ඊයේ රාත්‍රියේ පොලීසියට ලද තොරතුරක් මත කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ සැක කටයුතු නිවෙසක් පරීක්ෂා කිරීමට පොලීසිය ක්‍රියාත්මක වූ බවත් එහිදී පිපිරීම් කිහිපයක් සහ ආරක්ෂක අංශ වෙත වෙඩි තැබීමක්ද වාර්තා වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ. ඔහු වැඩි දුරටත් පවසා සිටියේ අද උදෑසන පිපිරීම් සිදු වූ නිවෙස පරීක්ෂා කිරීමේදී පිරිමි පුද්ගලයින්ගේ මළ සිරුරු 3ක් කාන්තා මළ […]
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පවතින පීඩන අවපාතය අද පෙ.ව 02.00 වන විට පොතුවිල් සිට ගිනිකොණ දෙසින් කි.මී 800 පමණ දුරින් උතුරු අක්ෂාංශ 4.0 ත් නැගෙනහිර දේශාංශ 88.1 ත් ආසන්නව ස්ථානගතව පවතීන බව කාලගුණ විද්‍යා දේපාර්තමේන්තුව ප්‍රකාශකර සිටියා.මෙම පද්ධතිය ඉදිරි පැය 12 තුලදී ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී පසුව […]
කල්මුණේ, සයින්දමරුදු ප්‍රදේශයේ තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසනවා.පොලිසිය පවසන්නේ ඊයේ (26) රාත්‍රීයේ එම ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදි වෙඩි හුවමාරුවක් ද සිදුව ඇති බවයි. පොලීසිය, පොලිස් විශේෂ කාර්යය බලකාය සහ යුද හමුදාව එක්ව එම ප‍්‍රදේශයේ මෙහෙයුම් කි‍්‍රයාත්මක කළේ ඉන් පසුවයි. එම අවස්ථාවේ පිපිරීම් කිහිපයක් සිදුවූ බවද වාර්තා වුණා. දෙපාර්ශවය අතර හටගත් වෙඩි හුවමාරුවලින් […]
තමන් ඉදිරි ජනාධිපතිවරණය සදහා තරග කරන බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ රොයිටර් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් කියා සිටියා.බුද්ධි අංශ ශක්තිමත් කිරිමට, හිස ඔසවා තිබෙන මුස්ලිම් අන්තවාදයෙන් ජනතාව බේරා ගැනිම සහ රටේ ආරක්ෂාව තහවුරු කිරිමට තමන් කැපවෙන බව හිටපු ආරක්ෂක ලේකම්වරයා එහිදී ප්‍රකාශ කර සිටියා. “මේ සිදුවිමේදි රජය කලබලයට පත්වෙලා ඉන්නේ. ඔවුන් මේ […]
කල්මුණේ චවලකඩේ සමන්තුරේ යන ප්‍රදේශ වලට වහාම ක්‍රියාත්මකවන පරිදි දැන් සිට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නිතිය පැනවීමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා.
පවතින ආරක්ෂිත තත්ත්වය සැලකිල්ලට ගනිමින් සියලූ පාසල් සහ විශ්වවිද්‍යාල විවෘත කිරීම ලබන මැයි 6 වනදා දක්වා කල් දමා තිබෙනවා.ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේ අද රැස්වූ ආරක්ෂක කවුන්සිලයේදී මෙම තීරණය ගෙන ඇති බවයි.
කල්මුනේ සායිදුමරදු ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය සමග යම් කණ්ඩායමක් වෙඩි අතර හුවමාරුවක් සිදුව තිබෙනවා. මේ සම්බන්දයෙන් පොලීසිය වැඩි දුරටත් සදහන් කලේ මරාගෙන මැරෙන ඇදුම් නිෂ්පාදනය කරන ස්ථානයක් පිළිබදව ලැබුනු තොරතුරක් මත එය සෝදිසි කිරීමට යාමේදී මෙම වෙඩි හුවමාරුව සිදුව ඇති බවයි. වැඩි විස්තර බලාපොරොත්තුවන්න..
රට පුරා කරන සෝදිසි මෙහෙයුම් වලදී දිවයිනේ සියලුම නිවාස පරික්ෂාවට ලක් කෙරෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සඳහන් කළා. ජනාධිපති මාධ්‍ය අංශය හරහා ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් එතුමා සඳහන් කළේ නිවාස වල ස්ථීර පදිංචිකරුවන්ගේ ලැයිස්තුවක් සකස් කිරීමට ද කටයුතු කරන බවයි. නාඳුනන පුද්ගලයින් කිසිඳු ස්ථානයක ජීවත්විය නොහැකි බව තහවුරු කිරීම වෙනුවෙන් මෙම පියවර ගෙන තිබෙන […]
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා යුද හමුදා විසින් බාරයට ගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලීසිය වෙත බාර දී තිබෙනවා.පසුගිය දා සිදු වු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වලට අදාළව ඔහු හමුදා නිළධාරීන් කණ්ඩායමක් විසින් සිය බාරයට ගත් බව යුධ හමුදාව පවසා සිටියේ. කෙසේ නමුත් ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව පොලීසිය විසින් ඔහුව මුදා හැර තිබෙනවා.
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ලබන 28 වනදා සිට දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇති විය හැකි බව ආපදා කළමනකාරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසා සිටියා. ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පවතින අඩු පීඩන කලාපය, මේ වන විට පීඩන අවපාතයක් දක්වා […]
කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ඉස්ලාම් පල්ලියක තිබී කඩු 46ක් සොයා ගෙන තිබෙනවා. තවද ඒ සමග යුද හමුදා නිළ ඇදුමට සමාන ඇදුම් කිහිපයක්ද අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ. මෙම ආයුධ සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමටද පොලීසිය සමත්ව තිබේ.
තංගල්ල නගරයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයක් සමඟ එහි ගමන් කළ සිවුදෙනෙකු අත් අඩංගුවට ගත් බව තංගල්ල මූලස්ථාන පොලීසිය පවසා සිටිනවා. 25වන දා සවස කතරගම දෙස සිට පැමිණි වෑන් රථය නැවැත්වීම සඳහා රථවාහන පොලිස් නිලධාරියෙකු අණ කර ඇත. මෙහිදී වෑන් රථයේ රියදුරු අණ නොතකා පලා ගොස් ඇති අතර පසුව වෑන් රථය ලුහුබැද ගිය […]