දුම්වැටියක් සඳහා රුපියල් 05ක බද්දක් අය කෙරේ.2019 ජුනි මස 01 වෙනිදා සිට ජාතික ගොඩනැගීමේ බද්ද පැනවීමට යෝජනා කෙරෙනවා. ඒ අනුව සිගරට්ටුවක මිල රු. 5කින් ඉහළ යනු ඇති.
ගුරු වැටුප 16000 සිට 29000 දක්වා වර්ධනයට පියවර ගන්නා බව මුදල් ඇමති මංගල සමරවීර මහතා අද පාර්ලිමේන්තුවේදී අයවැය යෝජනා ඉදිරිපත් කරමින් කියා සිටියා. එමෙන්ම රජයේ සේවකයින්ට ජුලි මස 01 වෙනිදා සිට රුපියල් 2500 ක දීමනාවක්ද ලබා දෙන බවයි ඔහු කියා සිටියේ.
මෙවර අයවැයෙන් රණවිරුවන්ටද සහන ලබාදීම් සිදු කර තිබෙනවා. ඒ අනුව , හමුදා සාමාජිකයන්ගේ නිලඇඳුම් දීමනාව වැඩි කර තිබෙන අතර කමාන්ඩෝ බලකායට ලබා දෙන රු. 1000ක දීමනාව රු. 5000 දක්වා ඉහළට. ත්‍රිවිධ හමුදා නිවාස කුලී දීමනාව සීයට සියයකින් ඉහළ දැමීමට යෝජනා කරනු ලැබුවා.
ජූලි 1 දා සිට සියලුම රාජ්‍ය සේවකයින්ට රුපියල් 2500 ක දීමනාවක් ලබා දෙන බව මේ වන විට පැවැත්වෙන 2019 අයවැය ප්‍රකාශනය සිදු කිරීමේ ක්‍රියාවලියේදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරා.
මේ වසරේ ජලභීතිකා රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට අයවැය යෝජනා හරහා මුදල් වෙන් කිරීමක් සිදුකරමින් මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාට පවසා සිටියේ මෙය හුදෙක් ජන්ද අය වැයක් නොවන බවත් බල්ලන්ටත් සලකන අයවැයක් බවයි.
මෙවර උසස් පෙළ විශිෂ්ඨ ප්‍රතිපල ලබාගන්නා සිසුන්ගෙන් 14 දෙනෙකු මෙම වසරේදී ලොව තිබෙන විශිෂ්ඨතම විශ්ව විද්‍යාල තුළට ඇතුළත් කිරීමට අරමුදලක් පිහිටුවා තිබෙනවා. මෙය අධ්‍යාපන විශිෂ්ඨතා අරමුදල ලෙස හඳුන්වනවා. එසේ විශිෂ්ඨ ප්‍රතිඵල ලබා ගන්නා සිසුන් 14 දෙනාව ලොව තිබෙන හොඳම විශ්ව විද්‍යාල ලෙස හඳුන්වන හාවර්ඩ් , ඔක්ස්වර්ඩ්, කේම්බ්‍රිජ් වැනි විශ්වවිද්‍යාල වෙත යොමු කෙරෙනවා. මීළඟ වසරේදී ඊට […]
අද පාර්ලිමේන්තුවේදී ඉදිරිපත්වෙන අයවැය යෝජනා අතර අලුතෙන් විවාහවන තරුණ තරුණියන් සදහා 6%ක පොලී අනුපාතකයට යටත්ව වසර 25කින් ගෙවෙන ණය යෝජනා ක්‍රමයක් හදුන්වා දුන්නා. එය මුදල් ඇමතිවරයා විසින් හැදින්වූයේ අලුත බැඳපු ජෝඩු සඳහා වෙන ණය යෝජනා ක්‍රමයක් ලෙසයි. එමෙන්ම සිහින මාළිගා ණය යෝජනා ක්‍රමය නමින් විදෙස්ගත ගෘහණියන්ටද සහනදායි ණය යෝජනා ක්‍රමයක් හදුන්වා දීමට යෝජනා කලා.
රටේ සනීපාරක්ෂක පහසුකම් නොමැති ස්ථානවල ඒවා ඉදිකිරීමට බිලියන 4ක් වෙන් කරන බව මේ වන විට පැවැත්වෙන අයවැය යෝජනා ක්‍රියාවලිය ඉදිරිපත් කිරීමේදී ම. එම සනීපාරක්ෂක වෙන් කිරීම් වෙන් කෙරුණේ වැසිකිලි පහසුකම සඳහායි. ලක්ෂ 10 කට සාමාන්‍යය වැසිකිලි පහසුකම් නොමැති බව මෙහිදී ප්‍රකාශ කෙරුණා. හම්බන්තොට ලක්ෂයකටත් , මොණරාගල විසිපන්දාහකටත් වැසිකිලි පහසුකම් නොමැති බව මෙහිදී වැඩි දුරටත් අදහස් […]
ග්‍රාම නිළධාරීන්ගේ උද්ඝෝෂණක් නිසාවෙන් පාර්ලිමේන්තු වටරවුමේ සිට පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ග වසා දැමීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා. මේ හේතුවෙන් බත්තරමුල්ල අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙන බවයි වාර්තා වෙන්නේ.
නිදහස් ශ්‍රී ලංකාවේ 73 වෙනි අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඒ මුදල් අමාත්‍යය මංගල සමරවිර ඇමතිතුමන් විසිනුයි.මේ වන විට ලැබී තිබෙන නව අයවැය යෝජනා කිහිපයක් වේ, ගම්පෙරළිය ශක්තිමත් කිරීමට පියවර නව ව්‍යවසායකයින් අධෛර්‍ය කරන බැංකු නිලධාරීන් ගැන දැනුම් දීමට විශේෂ දුරකථන අංකයක් කුඩා ට්‍රක් රථ නිෂ්පාදන බදු පහළට. රබර් අලුතෙන් […]
නිදහස් ශ්‍රී ලංකාවේ 73 වෙනි අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඒ මුදල් අමාත්‍යය මංගල සමරවිර ඇමතිතුමන් විසිනුයි. සියලු විස්තර බලාපොරොත්තුවන්න..
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here