පවතින වැසි තත්ත්වය සමඟ දිස්ත්‍රික්ක 4කට අදාළව නාය යාමේ අවදානම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කළුතර, බදුල්ල, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට මෙම තත්ත්වය බල පැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළා. මේ අතර, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවලටද තවදුරටත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
පොහොර හිඟයක් පවතින බවට ගෙනයන තොරතුරු අසත්‍ය බවත් මහ කන්නයට අවශ්‍ය පොහොර ගෙන්වා අවසන් බවත් කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා ප්‍රකාශ කළා. හුණුපිටිය රජයේ පොහොර ගබඩාවන් වන ලක් පොහොර හා කොමර්ෂල් පොහොර ගබඩා වෙත ගොස් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඔහු මේ බව පවසා තිබෙනවා. මහ කන්නයේ වී වගාවට අවශ්‍ය පොහොර සමඟම අතුරු බෝග සඳහා ද අවශ්‍ය […]
ආනයනික වියළි මිරිස් සහ මාළු කිලෝවක් සඳහා වන බදු මුදල් අඩු කිරීමට ජීවන වියදම් කමිටුවේ සභාපති අමාත්‍ය පී. හැරිසන් මහතා ප්‍රකාශකර තිබෙනවා. ඒ අනුව, ආනයනික වියළි මිරිස් කිලෝවක් සඳහා වන බද්ද රුපියල් 25 සිට 5 දක්වාත්, රුපියල් 100 ක්ව පවතින ආනයනික මාලූ කිලෝවක් සඳහා වන බද්ද රුපියල් 25 දක්වාත්, අඩු කෙරෙනු ඇති. එසේම, උත්සව සමය […]
එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන පන්දු 100 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකාවේ සුපිරි විස්සයි 20 ක්‍රීඩක ලසිත් මාලිංග අලෙවි වී නැහැ. ඔහුට අමතරව බටහිර ඉන්දීය කොදෙව් සුපිරි ක්‍රීඩක ක්‍රිස් ගේල්ද අලෙවි වී නොමැති බව සදහන්. මෙම තරගාවලිය වෙනුවෙන් මාලිංග හා ගේල් පවුම් 125000ක මූලික මිලක් ඉල්ලා තිබෙනවා. මෙම තරගාවලිය 2020 වසරේ ජුලි මාසයේදී […]
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ජයග‍්‍රහණයෙන් පසු පිහිටුවන නව ආණ්ඩුවේ වැඩි වගකීමක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ද පැවරෙන බව එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද දිසානායක සදහන් කළා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මිහින්තලය ආසන බලමණ්ඩලය අමතමින් මන්තී‍්‍රවරයා මෙම අදහස් කියා සිටියා. එහිදී ඔහු මෙලෙස අදහස් පළ කළා. “රටේ ජනාධිපතිවරයා හදන්නේ ශ්‍රී ලංකා […]
කොළඹ ආනන්ද විදුහලේ නව සත්මහල් ගොඩනැගිල්ල වැඩ නිම කිරීමටත් පෙර ආධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා එය විවෘත කිරීමට කටයුතු කරන බවට විරෝධය පල කරමින් එම විදුහලේ සිසු දරුවන් හා දෙමව්පියන්ද ආදී ශිෂ්‍ය සංගමයද අද පෙරවරුවේ මෙලෙස සිය විරෝධය පල කර තිබෙනවා.
මුලතිව්,පුදුකුඩිඉරිප්පු,ඉරනපලෙයි ප්‍රදේශයේදී එල්.ටී.ටී.ඊ හමුදා ඇදුම්, ප්‍රභාකරන්ගේ ඡායාරූප, එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරකම් සහිත වීඩියෝ පට ඇතුළු උපකරණ තොගයක් සොයා ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ ඉරනපලෙයි අද (21) උදෑසන කිතුණු දේවස්ථානයේ තාප්පය ඉදිකිරීම වෙනුවෙන් පාදම සකස් කිරීමට පස් කැපීමේදී මෙම භාණ්ඩ බහා තිබු පෙට්ටියක් හමු වු බවයි. සොයාගත් පෙට්ටිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිසිය ගොස් පරීක්ෂා කිරීමේදී මෙම […]
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රදේශ රැස්ක ජාලාශ වල ජල මට්ටම් ඉහල ගොස් ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව එම ජලාශයන්හි වාන් දොරටු විවෘත කිරීමට පියවර ගන්නා බව වාර්තා වෙනවා. ඒ අනුව තබ්බෝව ජලාශයේ මේ වන විට වාන්දොරටු 8ක් විවෘත කළ බව එහි පුත්තලම වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය සදහන් කරනවා. කෙසේ වෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරන්නේ […]
ගුරුකන්ද විහාරයේ සිද්ධියට මුලතිව් අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී ඥාණසාර හිමියන් ඇතුළු තුන් දෙනෙකු එම නියෝගය කඩ කල බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්තිනි ශ්‍රී ස්කන්ධරාජා විසින් ගොනු කළ පැමිණිල්ල සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ ද්වි පුද්ගල විනිසුරු මඩුල්ල විසින් ඥාණසාර හිමියන්ට නොතීසි නිකුත් කර තිබෙනවා.
ඉදිරි ජනපතිවරණය සදහා නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ යටතේ ඉදිරිපත්වන ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පස්වරුවේ හැටන් නගරයේ පැවති ජන හමුවක් අමතමින් ප්‍රකාශ කලේ වතු කම්කරුවන්ගේ දෛනික දීමනාව රුපියල් 1500 දක්වා වැඩි කරන බවයි. දැනට ඔවුනට හිමිවන දීමනාව කිසිසේත්ම ඔවුන්ගේ ජීවිකාව රැක ගැනීම සදහා ප්‍රමාණවත් නොවන බව එතුමා වැඩි දුරටත් ප්‍රකාශ කළා. ආණ්ඩුවේ අරමුදල් උපයෝගී කරගෙන […]
අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය විසින් නවතම පන්දුවාර 20 යි 20 ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබෙනවා. විශේෂයෙන්ම ඒම ලැයිස්තුවට අමෙරිකාව, ජපානය ඇතුළුව කණ්ඩායම් 85 ක් අන්තර්ගත කර තිබෙන බව වාර්තා වෙනවා. මෙම ශ්‍රේණිගත කිරීම් වල ශ‍්‍රී ලංකාව 07 වන ස්ථානයේ පසුවන අතර තවදුරටත් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ පසුවන්නේ පාකිස්තානයයි.
ඉදිරි ජනපතිවරණය සදහා මැතිවරණ කොමිෂන් සභාව විසින් සුදුසුකම් ලත් ජන්ද දායකයින්ට අන්තර්ජාලය හරහා ජන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිය පරීක්ෂා කිරීම සදහා අවස්ථාව උදා කර දී තිබෙනවා. ඒ අනුව www.elections.gov.lk වෙබ් අඩවියට පිවිස ජන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිය තොරතුරු පරීක්ෂා කර ගත හැක.