News Line| Off Air
Generic placeholder image

Mar
13

කොරෝනා ගැන ව්‍යාජ තොරතුරු පළ කරන්නන්ට නීතිමය පියවර

Generic placeholder image

කොරෝනා වෛරසය පිළිබඳව ව්‍යාජ හෝ ගොතන ලද තොරතුරු බෙදා හරින්නන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ප්‍රකාශ කළා. ඒ අනුව, එවැනි තොරතුරු බෙදා හැරීම සහ බෙදා ගැනීම සඳහා සමාජ මාධ්‍ය ඇතුළු සියලු ආකාරයේ විදුලි සංදේශ සේවා අනිසි ලෙස භාවිත කිරීමෙන් වළකින ලෙස එම කොමිෂන් සභාව, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනතාවට දැනුම් දී […]


Mar
13

තායි එයාර්වේස් ශ්‍රී ලංකාව වෙත සිය ගුවන් ගමන් අත්හිටුවයි

Generic placeholder image

තායි එයාර්වේස් ගුවන් සමාගම ශ්‍රී ලංකාව වෙත සිය ගුවන් ගමන් මෙම මස අවසානය දක්වා තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.


Mar
13

ගතවූ පැය 24 තුළ ඉතාලියෙන් නව කොරෝනා මරණ 189 ක්

Generic placeholder image

චීනයෙන් පිටත නව කොරෝනා වෛරසයේ වැඩිම බලපෑම ඉතාලියට එල්ල වී තිබෙනවා. ඉතාලිය තුළ මේ වන විට වෛරසය ආසාදනයෙන් මියගිය සංඛ්‍යාව 1,016 ක් වන අතර ආසාදිතයන් පහළොස්දහස් එකසිය දහතුන් දෙනෙකු වාර්තා වුණා. ගතවූ පැය 24 තුළදී ඉතාලියෙන් නව කොරෝනා මරණ 189ක් වාර්තාවී ඇති අතර එරටින් දිනක් තුළදි වාර්තාවූ වැඩිම මරණ සංඛ්‍යාව මෙය වනවා. මැදපෙරදිග කලාපය තුළ […]


Mar
13

දිවයිනේ සියලු පෙරපාසල් නැවත දැනුම්දෙනතුරු වැසේ

Generic placeholder image

දිවයිනේ සියලු පෙරපාසල් අද (13) සිට නැවත දැනුම්දෙනතුරු වසා දැමීමට තීරණය කළ බව කාන්තා හා ළමා කටයුතු කාර්යාංශය සදහන් කළා.


Mar
13

කොරෝනා තර්ජනය හමුවේ සියත ගොඩයන ලක්ෂය අද දින අවලංගු කෙරේ

Generic placeholder image

රටේ දැනට කි‍්‍රයාත්මක වන තත්වය සැලකිල්ලට ගනිමින් සහ කොරෝනා තර්ජනය අවම කර ගැනීමට සිදු කරනු ලබන කටයුතු සදහා සහයෝගිත්වය ලබා දීමේ අරමුණින් අද දිනයේ සවස 05 ට පිලියන්දල නගර මධ්‍යයේ පැවැත්වීමට සුදානම් කර තිබු සියත ගොඩයන ලක්ෂයේ් ප‍්‍රවර්ධන වැඩසටහන අවලංගු කිරීමට සිදුව තිබෙනවා. සිය දහස් ගණනින් පිරිස එක්රැුස් වන මෙවැනි කටයුත්තක් මෙම වාතාවරණය යටතේ සිදුකල […]


Mar
13

මෙරට දෙවන කොරෝනා ආසාදිතයාගේ පවුලේ සාමාජිකයිනුත් වෛද්‍ය පරීක්ෂණයට

Generic placeholder image

මෙරටින් හඳුනාගත් නව කොරෝනා වෛරසය ආසාදිත දෙවන ශ්‍රී ලාංකිකයාගේ පවුලේ සාමාජිකයින් වෛද්‍ය පරීක්ෂණ සඳහා අයි.ඩී.එච්. රෝහලට ඇතුලත් කර තිබෙනවා. එම පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින් 8 දෙනෙකු ඊයේ රාත්‍රියේ අයි.ඩී.එච්. රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තා වනවා. කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අදාල පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ දිනයේ තහවුරු වූ අතර ඔහු මේ වන […]


Mar
13

සමගි ජනබලවේගයේ ඡන්ද ලකුණ ජනගත කරයි

Generic placeholder image

සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරන සමගි ජනබලවේගයේ ඡන්ද ලකුණ එළිදැක්වීම ඊයේ පස්වරුවේ එහි නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. ඒ බත්තරමුල්ලේදී පැවැත්වූ විශේෂ උත්සවයකදීයි. එහිදි කුමාර වෙල්ගම මහතා නායකත්වය ලබාදෙන නව ලංකා නිදහස් පක්ෂයද සමගි ජන බලවේගය සමග සන්ධාන ගත වුණා. සමගි ජන බලවේගය සිය ඡන්ද ලකුණ වන දුරකථනය ලාංඡනය ජනගත කිරීම එහි නායක සජිත් […]


Mar
13

දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල හෙට සිට සති දෙකක් වැසෙයි

Generic placeholder image

හෙට (14) දිනයේ සිට සති දෙකක කාලයක් සියලුම විශ්වවිද්‍යාල වසා දැමීමට කටයුතු කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපදාන කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසනවා. රජයේ සියලුම පාසල් ද අද දිනයේ සිට වසා දැමීමට ඊයේ රජය තීරණය කළා. එසේම දිවයිනේ සියලුම බෞද්ධ දහම් පාසල් ද අප්‍රේල් මස 26 වනදා දක්වා වසා තැබීමට තීරණය කළ අතර සියලුම පෞද්ගලික සහ අගරදගුරු යටතේ […]


Mar
12

කුමාර වෙල්ගම සමගි ජනබලවේගය සමඟ එක්වෙයි

Generic placeholder image

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්ෂය හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගය සමඟ එක්ව තිබෙනවා.


Mar
12

අල කන්ටේනරයකින් හෙරොයින් කිලෝග්‍රෑම් 75ක් අල්ලයි

Generic placeholder image

පාකිස්ථානයෙන් ගෙන්වන ලද අල කන්ටේනරයක අල ගෙඩි ලෙස ව්‍යාජ ලෙස අසුරා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 75ක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මීගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Mar
12

සිසුන් 04 ක් වැවේ ගිලූණු හාලිඇල විදුහලේ ගුරුවරුන් හය දෙනෙකුගේ වැඩ තහනම් කරයි

Generic placeholder image

ගෝමරන්කඩවල – මැදවච්චිය වැවේ ගිලී පසුගිය 19 වැනිදා හාලිඇල විද්‍යා විද්‍යාලයේ සිසුන් සිව් දෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම විද්‍යාලයේ විදුහල්පතිවරයා ස්ථාන මාරු කර, ගුරුවරුන් හය දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයාද ඒ අතර සිටින බව පළාත් අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වල ප්‍රකාශ කළා. වගකීම් පැහැර හැරීම ඔවුන්ට එල්ල වී ඇති චෝදනාවයි.


Mar
12

විශ්වවිද්‍යාල විවෘතව තබන්නේද යන තීරණය උපකුලපතිවරුන්ට – උපකාරක පන්ති සති දෙකක් නවතයි

Generic placeholder image

විශ්වවිද්‍යාල විවෘතව තබන්නේද යන්න පිළිබඳ තීරණගැනීමේ වගකීම රජය විසින් උපකුලපතිවරුන්ට පවරා තිබෙනවා. මේ අතර හෙට (13) සිට සති දෙකක කාලයක් ගතවන තුරු පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීමෙන් වළකින ලෙස සමස්ත ලංකා වෘත්තිය දේශකයන්ගේ සංගමය උපකාරක පන්ති ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම අධ්‍යාපන අමාත්‍යංශයේ තීරණය අනුව යමින් සියලු පෞද්ගලික හා ජාත්‍යන්තර කතෝලික පාසල්ද හෙට සිට අප්‍රේල් 20 වැනිදා […]


News Articles
Latest Videos
Most Popular Post