පරාක‍්‍රම සමුද්‍රය අවට පවතින කැළිකසළ ගැටලූව විසඳීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අදාළ නිළධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඒ පරාක‍්‍රම සමුද්‍රය අවට පරිශ‍්‍රයේ අද උදෑසන ශාරිරික සුවතාවල යෙදෙන අතරතුර දීයි. එහිදී සිදුව ඇති පරිසර විනාශය දුටු ජනාධිපතිතුමා එම ස්ථානයට සියලූ නිලධාරින් කැඳවනු ලැබුවා. එම ස්ථානයට සුදුසු පරිදි කසළ බඳුන් සවි කිරීමට සහ […]
පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුර නගරයට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිළධාරින් 2 598 දෙනෙකු යොදවා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ අනුරාධපුරය, මිහින්තලේ සහ තන්තිරිමලේ යන ප‍්‍රදේශ අවරණය වන පරිදි ලබන 29 වනදා දක්වා අදාළ පොලිස් නිළධාරීන් රාජකාරියේ යොදා ඇති බවයි. සිවිල් ඇදුමින් සැරසුනු පොලිස් නිළධාරීන් ද ඒ අතර වනවා […]
හරි අධ්‍යාපනයක් නොමැතිකම නිසා මිනිසෙක් සිරගත වෙන්න පුළුවන්. ඒ වගේම තමයි වරදකට සිරදඬුවම් ලබපු කෙනෙක්ට වුනත් තවදුරටත් ඉගෙන ගන්න පුළුවන්. මරණීය දණ්ඩනයට නියම වෙලා වැලිකඩ බන්ධනාගාරගත කරලා හිටිය සිරකරුවෙක් ශාස්ත්‍රපති උපාධිය සඳහා ඉතා විශිෂ්ට සාමාර්ථයක් ලබාගෙන තියෙනවා. හිටපු උප පොලිස් පරීක්ෂකවරයකු වන ඉන්දික බමුණුසිංහ තමයි මේ උපධිය හිමිකරගත් සිරකරුවා. ඉන්දික බමුණුසිංහ පසුගියදා කැලණිය විශ්වවිද්‍යාලය මඟින් […]
කිලිනොච්චි, අම්බාල්කුලම් ගම්මානයට කඩා වැදුණු දිවියෙකු අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 4 දෙනා ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ සැකකරුවන් අද කිලිනොච්චිය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ, අවුරුදු 22, 23, 24 හා 26 යන වයස්වල පසුවන කිලිනොච්චි, ක‍්‍රිෂ්ණපුරම් යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් […]
https://youtu.be/Vf1XGpg7PWo
මෝදර, රන්දිය උයන ප‍්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකුට රුපියල් ලක්ෂයක අල්ලස් මුදලක් දීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ,මීට පෙර අත්අඩංගුවට ගත් කාන්තාවකට නඩු පැවරීමෙන් වලක්වා මුදාහරින ලෙස ඉල්ලා ඇයගේ හිතවතෙකු විසින් පොලිස් නිලධාරියාට එම අල්ලස් මුදල ලබාදීමට උත්සාහ කර ඇති බවයි. එම ප‍්‍රදේශයේ කළ වැටලීමකදී 50 වන වියේ පසුවන අදාල කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ […]
විපක්ෂ නායක ධුරය අතාහැරලා අමාත්‍ය ධුරයක් ලබා ගන්න කියලා ආර්. සම්බන්ධන් මන්ත්‍රිවරයාට පහුගිය දා ආරාධනාවක් ලැබුණා. මනෝ ගනේෂන් අමාත්‍යවරයා තමයි මේ යෝජනාව කරේ. ඒ ගැන විපක්ෂ නායකයා දරන අදහස මොකක්ද කියලා උතුරේ මාධ්‍යවේදීන් ඔහුගෙන් ඇහුවා. යෝජනාව පිළිබඳව බොහෝ කරුණු සිතා බලන්න ඕන කියලා සම්බන්ධන් මහතා මාධ්‍යවේදීන්ට කිව්වා. රජයෙන් අමාත්‍ය ධුරයක් ලබා ගන්නා ලෙස යෝජනා වී […]