News Line| Off Air
Generic placeholder image

Oct
17

කොළඹ ප්‍රදේශ රැසකට අනිද්දා ජල කප්පාදුවක්

Generic placeholder image

නවීකරණ කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසකට අනිද්දා දිනයේදී පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවා. ඒ අනුව, අනිද්දා පස්වරු 9 සිට පසුදා පස්වරු 3 දක්වා පැය 18 ක කාලයක් කොළඹ 9, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති. එමෙන්ම කොටුව සහ පිටකොටුව යන ප්‍රදේශවලටද […]


Oct
17

මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම ඉහළ යයි

Generic placeholder image

ඉහළ ජලාධාර ප‍්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. අද දිනය වනවිට එම ජලාශයෙන් සියයට 42 කට ආසන්න ප‍්‍රතිශතයක් පිරී ඇති බව මොරගහකන්ද ව්‍යාපෘතියේ භාරකාර ඉංජිනේරු පී.එස් බණ්ඩාර ප්‍රකාශ කළා. මේ හේතුවෙන් ඉදිරි මහකන්නයේදී ගොවීන්ට බාධාවකින් තොරව ජලය ලබාදිය හැකි බවද මොරගහකන්ද ව්‍යාපෘතියේ භාරකාර ඉංජිනේරුවරයා පැවසුවා. එම ජලාශයේ සමස්ථ ජල […]


Oct
17

හිරුණිකාගෙන් ගෝඨාභයට ඇරයුමක්

Generic placeholder image

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සමග විවෘත සංවාදයකට පැමිණෙන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇරයුම් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්‍රකාශ කළා. කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව සදහන් කළා.


Oct
17

එජාප මන්ත්‍රීවරයෙක් යලි රක්ෂිත බන්ධනාගාරයට

Generic placeholder image

හලාවත මහාධිකරණය විසින් නිකුත් කර තිබූ ඇප කොන්දේසි කඩ කිරීම හේතුවෙන් අද යලි දෙවැනි වරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර කිරීමට හලාවත මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා. ඇප කොන්දේසි අවස්ථා දෙකකදී කඩ කිරීම හේතුවෙන් මෙලෙස මන්ත්‍රීවරයා හලාවත මහාධිකරණ විනිසුරු එම්.අයි.ප්‍රනාන්දු මෙනවිය අද නියෝග කර අතර 2004 වර්ෂයේ මැයි මස 30 වැනිදා ගිනි අවියක් ළඟ තබා ගත් සිද්ධියකට […]


Oct
17

ලෝක නිරාහාර දර්ශකයේ ශ්‍රී ලංකාව 66 වැනි ස්ථානයට

Generic placeholder image

ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනය විසින් ගණනය කරනු ලබන ලෝක නිරාහාර දර්ශකයේදී මේ වසරේදී ශ්‍රී ලංකාව 66 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ අනුව එම දර්ශකය තුළ ශ්‍රී ලංකාව සාමාන්‍ය මට්ටමට පැමිණ ඇති බව සදහන්. 2018 වසරේදී ශ්‍රී ලංකාව 67 වැනි ස්ථානයේ පසුවුණා. ඒ අනුව ශ්‍රී ලංකාව මෙම දර්ශකයේදී ඉදිරියට පැමිණ ඇති අතර 2000 […]


Oct
17

කෝටියකට අධික හෙරොයින් පානදුර – නල්ලූරුව මුහුදු වෙරළෙන්

Generic placeholder image

පානදුර – නල්ලූරුව මුහුදු වෙරළේ සගවා තිබූ රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් කළුතර දිසා අපරාධ ඒකකය විසින් සොයා ගෙන තිබෙනවා. එම ඒකකයට ලද තොරතුරක් මත අද පෙරවරුවේ මෙලෙස මත්කුඩු කිලෝග්‍රෑමයක් සොයා ගත් බව පොලීසිය සදහන් කළා. සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ මුහුදේ පාවෙමින් තිබූ පාර්සලයක් […]


Oct
17

අද සිට තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ

Generic placeholder image

ඉදිරි ජනපතිවරණය හේතුවෙන් සමස්ත දිවයිනටම බල පවැත්වෙන පරිදි සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා. ඊට අදාළ චක්‍රලේකනය මේ විට නිකුත් කර තිබෙන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළා. එමෙන්ම ලබන නොවැම්බර් මස 16 වෙනිදා පැවැත්වීමට අදාළ ජනපතිවරණයේ තැපෑල් ජන්ද ප්‍රකාශ කිරීමට මේ මස 31 සහ නොවැම්බර් 01 වෙනිදා අවස්ථාව හිමිවෙනවා. තැපෑලෙන් […]


Oct
17

සඳට යන්නට ISS එකට සමාන නව ඇඳුම් කට්ටලයක්

Generic placeholder image

අමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සිය සද තරණය සදහා නව ඇදුම් කට්ටලයක් හදුන්වා දී තිබෙනවා. නාසා ආයතනය පවසන්නේ මෙම ඇදුම් කට්ටලය නවින තාක්ෂනය උපයෝගී කරගෙන නිපදවූවක් බවත් එමෙන්ම එම අභ්‍යවකාශ ඇදුම් කට්ටලය ඉතා පහසු වත්මන් ISS ( ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ) යේ කාර්ය මණ්ඩලයට සමාන ඇදුමක් බවයි.


Oct
17

ජනපති අපේක්ෂකයින් සිව් දෙනෙකුගේ ආරක්ෂාව ගැන සීරුවෙන්

Generic placeholder image

ඉදිරි ජනාධිපතිවණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයින් වන ගෝඨාභය රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, මහේෂ් සේනානායක යන මහත්වරුන් වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් ලබා දෙන බව නීතිය හා සාමය පිළිබද අමාත්‍යංශය සදහන් කරනවා. විශේෂයෙන් බුද්ධි අංශ විසින් පොලීසියට හා මැතිවරණ කොමිෂන් සභාව මේ පිලිබදව දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු දෙදෙනෙකු හා […]


Oct
17

උතුරු කොරියානු නායකයා පෙක්ටු තරණය කරයි

Generic placeholder image

විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් එරට උසම කදු වැටියක් වන පෙක්ටු කන්ද තරණය කර තිබෙනවා. මෙම කන්ද හිමෙන් වැසි තිබෙන අතර එය මීටර් 2750 ක් පමණ උස බවයි වාර්තා වන්නේ.


Oct
17

2019 T10 තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 07 ක් වෙන්දේසි වෙයි

Generic placeholder image

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හීදී පැවැත්වෙන පන්දුවාර 10 ප්‍රීමියර් ලීග් තරගාවලිය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 07 දෙනෙක් සහභාගී වීමට නියමිත බව වාර්තා වෙනවා. ඒ අනුව ඊයේ පැවති ප්‍රීමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියෙදී මෙලෙස ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 07 දෙනෙක් පහත කණ්ඩායම් වලට වෙන්දේසියට ලක් වුණා. එනම්, ලසිත් මාලිංග – Maratha Arabians දසුන් ශානක – Maratha Arabians […]


Oct
17

ජනපති මෛත්‍රීගේ ධුර කාලයේ අවසන් මාසය අද සිට

Generic placeholder image

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සිය ජනපති ධුර කාලය අවසන් වීමට ඇත්තේ අද සිට මාසයක් පමණ කාලයක්ය. ඒ අනුව ලබන නොවැම්බර් 16 වෙනිදා පවත්වනු ලබන ජනපතිවරණයෙන් ජයග්‍රහණය අපේක්ෂකයා ඉන්පසු ලංකාවේ 07 ජනපතිවරයා වශයෙන් පත්වීමට නියමිතව තිබෙනවා. ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාවේ 06 ජනපතිවරයා වශයෙන් 2015 වර්ෂයේ ජනවාරි 09 වෙනිදා දිවුරුම් දුන්නා.


News Articles
Latest Videos
Most Popular Post