බන්ධයෙන් […]
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවී තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා සිය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ආරක්ෂක ලේකම්වරයා නිළ වශයෙන් මුණගැසුණු පළමු අවස්ථාව මෙය වන අතර ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී මෙම හමුව සිදුව තිබෙනවා. එහිදී ආරක්ෂක ලේකම්වරයා විසින් අග්‍රාමාත්‍යවරයාට සමරු තිළිණයක් ද ප්‍රදානය කරනු ලැබුවා. මේ අතර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර […]
දුම්රිය ධාවනය සඳහා ජී.පී.එස් තාක්ෂණය ලබා ගැනීමට දුම්රිය සේවා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. දුම්රිය ධාවනය කාර්යක්ෂම කිරීමට හා ආරක්ෂිත සේවයක් ලබාදීමේ අරමුණින් මෙම පියවරට එළඹෙන බව දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක කියා සිටියා.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 1න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. උතුර, වයඹ, සබරගමුව, බස්නාහිර, මධ්‍යම පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය, අනුරාධපුරය යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ත්, 150ත් අතර තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම දකුණ, ඌව පළාත්වල මෙන්ම මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ද […]
වර්ෂාවත් සමඟ කොළඹ කොටුව සහ පිටකොටුව අවට මාර්ග වැඩ දැඩි රථවාහන තද බදයකට ලක්ව තිබෙනවා.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ලබන 24 වනදා සිට අදියර 02ක් යටතේ සිදුකෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. පළමු අදියර දෙසැම්බර් මස 24 වනදා සිට ලබන වසරේ ජනවාරි 02 වනදා දක්වා සහ දෙවන අදියර ජනවාරි 17 වනදා සිට 26 වනදා දක්වා සිදුකෙරෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. පාසැල් 84ක ස්ථාපිත […]
සාප්පු සවාරි සඳහා ප්‍රසිද්ධියක් උසුලන කළු සිකුරාදා දිනය අදට යෙදී තිබෙනවා. තමන්ට අවශ්‍ය සියලු බඩු භාණ්ඩ මිල දී ගැනීමට කළු සිකුරාදා දිනය එනතෙක් පාරිභෝගිකයන් මඟ බලමින් සිටින බව විදෙස් වාර්තා සදහන් කළා. සෑම වසරකම අමෙරිකාවේ තෑන්ක්ස් ගිවින් (Thanksgiving) උත්සවය සමරන නොවැම්බර් මස 4 වැනි බ්‍රහස්පතින්දාට පසු දිනය කළු සිකුරාදා ලෙස හැඳින්වෙනවා. ඒ අමෙරිකා එක්සත් ජනපදය […]
දිවයින පුරා පවතින වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් හෙට දිනයේ සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. ඒ අනුව, බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ත්, 150 ත් අතර, පමණ තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා […]
දෙසැම්බර් මස 01 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රියන් තුල සිගමන් යැදීම සම්පුර්ණයෙන්ම තහනම් බව දුම්රිය සේවා අමාත්‍යාංශය නිවේදනය කළා. එලෙස දුම්රිය තුල සිගමන් යදින පුද්ගලයින්ට එරෙහිව දැඩි දඬුවම් පමුණුවන බවද දුම්රිය සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් පැවසුවා.
ජනාධිපති ලේකම් කාර්යයාලයේ සංකල්පයක් මත දිවයින පුරා ක්‍රියාත්මක කරන ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනට සමගාමීව කාසල්රි ජලාශයට රෝ මත්ස්‍යය පැටවුන් දෙලක්ෂ අසුදහසක් අද මුදා හරිනු ලැබුවා. නුවරඑලිය දිස්ත්‍රික්කය තුල ප්‍රෝටින් මන්දපෝෂණ තත්ත්වය අවමකිරීම, මිරිදිය මත්ස්‍යය අස්වැන්න සුලභ කිරිම සහ පරිභෝජනය ඉහල දැමිම යන අරමුණින් සිදු කරන මෙම ව්‍යපෘතිය සඳහා ජනාධිපති ලෙක්ම් කාර්යයාලය මඟින් නුවරඑලිය ජාතික ජලජිවි […]
පසුගියදා බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා සහ නික් ජොනාස් ගේ පලමු විවාහ සංවත්සරය සමරනු ලැබුවා. ඒ වෙනුවෙන් නික් ගෙන් ප්‍රියංකාට අපූරු තෑග්ගක් ලැබී තිබෙනවා. ඒ සුරතල් බලු පැටියෙක්. ඩියානා ලෙස නම තබා ඇති මේ බලු පැටියා සමඟ ප්‍රියංකා වැඩිපුර කාලය ගත කරන බව ඉන්දිය මාධ්‍ය සඳහන් කළා.