News Line| Off Air
Generic placeholder image

Sep
11

බෝරාවරුන් නිසා කටුනායක ගුවන් තොටුපලේ මගී තදබදයක්

Generic placeholder image

ලෝක බෝරාවරුන්ගේ වාර්ෂික සමුළුවට සහභාගිවීමට පැමිණි පිරිස් ආපසු තම රටවල් වෙත පිටත්වීමට පැමිණ සිටීමත් සමඟ කටුනායක ගුවන් තොටුපලේ මේ වනවිට මගී තදබදයක් හටගෙන තිබෙනවා. බෝරා සමුළුව සඳහා සහභාගිවීමට විදේශ රටවල් 40 කට අයත් බෝරාවරුන් 21,000 කට වැඩි පිරිසක් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි බව සදහන්. එසේම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු කියා සිටියේ කටුනායක ගුවන් තොටුපලේ පවතින […]


Sep
11

කුඩා සාමණේර හිමියන් දෙනමකට පහර දුන් පුද්ගලයා අත්අඩංගුවට

Generic placeholder image

කුඩා සාමණේර හිමියන් දෙනමකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරු හොරොව්පතාන පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගර ගත කර තිබෙනවා. අදාළ සකකරු අද(11) පදවිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරව සැප්තැම්බර් 24 දා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කළ බව සදහන්. මෙලෙස සාමණේර හිමියන් දෙනමට පහර දී ඇත්තේ ගම්මැද්දේ චමින්ද ගලබොඩ නොහොත් උටියා නම් […]


Sep
11

ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ට මාසික දීමනාවක්

Generic placeholder image

වයස අවුරුදු 60 ට වඩා වැඩි ජ්‍යෙෂ්ඨ කලාකරුවන් සඳහා මාසයකට රුපියල් 5000 බැගින් ලබා දීමට කටයුතු කරන බව ප‍්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා පවසනවා. එහි පළමු අදියර යටතේ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් 200 දෙනෙකුට දීමනාව ලබා දීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. රජය විසින් කලාකරුවන් සඳහා වෙන් කර ඇති රුපියල් මිලියන 94 […]


Sep
11

මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින්ට අවස්ථා 840 කදී වැට් බදු ආපසු ගෙවයි

Generic placeholder image

මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින්ට අවස්ථා 840 කදී වැට් බදු ආපසු ගෙවීම් සිදු කර ඇති බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සදහන් කළා. බදු පරිපාලන අංශයේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි ප‍්‍රකාශ කළේ මෙම ක‍්‍රමවේදය හරහා ශ‍්‍රී ලංකාවට වාසි රැසක් දැනටමත් අත්වී තිබෙන බවයි. මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින්ට වැට් බදු ආපසු ගෙවීමේ විශේෂ කවුළුවක් කටුනායක ජාත්‍යන්තර […]


Sep
11

පාකිස්තානු සංචාරය ගැන ඇමති හරින්ගෙන් පැහැදිලි කිරීමක්

Generic placeholder image

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් පකිස්තාන තරග සංචාරයට එක්වීම වැළැක්වීම සඳහා ඉන්දියාව බලපෑම් එල්ල කළ බවට පළ වන වාර්තා අසත්‍ය බව ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන්කළේ සිය ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින්. පාකිස්තාන සංචාරය සඳහා සහභාගී නොවන ලෙස ඉන්දීය ක‍්‍රිකට් පරිපාලකයින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් හට බලපෑම් එල්ල කර ඇති බව පකිස්ථානයේ […]


Sep
11

කොළඹ කොටුවේ සිට පොළොන්නරුව දක්වා අද සිට නව දුම්රියක්

Generic placeholder image

නව දුම්රිය පුලතිසි නගරාන්තර සීඝ‍්‍රගාමී දුම්රිය ලෙස නම් කර තිබෙනවා. දුම්රිය පොල්ගහවෙල / කුරුණෑගල / මහව / කලාවැව / කැකිරාව / හබරණ / හිගුරක්ගොඩ සහ පොලොන්නරුව යන දුම්රිය ස්ථාන වල නවත්වන බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ. කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 3.05 ට දුම්රිය පිටත් වීමට නියමිත අතර පැය 6කින් එය පොළොන්නරුව වෙත ළඟා […]


Sep
11

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්ෂනිකව ඉහළ යෑමක්

Generic placeholder image

හික්කඩුව සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප‍්‍රදේශ වල සුළගේ වේගය ක්ෂනිකව පැයට කිලෝ මීටර 70 හෝ 80 කන්වා ඉහළ යා හැකි බව කාලගුණ විඉා දෙපාර්තමේන්තුව පවසනවා. එම මුහුදු ප‍්‍රදේශ රලූවිය හැකි බැවින් ධීවර සහ නාවික ප‍්‍රජාවගෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුම්දී සිටිනවා. නැගෙනහිර / ඌව / මධ්‍යම සහ […]


Sep
11

මොණරාගල ප්‍රදේශයට අයිස් වැස්සක්

Generic placeholder image

මොණරාගල මැදගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බකිනිගහවෙල සහ 17 කණුව ඇතුළු ප‍්‍රදේශ කිහිපයකට අයිස් වැස්සක් පතිත වී තිබෙනවා. පැයක් පමණ කාලයක් මෙම අයිස් වැස්ස ඇද හැලුණු බව ප්‍රදේශවාසින් සදහන් කරනවා.


Sep
11

විරෝධතාවක් හේතුවෙන් ලෝටස් පාර වැසෙයි

Generic placeholder image

ආබාධිත රණවිරුවන් පිරිසක විරෝධතාවක නිරත වීම හේතුවෙන් ගාලු මුවදොර පිවිසුම් මාර්ගය ලෝටස් වටරවුම අසලින් තාවකාලිකව වසාදමා ඇති බව වාර්තා වෙනවා.


Sep
11

යුරෝපා සංගමයට විවිධත්වයෙන් යුත් නව නිලධාරී මණ්ඩලයක්

Generic placeholder image

යුරෝපා සංගමය නව නිලධාරි මණ්ඩලය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව මෙම නිලධාරී මණ්ඩලය ස්ත්‍රී, පුරුෂ දෙපාර්ශවයටම සමානව තනතුරු ලබා තිබෙනවා. එනම් මෙම නිලධාරි මණ්ඩලය කාන්තාවන් 14 දෙනකුගෙන් හා පුරුෂයින් 15 දෙනකුගෙන් සමන්විත වනවා. මෙම නිලධාරී මණ්ඩලය පත් කර ඇත්තේ එහි සභාපතිනී උරුසුලා වොන්ඩර් ලෙයින් මහත්මිය විසින්ය.


Sep
11

නාවික හමුදා සෙබළු 12ක් රක්ෂිත බන්ධනාගාරයට

Generic placeholder image

සැක කටයුතු යාත‍්‍රාවකට වෙඩි තැබීම සම්බන්ධයෙන් නාවික හමුදා සෙබලූන් 12 දෙනෙකු ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ ඔවුන් ඊයේ ත‍්‍රීකුණාමලය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.ඔවුන් හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත‍්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. අගෝස්තු මස 28 වනදා රාත‍්‍රියේ කොකිලායි මුහුදු තීරයේ මුර සංචාරයේ යෙදී සිටි නාවික හමුදා යාත‍්‍රාවක් අණ නොතකා යාත‍්‍රා […]


Sep
11

ආසියානු යොවුන් පිටියේදී ශ්‍රී ලංකාවට පරාජයක්

Generic placeholder image

ආසියානු වයස 19න් පහළ යොවුන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකා කණ්ඩායමට එරෙහි තරගයෙන් බංගලාදේශ කණ්ඩායම ලකුණු 42 ක ජයක් වාර්තා කලා. තරගය ඊයේ පැවැත්වුණේ මොරටුව ටිරෝන් ප‍්‍රනාන්දු ක‍්‍රීඩා පිටියේ දීයි. කාසියේ වාසිය දිනාගත් බංගලාදේශ 19 න් පහළ කණ්ඩායම ප‍්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කලා. ඒ අනුව බංගලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලූ 07 ක් […]


News Articles
Latest Videos
Most Popular Post