News Line| Off Air
Generic placeholder image

Dec
18

ඉදිරි ජනපතිවරණ අපේක්ෂකයා ගැන එජාපයෙන් ඉඟියක්

Generic placeholder image

ඉදිරියේදී පැවැත්වෙන ජාතික මැතිවරණයකදී තමන් ඉදිරිපත් කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකයෙක් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර නවීන් දිසානායක මහතා පවසයි. ඒ මැතිවරණය එක්සත් ජාතික පක්ෂය නියතවම ජයගන්නා බව පැවසූ දිසානායක මහතා ලබන ජනපතිවරණයද ජයගන්නේ එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත්කරන අපේක්ෂයා යැයිද පැවසීය.


Dec
18

කටින් පිළිතුරු ලියා ශිෂ්‍යත්වය දිනු දිනූෂා

Generic placeholder image

මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ලකුණු ලබා හපන් කම් පෑ දක්ෂතා පෙන්නූ දරුවන් පිළිබඳව මුළු රටේම අවදානය යොමු වෙද්දී විශේෂ අවශ්‍යතා සහිත දියණියක් කටින් පෑන හසුරවමින් ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රශ්න පත‍්‍රයට පිළිතුරු ලියමින් ලකූණු 145 ක් ලබා සිටිනවා. ඇය කඩඉම් ලකුණු අභිභවා නොගියත් සමත් ලකුණු ප්‍රමාණය අභිභවා යෑමටද සමත්වී සිටිනවා. දිනුෂා බණ්ඩාර නම් වන 11 වියැති මෙම දියණිය […]


Dec
18

ඇලෝසියස් ඇප ඉල්ලයි, සලකා බැලීම ඊළග නඩු වාරයේදී

Generic placeholder image

2015 වර්ෂයේ පෙබරවාරි මස 27 වැනිදා සිදු වූ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී සිදුවී ඇතැයි කියන වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති පර්පෙචුවල් ට්‍රෙසරිස් පුද්ගලික සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිළධාරි කසුන් පලිසේන යන අය ජනවාරි මස 01 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත […]


Dec
18

රුසියාවේ රැප් සංගීතය පාලනයට පියවර

Generic placeholder image

රුසියාවේ රැප් සංගීතය පාලනය කිරීමට එරට ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා තීරණය කර ඇතැයි මාධ්‍ය වාර්තා කරනවා.එය ඉතා අපහසු කාර්යයක් වුවත් එය පාලනය කිරීම සඳහා සිය රජය කටයුතු කරනු ඇතැයිද ඔහු සඳහන් කර තිබේ. මේ සම්බන්ධව කටයතු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් එරට සංස්කෘතික අමාත්‍යංශයටද දැනුම් දී ඇති බව වාර්තා වෙනවා.මෙම රැප් සංගීතය තුළින් තරුණ පරම්පරාව  වැඩි  […]


Dec
18

ජනපති සන්ධාන මන්ත්‍රීවරුන් හමුවේ

Generic placeholder image

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් මේ වන විට කොළඹ ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි. අද දිනයේදී පාර්ලිමේන්තුව රැස්විමට නියමිත අතර එහිදී ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරිමට මෙම රැස්වීම සංවිධානය කර ඇති බව වාර්තා වෙයි.


Dec
18

මහින්දට නොදී විපක්ෂ නායක ධූරය නිමල් සිරිපාලට දීමේ සූදානමක්..?

Generic placeholder image

අද දිනයේ පාර්ලිමේන්තු රැස්වීම පස්වරු 1කට පැවැත්වීමට සූදානම්. මෙහිදී වැඩිපුරම කතාබහ වෙන තනතුරක් තමයි විපක්ෂ නායක තනතුර. මෙම තනතුර සදහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ නම යෝජනා කරන බවයි පසුගිය දින කිහිපයේදීම කතාබහ කලේ. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන්නේ මෙම තනතුර සදහා නිමල් සිරිපාල ද සිල්වා මන්ත්‍රීවරයා පත් කිරීමේ සූදානමක් පවතින […]


Dec
18

කොරියනුවගේ ජීවිතය බේරාගත් ලාංකිකයාට සිදු වූ දේ

Generic placeholder image

දකුණු කොරියාවේ ගින්නකට කොටුවී සිටි 90 හැවැරිදි කොරියානු කාන්තාවක් බේරා ගත් ශ්‍රී ලංකා ජාතිකයෙකුට දකුණු කොරියාවේ ස්ථර නේවාසිකත්වය හිමිව තිබෙනවා. 2017 වසරේ පෙබරවාරී මාසයේදී මෙසේ වයෝවෘද්ධ කාන්තාවක් බේරා ගනු ලැබුවේ දකුණු කොරියාවේ සේවයේ නිරත නිරමල් සිරි මහතා විසිනුයි. අද දිනයේදී ඔහුට කොරියානු රාජ්‍යයේ  ස්ථර නේවාසිකත්වය හිමිවීමට නියමිතව තිබෙනවා . දකුණු කොරියාව විසින් පසුගිය 13 දා මෙම […]


Dec
18

ශතකයෙන් පසු මැතිව්ස් තේරිම් කමිටුව ෆිට්නස් පෙන්වයි

Generic placeholder image

සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 9 වන ටෙස්ට් ශතකය රැස් කිරිමට ඇන්ජලෝ මැතිව්ස් අද සමත් වුණා.ඒ නවසීලන්ත කණ්ඩායමට එරෙහිවයි.මේ වන විට නොදැවී ලකුණු 117ක් රැස්කරගෙන ක්‍රීඩා කරන ඇන්ජලෝ මැතිව්ස්ගේ ඉනිමට හතරේ පහර 11ක්ද අන්තර්ගත වුණා. ශතකය ලබා ගැනීමෙන් අනතුරුව පිටියේ ඩිෆ් 10ක් ගැසූ මැතිව්ස් තමා මනසින් ශක්තිමත් බවද ඉඟිකරමින් පැවැසීය. පසුගිය ක්‍රිකට් තේරිම් කමිටුව ඇන්ජලෝ මැතිව්ස්ගේ […]


Dec
18

ශ්‍රී. ල.නි.ප මන්ත්‍රී වරුන්ට ජනපතිගෙන් රතු එළියක්

Generic placeholder image

එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවට එක්නොවන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරුන්ගෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරනවා. එක්සත් ජාතික පෙරමුණට කිසිවෙකු හෝ එක්වුවහොත් ඔවුන්ට තමන් ඇමතිකම් ලබා නොදෙන බවද ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඊයේ (17දා) පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවකදීයි. මේ අතර, එක්සත් ජාතික පෙරමුණ අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා […]


Dec
18

ජනපති එජාපයට නොදී අමාත්‍යාංශ දෙකක් තබා ගැනීමේ සූදානමක්

Generic placeholder image

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය තමන් යටතට පවරා ගැනීමට ජනාධිපතිවරයා අදහස් කරන බව දේශපාලන ආරංචි පවසනවා. කැබිනට් මණ්ඩලය සඳහා එක්සත් ජාතික පෙරමුණේ යෝජිත නාම ලේඛණය ජනාධිපතිවරයා වෙත ලැබීමෙන් පසු ඒ පිළිබඳ ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පැවැත්වෙනු ඇති. ජනාධිපතිවරයා වෙත පවරා ගැණෙන අමාත්‍යාංශ පිළිබඳවද එහිදී අවධානයට ගැනුණු ඇතැයි දේශපාලන ආරංචි පැවසුවා.


Dec
18

පෙරළියෙන් පසු පක්ෂ මාරු කරන්න මන්ත්‍රීවරු මෙන්න..?

Generic placeholder image

නැවතත් දේශපාලන පක්ෂ මාරු ගණනාවක් සිදුවිය හැකි බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.පසුගිය එ.ජ.නි.ස ආණ්ඩුවේ සේවය කළ කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනකු සහ රාජ්‍ය අමාත්‍යවරයකු එ.ජා.පයට එක්වීමට නියමිත බවයි එම ආරංචි මාර්ග සඳහන් කලේ. ඒ අතර අනුරාධපුරය, මොණරාගල, ගම්පහ, හම්බන්තොට නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඇතුලත්.


Dec
18

කැබිනට් මණ්ඩලය ජනපති අනුමැතියට යවයි, දිවුරුම් දීම කල් යන ලකුණු ?

Generic placeholder image

නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම අදත් සිදු නොවනු ඇතැයි වාර්තා වනවා. එක්සත් ජාතික පෙරමුණ ඊයේ පෙරවරුවේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින් බණ්ඩාර පැවසුවේ බොහෝ විට අද දිනය තුළ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙනු ඇති බවයි. එහෙත් කැබිනට් මණ්ඩලය අද දිවුරුම් නොදෙන බව ඊයේ රාති‍්‍රයේ කළ විමසීමකදී එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අකිල විරාජ් […]


News Articles
Latest Videos
Most Popular Post