හෙට (15) දිනයේ සිට පෞද්ගලික බස් රථ ධාවනය සීමා වනු ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. කෙසේ වෙතත් ජනාධිපතිවරණයේ ඡන්දය භාවිත කිරිම සඳහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ බස් රථ සේවයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ලංකාගමනා ගමන මණ්ඩලය ප්‍රකාශ කළා. එහි නියෝජ්‍ය ගමනාගමන අධිකාරි පි.එච්.ආර්.ජේ චන්ද්‍රසිරි […]
ව්‍යාජ ගිණුම් බිලියන 5යි දශම 4ක් වසරේ මේ දක්වා කාලය තුල ඉවත් කළ බව ෆේස්බුක් සමාගම නිවේදනය කර තිබෙනවා. ව්‍යාජ තොරතුරු පැතිර යාම මෙහි අරමුණ බවයි එම සමාගම සඳහන් කළේ. සාමාන්‍යයෙන් ලොවපුරා පරිශීලකයින් අතරින් සියයට 5ක ප්‍රතිශතයක් ව්‍යාජ ගිණුම් බවට හදුනාගෙන ඇති බව සදහන්, ෆේස්බුක් සමාගම සඳහන් කළේ ව්‍යාජ ගිණුම් සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලීම් මේ වසරේ […]
ලබන 27 වනදා සිට උතුරු සහ මුහුදුබඩ දුම්රිය මාර්ගයන්හි දුම්රිය කිහිපයක ධාවන වේලාවන් වෙනස් කර තිබෙනවා. කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය පස්වරු 6 ට කන්කසන්තුරෙන් ගමන් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එමෙන්ම, එම දුම්රිය කොළඹ කොටුවෙන් රාත්‍රී 9 ට ගමන් ආරම්භ කිරීමට නියමිත බව සදහන්. මේ අතර, බෙලිඅත්ත […]
මැතිවරණ සමය තුල දිවයිනේ සියලු සුරාසැල් ලබන සෙනසුරාදා සහ ඉරිදා යන දිනයන් හිදී වසා තැබෙන බව සූරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. ඒ මැතිවරණ කොමිසම විසින් සිදු කරන ලද ඉල්ලීමකට අනුවයි. ඒම නීති කඩන පුද්ගලයින්ව වැටලීම් සිදු කිරීමට නිලධාරින් පිරිසක්ද යොදවා තිබෙන බව සුරාබදු කොමසාරිස්වරයා සදහන් කරනවා.
ඉදිරි මැතිවරණ කාල සිමාව තුල සමාජ ජාලා අවහිර නොකරන බවට ඊයේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.සමාජ ජාලාවල දැන්වීම් ඉවත් කිරීම සදහා සිය කොමිසම සමාජ මාධ්‍ය දැනුවත් කර ඇති බවත් ඊට අවනතව සියලු සහය දැක්විය යුතු බවයි මහින්ද දේශප්‍රිය මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ.
2019 ජනපතිවරණය ලබන 16 වෙනිදා පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සුදානම් කර තිබෙනවා. ඒ අනුව ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා සියලු පාසල් අද මැතිවරණ කටයුතු වෙනුවෙන් සුදානම් කිරීමට නියමිතව තිබෙනවා. ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීම මත ජනපතිවරණය හේතු කොටගෙන හෙට දිනයේ සියලු පාසල් වසා දැමීමට තීරණය කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංය සදහන් කරනවා.
2019 ජනපතිවරණයේ මැතිවරණ ප්රචාරක කටයුතු ඊයේ මැදියම් රැයෙන් අවසන් වුණා. ඒ අනුව ජනපතිවරණය අදාල නිහඬ කාලය තුළ නීති උල්ළංගනය කරන පක්ෂයන්ට හා එම පුද්ගලයින්ට එරහිව දැඩිව නිතිය දැඩිව ක්‍රියාත්මක කරන බව මාධ්‍ය හමුවක් කැදවමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෝෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කළා.
වයස අවුරුදු 65ට වැඩි සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින රැදවියන් 284 දෙනකුට ජනපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා. මේ පිලිබදව සදහන් කරන බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ මිනිමැරුම්, මංකොල්ලකෑම්, ස්ත්‍රි දුෂණ, ළමා අපචාර,මත්කුඩු ජාවාරම් ඇතුළු වැරදි 40කට සම්බන්ධව වැරදිකරුවන් නොවූ පිරිසකටයි මෙලෙස ජනපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට සුදානම් බවයි.
අද සවස් කාලයේත් දිවයින පුරා තද වැසි අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ නැගෙනහිර පළාත්වල විශේෂයෙන් ම මි.මී. 50 ඉක්ම වූ වැසි බලාපොරොත්තු විය හැකි බව එම දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර […]
පාර්ලිමේන්තු මන්ත්‍රී පුරාවිද්‍යා චක්‍රවර්ති පුජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් අද මාධ්‍ය හමුවක් කැදවමින් විශේෂ ප්‍රකාශයක් සිදු කළා. උන්වහන්සේ එහිදී සදහන් කරන්නේ මේ රට ගොඩනැගිය හැකි එකම නායකත්වය පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා බවයි.
ලෝකයේ ගංගාවල් අතර ජනප්‍රිය සහ දුෂිතම ගංගාවක් වන යමුනා ගංගාවේ එක් කලාපයක විශාල වශයෙන් පෙණ පිඩු නිර්මාණය වී ඇති බව දක්නට ලැබෙනවා. මෙම සිදුවීම එම ප්‍රදේශයේ ජනතාව සලකන්නේ දේව හාස්කමක් ලෙසයි. එය දැක බලා ගැනීමට බොහෝ ජනතාවක් පැමිණෙන බවත් එසේ මහත් භක්තියෙන් එම ගංගාවට බැස වන්දනාමාන කරන බව වාර්තා වෙනවා . කෙසේ වෙතත් මෙසේ විශාල […]
ඉකුත් ඉරිදා දින ආචාර්ය පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමියන් ආරම්භ කරන ලද උපවාසය තව දුරටත් අද පැවැත්වෙනවා. උන්වහන්සේ මෙම උපවාසය ආරම්භ කලේ අමෙරිකානු පුරවැසිභාවය අත්හැරිය බව තහවුරු කළ යුතු යැයි ඉල්ලමින්.