News Line| Off Air
Generic placeholder image

Jan
7

හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධනට වසර 03 ක සිර දඩුවමක්

Generic placeholder image

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති සරණ ගුණවර්ධන මහතාට අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් වසර 03 ක සිර දඬුවමක් නියම කර තිබෙනවා. ඒ මහජන මුදල් අවභාවිතය සම්බන්ධයෙන් වැරදිකරුවෙකු ලෙස ඔප්පු වීමෙන්.


Jan
7

ජාතික ආරක්ෂාව වෙනුවෙන් විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපනය කරයි

Generic placeholder image

ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ උපදෙස් පරිදි ජාතික ආරක්ෂාව සහ මහජන සාමය සුරක්ෂිත කිරීම සඳහා ආවරණය වන පරිදි පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුරේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙම මෙහෙයුම් මැදිරිය වෙත ජාතික ආරක්ෂාව සහ මහජන සාමය කඩවන අයුරින් සිදුවන සිද්ධීන් සම්බන්ධයෙන් මහජනතාවට තොරතුරු ලබාදීමේ හැකියාව පවතින අතර […]


Jan
7

ශ්‍රිලනිප‌යේ ආසන සංවිධායකවරුන් අද කොළඹට

Generic placeholder image

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් අද දිනයේ කොළඹට කැඳවා තිබෙනවා. නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ සාකච්ඡාවක් සඳහා ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවා ඇති බව සඳහන්. පෙරවරු 09.30ට ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී මෙම සාකච්ඡාව ආරම්භ වීමට නියමිතව තිබෙනවා. මෙහිදී ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණ කටයුතු සහ පක්ෂයේ ප්‍රතිසන්ධාන වැඩපිළිවෙල පිළිබඳව අවදානය […]


Jan
7

ඉරාකයෙන් අමෙරිකානු සෙබළු ඉවත් කිරීම ගැන පලවන වාර්තා අසත්‍ය බව අමෙරිකාව පවසයි

Generic placeholder image

අමෙරිකාව සහ ඉරානය අතර පවතින මතභේදයන් හේතුකොටගෙන මේ වන විට මැදපෙරදිග කලාපයේ නොසන්සුන්තා තවදුරටත් උග්‍ර වී තිබෙන අතර ඒ අතර ඉරාකයෙන් අමෙරිකානු සෙබළුන් ඉවත් කරගන්නා බවට පලවන වාර්තා අමෙරිකානු ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් ප්‍රතික්ෂේප කර තිබෙනවා. පසුගියදා ඉරානයේ හමුදා ප්‍රධානි කාසෙම් සොලේමානි ඇමෙරිකාව විසින් එල්ල කල ඩ්‍රෝන ප්‍රහාරයකින් ඝාතනය කෙරුණු අතර මෙයට ප්‍රති ප්‍රහාර වශයෙන් […]


Jan
7

ජනපති ප්‍රතිපත්ති ප්‍රකාශන විවාදය අද ඇරඹේ

Generic placeholder image

පාර්ලිමේන්තුව අද පස්වරු 01.00 ට යළි රැස්වීමට නියමිත අතර එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කල ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල් තැබීමේ විවාදය අද සහ හෙට පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.


Jan
7

ඉන්දු – ශ්‍රී ලංකා දෙවන විස්සයි විස්ස තරගය අදයි

Generic placeholder image

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගය අද ඉන්දෝර් හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අද පස්වරු 7 .00 ටයි. දෙරට අතර පළමු එක්දින තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් අතහැර දැමීමට තීරණය කෙරුණා.


Jan
7

මහරගම ඇතුළු ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුවක්

Generic placeholder image

ප්‍රධාන ජල නළ මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මහරගම ඇතුළු ප්‍රදේශ රැසකට අද පෙරවරු 9 සිට පැය 24 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තෙගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක යන ප්‍රදේශවලට මෙසේ ජල සැපයුම අත් හිටවනු ඇති.


Jan
7

අදත් සවස තද වැසි

Generic placeholder image

අදත් දිවයින පුරා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය, බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ඒම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන්. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි බවත් සහ අකුණු […]


Jan
6

පස්සර බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

Generic placeholder image

පස්සර මඩොල්සිම මාර්ගයේ හයේ කණුව මාලිගාතැන්න හන්දිය අසලදී ලංගම බස් රථයක් අඩි 150 ක ප්‍රපාතයකට පෙරලී ගමන් කළ මගීන් විශාල පිරිසක් මිය ගොස් ඇතැයි පොලීසිය පවසනවා. අනතුර හේතුවෙන් තවත් පුද්ගලයන් 30 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. පුද්ගලයන් හය දෙනෙකුට වැඩි පිරිසක් මෙම අනතුරෙන් මියගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වෙන්නේ.


Jan
6

නවසීලන්තයේ ටෙස්ට් කි‍්‍රකට් වාර්තා පොත අළුත් වෙයි

Generic placeholder image

ක්‍රිකට් ඉතිහාසයේ නවතම ටෙස්ට් කි‍්‍රකට් වාර්තාවක් පිහිටු වීමට නවසීලන්ත සුපිරි පිතිකරු රෝස් ටේලර් සමත් වුණා. ඒ, නවසීලන්ත පිතිකරුවෙකු ලෙස ටෙස්ට් තරග ඉතිහාසයේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ පිතිකරුවා බවට පත්වෙමින්. ලකුණු 7,172 ක් රැස්කර ගෙන සිටි නවසීලන්ත සුපිරි පිතකරු ස්ටීවන් ෆ්ලේමින්ග් තබා තිබූ වාර්තාව බිඳ හෙලීමට ඔහු සමත් වුණා. ඕස්ටේ‍්‍රලියාව සමග මේ වනවිට පැවැත්වෙන 03 වන […]


Jan
6

වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිය ජාතිකයින් 136 ක් අත්අඩංගුවට

Generic placeholder image

වලංගු වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිය ජතිකයින් 136 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැඩ බලන පොලිස්පිතිවරයාගේ නියෝග පරිදි වලංගු වීසා නොමැතිව මෙරට රැඳී සිටින විදේශිය ජාතිකයින් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් ඊයේ (05) රාත්‍රී 10 සිට අද (06) උදෑසන දක්වා දිවයින පුරා ආවරණය වන පරිදි සිදු කෙරුණා. ඒ අනුව අත්අඩංගුවට ගන්නා ලද විදේශිය ජාතිකයින් අතර ඉන්දියාව […]


Jan
6

කොටවෙහෙර දැරියකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියට පොලිස් නිළධාරිනියන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

Generic placeholder image

කුරුණෑගල කොටවෙහෙර ප්‍රදේශයේ 13 හැවිරිදි දැරියකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියට අදාලව රාජකාරී පැහැර හැරීමේ චෝදනා මත කාන්තා උප පොලිස් පරීක්ෂකවරියන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිඛෙනවා. නිකවැරටිය මූලස්ථාන පොලිසියට හා කොටවෙහෙර පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන කාන්තා උප පොලිස් පරීක්ෂකවරියන් දෙදෙනෙකු මෙලෙස වැඩ තහනමට ලක්ව ඇති බව සදහන්. අදාල දැරියට කාන්තාවන් දෙදෙනකු පහරදෙන දර්ශණ ඇතුලත් වීඩියෝවක් […]


News Articles
Latest Videos
Most Popular Post