News Line| Off Air
Generic placeholder image

Mar
12

හිටපු ජනාධිපති මෛත්‍රී අද නාම යෝජනා සඳහා අත්සන් කරයි

Generic placeholder image

මහ මැතිවරණය සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද නාම යෝජනා සඳහා අත්සන් තැබීම සිදුකළා. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහායි.


Mar
12

ඇමෙරිකාවේ ඇමේසන් සේවකයන්ට අසීමිත ලෙඩ නිවාඩු

Generic placeholder image

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ඇමෙරිකාවේ ඇමේසන් සේවකයන්ට මේ මාසය තුළදී අසීමිත ලෙඩ නිවාඩු ලබාගැනීමේ අවස්ථාව පාලනාධිකාරිය විසින් උදාකර දි තිබෙනවා. කෙසේ වෙතත් ඒ සඳහා ගෙවීම් නොකරන බව සදහන්. එහෙත් කොවිඩ් -19 රෝගයෙන් පෙළෙන සේවකයන්ට වැටුප් සහිත සති දෙකක අසනීප නිවාඩු ලබාගැනීමේ අවස්ථාව ලබා දී ඇති බව විදෙස් වාර්තා පැවසුවා.


Mar
12

කොරෝනා වෛරසය ගැන ආයතන කාර්ය මණ්ඩල සාමාජිකයන් දැනුවත් කිරීම ඇරඹෙයි

Generic placeholder image

කොරෝනා වෛරසය ගැන අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා ඇතුළු ආයතනවල කාර්ය මණ්ඩල සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. එහි පළමුවැන්න අද (12) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා. රෝගය හඳුනාගැනීම, ඉන් වැළකී සිටීම මෙන්ම ආරක්ෂාකාරීව ක්‍රියාකිරීම පිළිබඳව වෛද්‍ය දේශාන්ත දිසානායක මහතා කාර්ය මණ්ඩලය දැනුවත් කළා. මේ පූර්වාදර්ශය අනුව රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ සෑම ආයතනයකම වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිත […]


Mar
12

සජින් වාස් ගුණවර්ධන යළි රක්ෂිත බන්ධනාගාරයට

Generic placeholder image

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා හෙට දිනය තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා. මුදල් විශුද්ධිකරණ පණත යටතේ පවතින නඩුවේ සාක්ෂිකරුවන්ට තර්ජනය කළ බවට වන චෝදනාවට අදාලව සජින් වාස් ගුණවර්ධන මහතා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.


Mar
12

කොරෝනා සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීමට දුරකතන අංක දෙකක්

Generic placeholder image

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය පිලිබද විශේෂඥ වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් හා අවවාද ලබා ගැනීමට දුරකථන අංක දෙකක් හදුන්වා දී තිබෙනවා. 0710 – 107 107, 011 – 307 1073 යන දුරකථන අංක දෙක ඔස්සේ ඕනෑම පුද්ගලයෙකුට මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට හැකියාව පවතිනවා. එමෙන්ම කිසියම් පුද්ගලයෙකුට කොරෝනා වැළදී ඇතැයි සැකයක් ඇත්නම් ඒ පිලිබදවද අවශ්‍ය උපදෙස් ලබාගැනීමට […]


Mar
12

සියලුම දහම් පාසල් වැසීමට තීරණයක් – පුද්ගලික පංති සහ පුද්ගලික පාසල්වලටද සංවේදී වන ලෙස ඉල්ලීමක්

Generic placeholder image

දිවයිනේ සියලුම දහම් පාසල් තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද කාරියප්පෙරුම මහතා පවසනවා. එමෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ අද පැවැතෙඋනු ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේ පුද්ගලික පංති පවත්වන ආයතන සහ පුද්ගලික පාසල්වලින් මේ පිළිබඳ සංවේදී ලෙස සිතන ලෙස ඉල්ලීමක් කරන බවයි. අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ, […]


Mar
12

මෙරටින් තවත් කොරෝනා රෝගියෙක් තහවුරු වෙයි

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වී දැනට අයි.ඩී .එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින පුද්ගලයා සමඟ නවාතැන්ගෙන සිටි තවත් අයෙකුට එම වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරනවා. 44 හැවිරිදි ඔහු මේ වනවිට අයි.ඞී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.


Mar
12

සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ නිරෝධායනය වෙයි

Generic placeholder image

ඉතාලියේ ජුවෙන්ටස් කණ්ඩායමට ක්‍රීඩා කරන සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පෘතුගාලයේ මැඩෙයිරා හි පිහිටි ඔහුගේ නිවසේදී නිරෝධායනයට ලක්වීමට තීරණය කර තිබෙනවා. ජුවෙන්ටස් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් වන ඩැනියෙල් රුගානිට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගින් මෙසේ රෝනාල්ඩෝ ඇතුළු ජුවෙන්ටස් කණ්ඩායමේ ක්‍රීඩකයන් ස්වයං හුදෙකලාවකට ලක්ව නිරෝධායනය වීමට තීරණය කර ඇති බව සදහන්. ජුවෙන්ටස් කණ්ඩායම […]


Mar
12

මහ මැතිවරණය සදහා ස්වාධීන කණ්ඩායම් 86 ක් ඇප මුදල් තැන්පත් කරයි

Generic placeholder image

එළඹෙන මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් 86 ක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. ඉන් වැඩිම ස්වාධීන කණ්ඩායම් ප්‍රමාණය වන 14 ක් ඇප මුදල් තැන්පත් කර ඇත්තේ යාපනය දිස්ත්‍රික්කය සඳහායි. වන්නි දිස්ත්‍රික්කය සඳහා ස්වාධීන කණ්ඩායම් 10 ක් ඇප මුදල් තැන්පත් කර ඇති අතර මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමේ කාලය අවසන් වන්නේ ලබන 18 […]


Mar
11

on arrival වීසා පහසුකම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවයි

Generic placeholder image

විදේශිකයන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලැබූ on arrival වීසා පහසුකම කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානම හේතුවෙන් නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට රජය තීරණය කර තිබෙනවා. එමෙන්ම අත්‍යවශ්‍ය කරුණකට හැර විදෙස් සංචාරවල යෙදීමෙන් හැකිතාවක් වළකින ලෙස රජය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුල පැතිර යාමේ අවදානම මගහරවා ගැනීම සඳහා රජය මගින් ගෙන යනු ලබන නිරෝධායන ක්‍රියාවලිය […]


Mar
11

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ තිබී මත්පෙති තොගයක් හමුවෙයි

Generic placeholder image

රුපියල් එක් කෝටි තිස් පන් ලක්ෂ අනූ හත් දහස් පන්සීයක් (1,35,97,500 ) ක වටිනාකමකින් යුත් මත්පෙති තොගයක්, කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බෙල්ජියමේ සිට කොළඹ, මරදාන ප්‍රදේශයේ ලිපිනයකට මෙම පාර්සලය එවා ඇති අතර පාර්සලය මාස 05 ක පමණ කාළයක් භාර ගැනීමට කිසිවෙකු නොමැතිව කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ තිබී […]


Mar
11

කුකුළු මස් වලට උපරිම සිල්ලර මිලක්

Generic placeholder image

කුකුළු මස් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව සම රහිත කුකුල් මස් කිලෝවක් අලෙවි කළ යුතු වන්නේ රුපියල් 530 ක මුදලකටයි. සම සහිත කුකුළු මස් කිලෝවක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 430ක් ලෙස නියම කර තිබෙනවා. මෙම මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන […]


News Articles
Latest Videos
Most Popular Post