නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රෝහලෙන් පිටව ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා. සුදු වෑන් සිද්ධියට සම්බන්ධ මාධ්‍ය හමුවක් පිලිබදව රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය ඉකුත් දෙසැම්බර් 24 වන දින නියෝගයක් ලබාදුන් අතර ඊට දින දෙකකට පමණ පසුව රාජිත සේනාරත්න මහතා රෝහල්ගත කෙරුණා. ඉන්පසු රෝහලේ […]
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං සුළගේ වේගය පැ.කි.මී. 40 දක්වා වැඩි දිය හැකිබව පැවසෙන අතර ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරට සදහන් කළා.
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
මෙරට විදෙස් තානාපතිවරු සමග එක්ව සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා ඉලක්කගත වැඩපිළිවෙළක් සැලසුම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සංචාරක සහ ගුවන්සේවා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේ අද පැවති සාකච්ඡාවකදීයි. වේගවත් ආර්ථික වර්ධනයක් ලැබිය හැකි ප්‍රධාන ක්ෂේත්‍රය ලෙස සංචාරක කර්මාන්තය දියුණු කරමින් 2025 වන විට අමෙරිකානු ඩොලර් මිලියන 10 ඉක්මවා ගිය ආදායමක් ඉපයීමට […]
ඇමරිකානු ස්පේස් එක්ස් අභ්‍යවකාශ සංචාරක වැඩසටහන යටතේ සඳ ගමනකට ප්‍රවේශපත්‍රයක් වෙන් කරගෙන සිටි ජපාන ප්‍රකෝටිපති යසාකු මේසාවා සිය සංචාරයට එක් කර ගැනීම සඳහා සහකාරියක් සෙවීම ආරම්භ කර තිබෙනවා. සඳ මතට යන ප්‍රථම කාන්තාව වීමට කැමති අයෙක් සිටිත්දැයි විමසමින් 44 හැවිරිදි විලාසිතා ව්‍යාපාර අධිරාජ්‍යයක් හිමි යසාකු මේ සඳහා සිය ට්විටර් වෙබ් අඩවියේ දැන්වීමක් පළ කළ බව […]
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාදීමේ නියෝගයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධිත අයදුම්පත මේ මස 17 වන දා සලකා බැලීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව එදිනට දැනට ඇප මත මුදා හැර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මහාධිකරණය විසින් නොතීසි නිකුත් කර ඇති බව සදහන්. ඔහුට […]
ශ්‍රී ලංකාවේ ගෝනුස්සන් 200 ක් නීතිවිරෝධී ලෙස චීනය බලා රැගෙන යෑමට තැත් කළ, චීන ජාතික ගුවන් මගියෙකු අද දහවල් කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහු 30 හැවිරිදි චීන ජාතිකයෙක්. ඔහු විවිධ රටවලින් සතුන් මේ ආකාරයට චීනයට රැගෙන විත් පසුව අභිජනනය කර අලෙවි කිරීමේ යෙදී සිටින පුද්ගලයෙක් බව […]
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ හිටපු රියැදුරා වන දිලුම් තුසිත කුමාර නැමැත්තා 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් රහස්‍ය ප්‍රකාශයක් සිදු කිරීම සදහා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඔහු අද පස්වරු 4 ට පමණ සිය නීතිඥයාද සමග කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නේරජංනීද සිල්වා මහත්මියගේ නිල මැදිරියට පැමිණ මෙම ඉල්ලීම කළ බව සදහන්. දිලුම් […]
ශ්‍රී ලංකාවේ විශාලතම ඉන්ධන පිරිපහදුව ඉදිකිරීමේ කටයුතු ලබන වසරේ ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළා. මෙරට සමස්ත පිරිපහදු ඉන්ධන අවශ්‍යතාවයෙන් සියයට 70 ක් පමණ, ආනයනය කිරීමට සිදුවීම හේතුවෙන් මෙලෙස නව පිරිපහදුවක් ඉදිකිරීමට සැලසුම් කෙරෙන බව මුලන – දික්වල ප්‍රදේශයේ සංවර්ධන වැඩසටහනකට එක්වෙමින් ඔහු පැවසුවා. ජනාධිපතිවරයා සමඟ පසුගිය සතියේ සිදුකළ […]
සුරාබදු දෙපාර්තුමේන්තුවට නව සුරාබදු කොමසාරිස් ජනරාල්වයා ලෙස ඒ.බෝදරගම මහතා පත්කර තිබෙනවා. ඒ මහතා හෙට දිනයේ දී වැඩ භාර ගැනීමට නියමිත බව වාර්තා වෙනවා. ඒ මහතාගේ සේවා කාලය වසර 34 ක් වන අතර 2016 වසරේ දී වැඩබලන සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස ද සේවය කර තිබෙනවා.
ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව ලබන යල කන්නය සඳහා පොහොර සහනාධාරය නොමිලේ ලබාදීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා.
ඔස්ට්‍රලියාවේ ලැව් ගිනි හේතුවෙන් ආහාර සොයාගැනීමට නොහැකිව සිටින සතුන්ට ගුවනින් ආහාර ලබා දීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව කැරට්, අර්තාපල් වැනි එළවලු කිලෝ 22.000 කට අධික ප්‍රමාණයක් මෙලෙස ගුවන් මගින් එම සතුන් සිටින ස්ථානයන්ට පතිත කිරීමට කටයුතු කර තිබෙනවා. එමෙන්ම එම එළවලු එම සතුන් කෑමට ගන්නා ආකාරය දැක්වෙන ජායා රූප කිහිපයක් විදෙස් මාධ්‍ය […]