News Line| Off Air
Generic placeholder image

Aug
30

සියෝන් දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බකරුගේ හිස සුසාන භූමියෙන් ඉවත් කරන්නැයි නියෝගයක්

Generic placeholder image

මඩකලපුව සියොන් දේවස්ථානයේදි බෝම්බයක් පුපුරුවා ගෙන ජිවිත ගණනාවක් විනාශ කරන ලද මරාගෙන මැරෙන බෝම්බකරුගේ හිස කොටස මඩකලපුව, කල්ලියන්කාඩු සුසාන භූමියෙන් ඉවත් කර සුදුසු ස්ථානයක මිහිදන් කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සි. රිස්වාන් මහතා දිසාපතිවරයාට අද (30) නියෝග කර තිබෙනවා. මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත මෙම බෝම්බකරුගේ හිස කොටස පසුගිය අගෝස්තු මස 26 වෙනිදා මඩකලපුව, කල්ලියන්කාඩු සුසාන […]


Aug
30

ඩෝරියන් සුළි කුණාටුව ඇමරිකාව දෙසට

Generic placeholder image

ඩෝරියන් සුළි කුණාටුව ඇමරිකාව දෙසට ගමන් කරමීන් පවතින බව ජාත්‍යන්තර කාලගුණ අංශ පවසනවා. පැයට කිලෝමීටර 210 වේගයෙන් සුළි කුණාටුව හමා යන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. එමෙන්ම ඇමරිකාවේ ෆ්ලොරිඩා සහ ජෝර්ජියා ප‍්‍රාන්ත වලට වලට ඉන් වැඩි බලපෑමක් ඇතිවිය හැකි බවට අනතුරු අගවා තිබෙනවා. එම තත්වය මත ෆ්ලොරිඩා ප‍්‍රාන්තයට හදිසි තත්වයක් ද ප‍්‍රකාශයට පත් කර කර […]


Aug
30

කසල ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයකට අදත් ගල් ප්‍රහාරයක්

Generic placeholder image

අරුවක්කාළු කසල අංගනය දක්වා කසල ප‍්‍රවාහනය කරමින් තිබු ලොරි රථයකට අදත් ගල් ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා.අද අලූයම 01 00 ට පමණ වනාතවිල්ලූව ප‍්‍රදේශයේ දී එම ප‍්‍රහාරය එල්ල වී ඇති බවයි පොලීසිය සදහන් කළේ. ප‍්‍රහාරයෙන් කසල ප‍්‍රවාහනය කළ ලොරී රථයේ ඉදිරිපස විදුරුවට හානි සිදුව තිබෙන අතර පොලීසිය සදහන් කළේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා විමර්ශන ආරම්භ කර […]


Aug
30

එජාපයේ පසු පෙළෙන් අගමැතිට ලිපියක්

Generic placeholder image

ඉදිරි ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකා ලෙස අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා ඉදිරිපත් කරන්නැයි ඉල්ලා පක්ෂ නායකත්වයට ලිපියක් යොමු කිරීමට පසු පෙළ මන්ත‍්‍රීවරුන් තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා සදහන් කලේ ජනතාව ඉල්ලන දිනන අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කල යුතු බවයි. එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව අනුව පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තේරීම කළ යුතු වන්නේ මැතිවරණ කොමිසන් […]


Aug
30

කොළඹ සැප බෝට්ටු සාර්ථකව – සංචාරක ආකර්ෂණයත් වැඩි වෙයි

Generic placeholder image

කොළඹ කොටුවේ සිට යුනියන් පෙදෙස දක්වා ආරම්භ කර ඇති මගී ප‍්‍රවාහන යාත‍්‍රා සේවයෙන් දෛනිකව මගීන් දහසකට ආසන්න පිරිසක් ප‍්‍රවාහනය කරන බව ඉඩම් සංවර්ධන සංස්ථාව පවසනවා සියත ප‍්‍රවෘත්ති වෙත අදහස් දක්වමින් ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා සදහන් කළේ මේ සදහා සංචාරක ආකර්ශනය ද හිමිව ඇති බවයි. ඒ අනුව නරගය පුරා අභ්‍යාන්තර ජල මාර්ග ඔස්සේ […]


Aug
30

මහේල ජයවර්ධනට එංගලන්තයේ පුහුණුකරු ධූරයක්

Generic placeholder image

ශ්‍රී ලංකාවේ හිටපු නායක මෙන්ම මේ වන විට ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙස කටයුතු කරන මහේල ජයවර්ධන එංගලන්තයේ පන්දු 100 තරගාවලියේදී සවුත්හැම්ටන්හි කණ්ඩායමේ පුහුණුකරු ලෙස බඳවාගෙන තිබෙනවා. මෙම තරගාවලියට එක්වන කණ්ඩායම්වල පුහුණුකරුවන් ලෙස නම් කළ 06 වන පුහුණුකරු මහේල ජයවර්ධනයි. මහේල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරමින් එම කණ්ඩායම අවස්ථා 02කදී ශූරතාව කරා මෙහෙය වූවා.


Aug
30

මුතුපන්තියේ ඉස්සන්ට සුදු පුල්ලි රෝගය

Generic placeholder image

“සුදු පුල්ලි” රෝගය පැතිර යාම හේතුවෙන් ඉස්සන් කර්මාන්තය විනාශ වෙමින් පවතින බව ආරච්චිකට්ටුව, මුතුපන්තිය ගම්මානයේ ව්‍යාපාරිකයින් සඳහන් කරනවා. අභිජනනාගාරවලින් ලබා ගන්නා ඉස්සන් පැටවුන් පොකුණු තුළ තැම්පත් කර ආහාර ලබා දී මාස 03 කදී පමණ අස්වැන්න නෙලා ගැනීම ඉස්සන් ව්‍යාපාරිකයින් විසින් සිදු කරන අතර මෙම පොකුණු තුළ ජීවත් වන ඉස්සන් අස්වැන්න නෙළන අවස්ථාව වන විට අඩුම […]


Aug
30

ජනපති යාපනයේ සංචාරයක

Generic placeholder image

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මේ වන විට යාපනයේ සංචාරයක නිරත වී සිටිනවා. පේදුරුතුඩුව ධීවර වරායේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සිදු වුනේ ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් වන අතර මෙම ධීවර වරාය ලංකාවේ මෙතෙක් ඉදිකරන විශාලතම ධීවර වරාය මෙය වන අතර ආයෝජනය කෙරෙන මුදල රුපියල් මිලියන 12,600 ක්. මෙමගින් විශාල ප‍්‍රමාණයේ බහුදින යාත‍්‍රා 300කට එකවර පහසුකම් සැපයීමට හැකි අතර […]


Aug
30

රාජ්‍ය සේවකයින්ට සිකුරාදාට අදින්න බතික් ඇදුමක්

Generic placeholder image

ඉදිරියේදී රාජ්‍ය සේවකයින්ට සිකුරාදා දිනයේ බතික් ඇදුමින් සැරසී පැමිණීම අනිවාර්ය කිරීමට ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ යෝජනා කර තිබෙනවා. ඊයේ (29) කොළඹදී පැවැති උත්සවයකදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා. අමාත්‍යවරයා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් තවමත් සකස් කර නොමැති අතර ඉදිරියේදී එම කටයුත්ත සිදුකරන බවයි. එමෙන්ම මෙරට […]


Aug
30

ගෝඨාභයගේ නඩුව විභාගයට දින නියම වෙයි

Generic placeholder image

ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 07 දෙනකුට එරෙහිව පවරා ඇති නඩුව ඔක්තෝම්බර් මස 15 වෙනිදා සිට දිනපතා විභාග කිරීමට කොළඹ ස්ථිර මහාධිකරණය අද නියෝග කර සිටියා. ඩී. ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් මිලියන 33.9 ක් සාවද්‍ය ලෙස පරිහරණය කියන සිද්ධිය සම්බන්දයෙන් මෙම නඩුව ගොනු කර තිබෙනවා.


Aug
30

පාකිස්තානු සංචාරයේදී ශ්‍රී ලංකාවට රාජ්‍ය නායකයෙකුට ලබා දෙන ආරක්ෂාවක්

Generic placeholder image

ලබන මාසයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා – පාකිස්ථාන එක්දින තරගාවලිය සදහා සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තානු රජය විසින් රාජ්‍ය නායකයෙකුට ලබාදෙන විශේෂ රාජ්‍ය තාන්ත්‍රික ආරක්ෂාවක් ලබා දීමට තීරණය කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් පිල නතර වී සිටින හෝටලයට සහ පුහුණුවීම් සිදුකරන ක්‍රීඩාංගණවලට ද විශේෂ ආරක්ෂාවක් යොදවන බවත් […]


Aug
30

බම්බලපිටිය මුහුදු බඩ මාර්ගයේ විශේෂ රථ වාහන සැලැස්මක්

Generic placeholder image

බම්බලපිිටිය මුහුදු මාර්ගයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක‍්‍රියාත්මක බව පොලීසිය පවසනවා. බම්බලපිටිය දුම්රිය ස්ථානය අසල ස්ථානයක පැවැත්්වෙන ජාත්‍යන්තර සමුලූවක් හේතුවෙන් හෙට සහ අනිද්දා මෙය ක‍්‍රියාත්මක වන අතර ඊට පෙරහුරුවක් ලෙස අද පෙරවරු 07 00 සිට 09 00 දක්වාත් පස්වරු 04 00 සිට 06 00 දක්වාත් විශේෂ රථ වාහන සැලැස්ම ක‍්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් […]


News Articles
Latest Videos
Most Popular Post