ශ්‍රී ලංකාවේ සවි කර ඇති සියලු විදුලි සෝපාන වසරකට වරක් ලියාපදිංචි කළ යුතු බවට වන යෝජනාවක් ඉදිරි සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති ව්‍යවපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා ප්‍රකාශ කළේය. විදුලි සෝපාන අක්‍රීය වීමේ සිදුවීම් කිහිපයක්ම වාර්තා වී ඇති බැවින් මේ තීරණය ගත් බවද අමාත්‍යවරයා අද (07දා) පාර්ලිමේන්තු සභා වරයේදී ප්‍රකාශ […]
පොලිස් විශේෂ කාර්ය සාධක බළකායේ නිර්භීත, කාර්යශූර නිලධාරීන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට මහත් සම්පතක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. පසුගියදා සිදු කරන ලද මෙහෙයුම්වලට දායක වූ විශේෂ කාර්ය බළකායේ සියලුම නිලධාරීන්ට තමන්ගේ ප්‍රශංසාව පළකරන බවද අගමැතිවරයා සඳහන් කළේය. මත්ද්‍රව්‍ය හා ඒ ආශ්‍රිත අපරාධ මැඬලීම උදෙසා පොලිස් විශේෂ කාර්ය බළකාය සිදු කරන මෙහෙවර අගය […]
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන පෙත්සම් විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා ඉවත්ව තිබෙනවා. පෞද්ගලික කරුණක් හේතුවෙන් ඔහු මෙසේ විනිසුරු මඬුල්ලෙන් ඉවත්ව තිබේ. එම පෙත්සම විභාගයට කැඳවූ අවස්ථාවේදී ඔහු විභාගයෙන් ඉවත්වන බව ප්‍රකාශ කළේය. පෙත්සම් විභාගය නැවතත් මැයි 8 දා සිදුකිරීමට නියමිතව තිබෙනවා.
ගායන ශිල්පී අමල් පෙරේරාගේ මහරගම නිවස පරීක්ෂා කිරීමේදී එහි තිබී කොකේන් හිස්කොපු දෙකක් සොයාගෙන තිබෙනවා.මේ බව සඳහන් කර සිටියේ පොලිස් විශේශ කාර්ය බලකාය විසිනි. රංගන ශිල්පී රයන් වෑන් රොයිගේද නිවස පරීක්ෂා කොට ඇති අතර එහි තිබී රහසිකගත බෑගයක් හමු වී තිබෙන අතර රයන් වෑන් රෝයිගේ සොහොයුරාව අත් අඩංගුවට ගෙන තිබෙනවා.
නිසි බලපත්‍රයක් නොමැතිව ඇත් පැටවකු තම සන්තකයේ තබා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව මාර්තු මස 1 දා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය අද (07) දැනුම් දුන්නා. අද දින මෙම නඩුව මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා ඉදිරියේ කැදවු අවස්ථාවේ පැමිණිලි සහ විත්ති පාර්ශවයේ සියලු වාචික දේශන […]
ශ්‍රී ලංකා රේගුව සඳහා නව සාගර ආරක්ෂක ඒකකයක් පිහිටුවීමට තීරණය කර ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව අනාවරණයකළා. රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.එම්. චාර්ල්ස් මහත්මියගේ ඉල්ලීමකට අනුව මේ කටයුතු සිදු කෙරෙනවා. අද වනවිට රට මත්ද්‍රව්‍ය මධ්‍යස්ථානයක් බවට පත්ව ඇති බවත්, මෙම මත්ද්‍රව්‍ය රටට පැමිණිය යුත්තේ […]
මාරවිල ප‍්‍රදේශයේ ඉඩමක ඉතා විශ්මිත ආකාරයෙන් එකම පොල් කඳකින් හැදි ගසේ ඉහළ ප‍්‍රදේශයේ තවත් අතුරු ගස් 7ක් හැදි ඇති පොල් ගසක් පිහිටා තිබෙනවා. මෙම අපූරු ගස පිහිටා ඇත්තේ මාරවිල කුරුස පල්ලියේ මාර්ගයේ පැට්රිපක්ස් මහතාගේ ඉඩමේය . මෙම එකම කඳෙන් හැදි ඇති අතුරු ගස් 7 ම පොල් හටගෙන ඇති අතර ඉතා සාරවත්ව පොල් ගස පිහිටා තිබිමද […]
ඩුබායි හෝටලයකදී අත් අඩංගුවට ගත් අපරාධ කල්ලි නායක මාකඳුරේ මදූෂ් ඇතුළු පිරිස මේ වන විට ඩුබායිහි බන්ධනාගාරයක රඳවා සිටිනවා. ඩුබායි පොලිසිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්ද ආරම්භ කර ඇති බවයි.මදූෂ් ඇතුළු සෙසු සැකකරුවන්ගේ රුධිර සාම්පලද ඩුබායි පොලිසිය විසින් ලබාගෙන ඇති අතර එය ඔවුන්ගේ රුධිරයේ අඩංගු මත්ද්‍රව්‍ය පිළිබඳව නිගමනය කිරීම සඳහායි. අත්අඩංගුවට ගත් පිරිස අතර […]
කොළඹ 07 ප‍්‍රදේශයේ ප‍්‍රංශ ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් සුවිසල් නිවසක තිබී විදේශීය මත්පැන් බෝතල් තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, සුරාබදු දෙපාර්තමේන්තුවට ලද තොරතුරකට අනුවයි. එහි තිබී විදේශීය මත්පැන් බෝතල් 200 ක් සොයා ගැණුනු අතර ඒවායෙහි වෙළද පොළ වටිනාකම රුපියල් ලක්‍ෂ 20 ඉක්ම වන බවයි සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේය. වැටලීම සිදුකළ නිවසේ හිමිකරු වන අදාළ ප‍්‍රංශ ජාතිකයා කොළඹ […]
ප්‍රධාන පෙළේ අපරාධකරුවෙකු සහ මත්කුඩු ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධුෂ් හා ඔහුගේ සහචරයන් අත්අඩංගුවට ගැනීම දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරන ලද ක්‍රියාවලියක අවසන් ප්‍රතිඵලය බව අමාත්‍ය සාගල රත්නායක ප්‍රකාශ කරනු ලැබුවා. කොළඹ වරායේ අද ( 07) සිදු කළ නිරීක්ෂණ චාරිකාවකින් පසු මාධ්‍යයට අදහස් දැක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ස්වාධීන පොලිස් කොමිසම හරහා පොලිස් සේවයේ ස්වාධීනත්වය තහවුරු වීම, […]
පොලීසියේ සියයට 60 ක් 70 ක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධ බවත් එය ගැටලුවක් බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පවසනවා. ගැටඹේ රාජමහා විහාරාධිපති කැප්පටියාගොඩ සිරිවිමල හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව ඔහු ඊයේ (06දා) මේ බව සඳහන් කළා. ඉදිරියේදි මහනුවර මාර්ග තදබදයට විසඳුමක් හා ඉරිදා දහම් පාසල් පවත්වන වේලාවන්හිදි පෞද්ගලික පංති නැවැත්විමට පියවර ගන්නා බවත් ඔහු […]
කථානායකවරයා විසින් සිදු කළ ප්‍රකාශයක් සමග අද දින පාර්ලිමේන්තු සභාවේ ඇති වූ උණුසුම් තත්ත්වයක් නිසා පාර්ලිමේන්තු කටයුතු හදිසියේ සුළු මොහොතකට කල් තැබීමට සිදු වී තිබෙනවා. එහිදී “මවිසින් අතිගරු ජනාධිපතිතුමා වෙත යැවූ 02.01.2019 දින ලිපියේ අප සුදුස්සන් තෝරාගැනීමේදී අනුගමනය කෙරෙන ක්‍රමවේදය පැහැදිලි කර ඇත. එතුමා විසින් ඊයේ පාර්ලිමේන්තුවේදී කළ කථාවේදී ‘ජ්‍යෙෂ්ඨත්වය කිසිසේත් සලකන්නේ නැත’ යනුවෙන් ව්‍යවස්ථාදායක […]