News Line| Off Air
Generic placeholder image

Nov
28

වසීම් තාජුදීන් ඝාතනය සම්බන්දයෙන් හෙළිදරව්වක්

Generic placeholder image

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ යටපත් කිරීම සඳහා රාජපක්ෂවරුන් බලපෑම් කළ බවට අසත්‍ය සාක්ෂි ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු නිලධාරීන් පිරිසක් තමන්ට බලපෑම් කළ බව නාරහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති හිටපු පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරා මහතා පවසනවා. සත්‍ය ගවේෂකයෝ සංවිධානය අද කොළඹදී කැඳවා තිබූ […]


Nov
28

මාලදිවයින් හිටපු ජනපතිට වසර 5 ක සිරදඬුවමක්

Generic placeholder image

මාලදිවයින් හිටපු ජනාධිපති අබ්දුල්ලා යාමීන්ට එරෙහිව එරට අධිකරණයක් මගින් වසර 5 ක සිරදඬුවමක් නියම කර තිබෙනවා. ඒ ඔහුට එරෙහි මුදල් විශුද්ධිකරණ චෝදනාවකට වරදකරු වීම හේතුවෙන්. සිර දඬුවමට අමතරව ඔහුට අමෙරිකානු ඩොලර් මිලියන 5 ක දඩයක් ද නියම කර ඇති බව විදෙස් වාර්තා සදහන් කළා.


Nov
28

පළමු විදෙස් නිල සංචාරයේ යෙදුණු ජනපති ඉන්දියාවට ළඟාවෙයි

Generic placeholder image

රාජ්‍ය සංචාරයක් සඳහා පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට ළගාවී තිඛෙනවා. එරට අමාත්‍ය වී කේ සිං මහතා විසින් ජනාධිපතිතුමාව උණුසුම් ලෙස පිලිගනු ලැබුවා. අමාත්‍යවරුන් හෝ කිසිදු දේශපාලනඥයෙකු මෙම සංචාරයට එක් නොවීම විශේෂත්වයක්. හෙට දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ඉන්දීය ජනාධිපති මන්දිරය වන රාෂ්ඨපති භවන්හිදී විශේෂ පිළිගැනීමේ උත්සවයක් පැවැත්වීමට නියමිත අතර ජනාධිපතිවරයා ඉන්දීය […]


Nov
28

නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙසට දිවුරුම් දුන් තුන්දෙනෙකු රාජ්‍ය ඇමතිවරුන් ලෙසට දිවුරුම් දෙයි

Generic placeholder image

ඊයේ දිනයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙසට දිවුරුම් දුන් තුන්දෙනෙකු අද දිනයේ රාජ්‍ය ඇමතිවරුන් ලෙසට දිවුරුම් දී තිබෙනවා. ඒ අනුව කංචන විජේසේකර තේ කර්මාන්ත සංවර්ධන රාජ්‍ය ඇමති ලෙස සහ ඉන්දික අනුරුද්ධ නිවාස පහසුකම් සංවර්ධන රාජ්‍ය ඇමති ලෙසට දිවුරුම් දෙනු ලැබුවා. නිමල් ලන්සා ප්‍රජා සවිබල ගැන්වීමේ රාජ්‍ය ඇමති ලෙසට දිවුරුම් දී තිබෙනවා.


Nov
28

ආදායම මත උපරිම බදු ප්‍රතිශතය අඩු කෙරේ – බැංකු ගිණුම් පොලිය මත අය කළ රැඳවුම් බද්ද අහෝසි වෙයි

Generic placeholder image

සියයට 24 ක්ව පැවති ආදායම් මත පැනවූ උපරිම බදු ප්‍රතිශතය නව බදු සංශෝධන සමග සියයට 18 දක්වා අඩු කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කළා. ආදායම් බද්දට යටත් වන රුපියල් දෙලක්ෂ 50,000 සීමාවේ සිට සියයට 6, සියයට 12 සහ සියයට 18 වශයෙන් බදු ප්‍රතිශත 3 ක් හඳුන්වාදී ඇති බව රජයේ ප්‍රවෘත්ති […]


Nov
28

ලකුණු 4 කට දැවී යාම පිලිබඳ කණගාටුවෙන් ස්මිත් තමන්ටම දඬුවම් කරගනී

Generic placeholder image

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ස්ටීව් ස්මිත් සංචාරක පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති පළමු ටෙස්ට් තරගයේ දී ලකුණු 4 කට අඩු ලකුණු මට්ටමකට දැවී යාම හේතුවෙන් තමන් විසින් තමන්ට දඬුවම් කරගෙන ඇති පුවතක් වාර්තා වනවා. බ්‍රිස්බේන් හිදී පැවති එම තරගාවලියේ ලකුණු 5ක දැවැන්ත ජයක් හිමි කර ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා. එම තරගයේ දී ලකුණු 4කට දැවී ගිය […]


Nov
28

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පාසල් ප්‍රධානීන්ට විශේෂ දැනුම්දීමක්

Generic placeholder image

ඩෙංගු ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බැවින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ ආරක්ෂාව සඳහා ධුමායන කටයුතු සිදුකරන ලෙසට පාසල් ප්‍රධානීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. විභාගය පැවැත්වීමට පෙර හෝ ඉරිදා දිනයකදී සෞඛ්‍ය නිලධාරින් සමග සාකච්ඡා කර එම ධුමායන කටයුතු සිදුකරන ලෙසට උපදෙස් ලබාදී ඇති බව සදහන්. ලබන වසරේ පළමු පාසල් වාරය ආරම්භ වීමට පෙර […]


Nov
28

ජපන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හදිසි අවස්ථාවකදී පලදන්න හිස් වැසුමක්

Generic placeholder image

හදිසි අවස්ථාවකදී පැලඳිය හැකි හිස් වැසුමක් ජපාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හඳුන්වා දී තිබෙනවා. ඒ භූකම්පන වලින් ආරක්ෂාවීමේ එක් පියවරක් ලෙසයි. ජපානය නිරන්තරයෙන් භූමිකම්පාවලට මුහුණ දෙන රටක් වන අතර භූකම්පන වලින් සිදුවිය හැකි හානි අවම කර ගැනීම සඳහා ඔවුන් විවිධ අත්හදාබැලීම් සිදුකරනවා. පාර්ලිමේන්තු සැසිවාරයක් අතරතුරදී ඇතිවිය හැකි භූකම්පනයකට මුහුණදීම සම්බන්ධයෙන් පසුගිය දිනක මන්ත්‍රීවරුන් දැනුවත් කර අති අතර […]


Nov
28

ජපන් රැකියා පෙන්වමින් මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට

Generic placeholder image

ජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ කාන්තාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකාරියට රු. 600,000 ක මුදලක් ලබාදී පොරොන්දු වූ පරිදි රැකියාව ලබා නොදුන් බවට පුද්ගලයෙකු විසින් කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට සිදුකළ පැමිණිල්ලක් අනුව මෙලෙස අත්අඩංගුවට ගැණුනා. වැලිවේරිය ප්‍රදේශයේ පදිංචි මෙම සැකකාරිය ඇය […]


Nov
28

අරලිය ගහ මැදුරේ පිරිතක් හා දානමය පුණ්‍ය කර්මයක් පවත්වයි

Generic placeholder image

කොළඹ අරලිය ගහ මන්දිරියේ පිරිතක් හා දානමය පුණ්‍ය කර්මයක් පැවැත්වීමට කටයුතු කර තිබෙනවා. ඒ ඊයේ රාත්‍රිය මුළුල්ලේ පැවැති පරිත්‍රාණ ධර්ම දේශනයකින් පසුව අද පෙරවරුවේ දානයක් පවත්වා තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලිය ගහ මන්දිරයේ සිය රාජකාරී ආරම්භ කිරීමට මත්තෙන් මෙම පරිත්‍රාණ ධර්ම දේශනය හා දානමය පුණ්‍ය කර්මය පවත්වා තිබෙනවා.


Nov
28

ජනපති ඉන්දියාව බලා පිටත් වෙයි

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දෙදින නිල සංචාරයක් සඳහා අද පස්වරුවේ ඉන්දියාව බලා පිටත් වුණා. ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුවයි. ජනාධිපතිවරයා මෙම සංචාරයේදී ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් හමුවීමට ද නියමිතයි. ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් – 195 දරණ යානයෙන් ජනාධිපතිවරයා පිටත්ව ගිය බව සදහන්.


Nov
28

රෝහිතට එරෙහි නඩුව කල්යයි

Generic placeholder image

සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 41.1 ක වත්කම් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර විභාගය දෙසැම්බර් මස 18 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළා. මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී විනිසුරුවරයා නියම කළේ […]


News Articles
Latest Videos
Most Popular Post