ඉදිරි ජනපතිවරණය සදහා අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා හෙට සිට ජනතාවට බෙදා හැරීමට සුදානම් කර ඇති බවයි මැතිවරණ කොමිසම සදහන් කරන්නේ. ඒ අනුව අදාල නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද දිනයේ දෙපාර්තමේන්තුවට භාරදීම සිදු කරනු ලබන බව වාර්තා වෙනවා. එමෙන්ම ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරිමේ විශේෂ දිනය ලෙස නොවැම්බර් මස 03 වනදා ප්‍රකාශයට පත් කර ඇති අතර […]
ඉදිරි ජනපතිවරණය සදහා පොහොට්ටුවේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද පෙරවරුවේ කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. “සාර්ථක දැක්මක් – වැඩකරන රටක්” යන තේමාව යටතේ ප්‍රතිපත්ති ප්රකාශනය එළිදැක්වේ.
දිවයිනේ බස්නාහිර සබරගමුව පළාත්වල සහ ගාල්ල සහ මාතර ඇතුළු දිස්ත්‍රික්ක බොහොමයකට තද වැසි සහිත කාලගුණ තත්වයක් තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනය සදහන් වෙනවා. උතුර, නැගෙනහිර, උතුරු-මැදසහ ඌව පළාත්වල වැසි තත්ත්වය බොහෝ වර්ධනයක් ඇතිවිය හැකි බවත් ගිගුරුම් සහිත වැඩි ඇතිවන විට සිදුවන අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍යපියවර ගන්නා ලෙස එම දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා […]
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
කොණ්ඩේ කියන්නේ මොකක්ද කියල නොදන්න කෙනෙක් නැහැ. ඒ වුනාට ඔය එක එක විලාසිතා කරලා හැඩට, පෙනුමට තියන් ඉන්න කොණ්ඩේ ගැන අපි නොදන්න දේවල් ගොඩක් තියෙනවා. ගැහැණු පිරිමි අපි හැමෝටම කොණ්ඩය ගැන වැදගත් කාරණා කිහිපයක් කියන්නයි මේ සූදානම. 1. සංයුතිය කොණ්ඩේ පරිස්සම් කරගන්න උනන්දු වෙන හැමෝටම වැදගත් මේ කොණ්ඩේ කියන්නේ මොකක්ද කියල දැනගන්න එක. කොණ්ඩේ හැදිලා […]
කොළඹ කොටුව ලෝටස් වටරවුමේ විරෝධතාවයේ යෙදී සිටි විශ්ව විද්‍යාල සිසුන් 26 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නීති විරෝධී ආකාරයෙන් පාගමන් පැවැත්වීම සහ රථවාහන ගමනාගමනයට බාධා එල්ල කිරීම ඇතුලු චෝදනා කිහිපයක් යටතේ මොවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවා. මහපොල ශිෂ්‍යාධාරය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් […]
දිවයිනේ ප්‍රදේශ රැසකට අද රාති‍්‍රයේත් තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව බස්නාහිර, වයඹ, උතුරු, දකුණු සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කළා. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසිද අපේක්ෂා කරන බව කාලගුණ […]
ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි භාර ගැනීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පැමිණිලි භාර ගැනීමේ ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා. මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ කඩ කිරීම් පිළිබඳව සොයා බැලීම සඳහා මෙම පැමිණිලි භාර ගැනීමේ ඒකකය පිහිටුවා ඇති බව සදහන්. පැය 24 පුරා ක්‍රියාත්මක එම ඒකකයට 1996 ක්ෂණික අංකය අමතා පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා. එමෙන්ම, […]
නුස්රත් ජහාන් රාෆි නමැති බංග්ලාදේශ ජාතික සිසුවියක පණ පිටින් පිළිස්සූ සිද්ධියක් සම්බන්දයෙන් වරදකරුවන් වූ 16 දෙනෙකුට එරට අධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පසුගිය අප්‍රේල් මාසයේදී මෙසේ ඝාතනය ෆෙනී නගරයේදී මෙම ඝාතනය සිදුකර ඇති අතර මේ හේතුවෙන් මිට විරුද්ධව එරට උද්ඝෝෂණ සිදු කල අතර වැරදිකරුවන්ට දැඩිව නිතිය ක්‍රියාත්මක කල […]
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් පොල් සදහා රුපියල් 75 ක ලෙස පනවා තිබු උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. තරගකාරී වෙළදපොලක් ඇති කිරීම උදෙසා මෙලෙස පොල් සදහා උපරිම සිල්ලර මිල ඉවත් කර තිබෙන අතර එය ඔක්තෝබර් 23 දා සිට බල පැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කර තිබෙනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව විසින් තද වැසි පිලිබදව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද උදෑසන එම දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කල මෙම අවවාදාත්මක නිවේදනය හෙට පෙ.ව. 6.30 දක්වා වලංගු වෙනවා. දිවයිනේ බස්නාහිර, වයඹ හා උතුරු පළාත්වලත් කෑගල්ල, ගාල්ල හා මාතර යන ප්‍රදේශයන්ට බලපැවැත්වෙන පරිදි නිකුත් කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක් සදහා ගොස් සිටින ලසිත් මාලිංග ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා හමුව තිබෙන බව වාර්තා වෙනවා. දෙරට අතර තරග තුනකින් සමන්විත 20 යි 20 තරගාවලියේ පළමු තරගය ලබන 27 වෙනිදා වෙනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.