News Line| Off Air
Generic placeholder image

Jan
7

ශානි අබේසේකරගේ වැඩ තහනම් කරයි

Generic placeholder image

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ වැඩ තහනම් කර තිබෙනවා. ඒ ජාතික පොලිස් කොමිසම විසින් ලබා දුන් නියෝගයකට අනුවයි. පසුගිය රජය සමයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශන වලදී ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර පක්ෂග්‍රහිව කටයුතු සිදුකළ බවට චෝදනා එල්ලවුවා.


Jan
7

කාළගුණික විපර්යාස වලින් වැඩිම පීඩාවක් ලබන රටවල් අතුරින් 6 වන තැන ලංකාවට

Generic placeholder image

කාළගුණික විපර්යාස (කුණාටු, ගං වතුර, අකුණු) රටවල් වලට කොතරම් දුරට බලපා තිබෙනවාද යන්න ගෝලීය දේශගුණික අවදානම් දර්ශකයේ 2020 විශ්ලේෂණයෙන් පෙන්වා දී තිබෙනවා. කාළගුණික තත්ත්වය හේතුවෙන් 2018 වසරේදී වැඩිම පීඩාවට පත් වූ රටවල් ලෙස ජනාපය, පිලිපීනය හා ජර්මනිය මුල් තැන ගෙන ඇති බව සදහන්. 2020 ගෝලීය දේශගුණික අවදානම් දර්ශකයේ විශ්ලේෂණයේ පෙන්වා දෙන ආකාරයට ශී‍්‍ර ලංකාව කාළගුණික […]


Jan
7

Windows 7 අපෙන් සමුගනී

Generic placeholder image

2019 ඔක්තොම්බර් සිට මේ දක්වා Windows XP වලින් පසු වැඩිම පිරිසක් භාවිතා කරන ලද මෙහෙයුම් පද්ධතිය වන Windows 7 සදහා වන සියලුම සේවාවන් (Security updates, Technical support for any issues, Software updates) 2020 ජනවාරි මස 14 වන දින සිට නවත්වන බව සදහන්. වඩා ආරක්ෂිතව, වේගවත්ව, නව තාක්‍ෂණයන් සමගින් ඉදිරියට යාම සදහා සියලු දෙනාට Windows 10 […]


Jan
7

ඔස්ට්‍රේලියාවේ ළැව්ගිනි ව්‍යාප්තවී ඇති ප්‍රදේශ රැසකට වැසි ඇදහැලෙයි

Generic placeholder image

ඔස්ට්‍රේලියාවේ ළැව්ගිනි ව්‍යාප්තවී ඇති ප්‍රදේශ රැසකට ඊයේ දිනයේදී වැසි ඇදහැලුණ බව විදෙස් වාර්තා පැවසුවා. ඒ සමඟ මෙතෙක් ඉහළ අගයක පැවති එරට බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 20 දක්වා පහළ බැස ඇති බව සඳහන්. නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකට සහ නැගෙනහිර වෙරළ තීරයේ සිඩ්නි සිට මෙල්බර්න් දක්වා ප්‍රදේශයට මෙලෙස වැසි ඇදහැලී තිබෙනවා. වර්ෂාවත් සමග උෂ්ණත්වයද පහළ […]


Jan
7

කුරුණෑගල-මල්පිටියදී බස් රථයක් හා බවුසරයක් ගැටීමෙන් පුද්ගලයින් 18 දෙනෙකුට තුවාල

Generic placeholder image

කුරුණෑගල,මල්පිටිය ප්‍රදේශයේදී බස් රථයක් හා බවුසරයක් ගැටීමෙන් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසිය පැවසුවා.


Jan
7

සරණට ඇප

Generic placeholder image

කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකළ අභියාචනයකට අනුව, වසර 03ක සිරදඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන ඇප මත මුදාහැර තිබෙනවා. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අවධියේ රජයට පාඩුවක් කළේයැයි ගොනුකර තිබූ චෝදනාවට වරදකරු කෙරුණු හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන සරණ ගුණවර්ධන මහතාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 03ක සිර දඬුවම් නියම […]


Jan
7

ශ්‍රී ලංකන් ගුවන් යානාවල මගීන්ට ඩුබායි වතුර නවත්වයි

Generic placeholder image

ශ්‍රී ලංකන් ගුවන් යානාවල ගමන් කරන මගීන් සදහා ලබාදෙන කුඩා ප්‍රමාණයේ ප්ලාස්ටික් වතුර කෝප්ප (Water Cup) ඩුබායි සමාගමකින් මිල දී ගැනීම කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් අත්හිටුවා තිබෙනවා. මෙම කුඩා ප්‍රමාණයේ ප්ලාස්ටික් වතුර කෝප්ප (Water Cup) මෙරට නිෂ්පාදනය නොකරන නිසා ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙම ප්ලාස්ටික් වතුර […]


Jan
7

දුම්රිය ධාවනයේ දින සංශෝධනයක්

Generic placeholder image

පවතින දුම්රිය කාල සටහනට අමතරව දුම්රිය ධාවන දින සංශෝධනයක් මෙම සතිය තුළ සිදුව ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසනවා. ඒ අනුව පවතින කාල සටහනට අමරතරව කොළඹ කොටුව සිට මහනුවර බලා සවස 5.20ට සිකුරාදා දින ධාවනය කරනු ලබන අංක 1033 දරණ දුම්රිය මෙම සතියේ බ්‍රහස්පතින්දා (09) හා සිකුරාදා (10) යන දින දෙක තුළම ධාවනය බව නිවේදනය […]


Jan
7

ටෙලිකොම් සභාපති ඉල්ලා අස්වෙයි

Generic placeholder image

ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී හි සභාපති හා විධායක නොවන අධ්‍යක්ෂ පී.ජී. කුමාරසිංහ සිරිසේන මහතා, තමන් විසින් දරන ලද සභාපති හා අධ්‍යක්ෂධූරයෙන් ඉල්ලා අස්වෙන බව දැනුම් දී තිබෙනවා. මෙම ඉල්ලා අස්වීම ඊයේ දින සිට බලපැවැත්වෙන බව ටෙලිකොම් සමාගමේ, සමාගම් ලේකම් මහේෂ් අතුකෝරල විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත අද දින දැනුම් දී තිබෙනවා.


Jan
7

ජෝකින් ලොව හොදම සිනමා නළුවා ලෙස සම්මානයට පාත්‍ර වෙයි

Generic placeholder image

77 වන වරට පවත්වනු ලබන ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළලේදී ජෝකර් චිත්‍රපටයේ ජෝකර්ගේ චරිතයට රංගනයෙන් දායක වූ joaquin phoenix ලොව හොදම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වී තිබෙනවා. මෙම සම්මාන උළෙල ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවරදී පැවැත්වුණා.


Jan
7

පස්සර බස් අනතුරින් මියගිය අයට වන්දි මුදලක්

Generic placeholder image

ඊයේ (06) පස්සරදී හදිසි අනතුරකට ලක්වූ බස් රථයේ ගමන්ගත් මගීන් අතරින් මියගිය මගීන්ගේ අවමංගල්‍යය කටයුතු වෙනුවෙන් රුපියල් 50,000 බැගින් අවමංගල්‍යාධාරයක් ලබාදීමට ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කරනවා. ඊයේ බදුල්ල, පස්සරදී හදිසි අනතුරකට ලක්වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයේ ගමන්කළ මගීන් අතරින් කිහිප දෙනෙක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා මේ වනවිට රෝහල්ගත කර තිබෙන අතර මෙම […]


Jan
7

වැල්ලවායේ විහාරස්ථානයකට වන අලි ප්‍රහාරයක්

Generic placeholder image

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආනපල්ලම ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයට අද (07) උදෑසන 5.00ට පමණ සිදුවූ වන අලි පහර දීමකින් විහාරස්ථානයට දැඩි ලෙස හානි සිදු වී තිබෙනවා. ඊයේ රාත්‍රි කාලයේ ගම්වැදුනු වන අලි අද උදෑසන මෙම පහර දී සිදුකර ඇති අතර ප්‍රහාරයෙන් විහාරස්ථානයේ ආවසගෙට සහ ඉදිරිපස මඩුවකට දැඩි ආලාභහානි සිදුවී ඇති අතර අලි විසින් පහරදීම සිදුකරන අවස්ථාවේ […]


News Articles
Latest Videos
Most Popular Post