News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
12

හැමෝම සතුටු කරන්න නම් අයිස්ක්‍රීම් විකුණන්න ඕනි – මහා මැතිවරණය සඳහා වැය වන ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් කෝටි 400 ක් | මහින්ද දේශප්‍රිය

Generic placeholder image

ජනාධිපතිවරයා මහ මැතිවරණය කැඳවීම කළ ආකාරය අනුව එහි වලංගු භාවය පිළිබඳ විමසීම සඳහා මැතිවරණ කොමිසම අධිකරණයට යා යුතුය යන්න හෝ යනු ඇතැයි විවිධ පාර්ශව මත පළ කළහ. ඊට ප්‍රතිචාර දැක්වූ සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේ කොමිසම සිතන පරිදි යම්දෙයක් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසිය හැක්කේ ජනාධිපතිවරයාට පමණක් බවකි. “මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ක්‍රියාත්මක වුණොත් ඒක එක් […]


Nov
12

අලුත් ලකුණකින් අලුත් නමකින් ඉදිරි ඡන්දයට සූදානම් වෙනවා | මන්ත‍්‍රී රාජිත සේනාරත්න

Generic placeholder image

අලුත් සලකුණක් සහ අලුත් නමක් සහිත පුලුල් සන්ධානයක් ඉදිරි මැතිවරණ වෙනුවෙන් ගොඩනගන බව එක්සත් ජාතික පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා අද (11) කොළඹදී පැවැසීය. එම සන්ධානයේ කෙටුම්පත් මේ වනවිට සකස් කර ඇති බවත් සියලු පක්ෂ නායකයන් එක්ව ඉදිරි දිනකදී එම පුලුල් සන්ධානය ප‍්‍රකාශයට පත් කරන බවත් සේනාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය. රාජිත […]


Nov
12

සියතේ අරවින්ද ඔබෙන් ඉල්ලන සංවේදී ඉල්ලීම | Video

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here


Nov
12

විශ්‍රාම වැටුප් අහිමි වූ මන්ත්‍රීවරුන් 69 මෙන්න

Generic placeholder image

එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් | එස්.එම්. මරික්කාර්, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, චතුර සේනාරත්න, මයන්ත දිසානායක, ආනන්ද අලුත්ගමගේ, රංජිත් අලුවිහාරේ, බන්දුලාල් බණ්ඩාරිගොඩ,  නලීන් බණ්ඩාර, හෙක්ටර් අප්පුහාමි, චන්දිම ගමගේ, චමින්ද විජේසිරි, හේෂා විතානගේ,කරුණාරත්න පරණවිතාන, දයාගමගේ, ජයම්පති වික්‍රමරත්න, ආශු මාරසිංහ, අශෝක ප්‍රියන්ත, මුහුබර් රහ්මාන්, හර්ෂණ රාජකරුණා, කාවින්ද ජයවර්ධන, ලක්ෂ්මන් විජේමාන්න, රංජිත් අලුවිහාරේ,  රෝහිණි කුමාරී, තුෂාර ඉඳුනිල්, නඩරාජා තිලකේෂ්, එස්. වේලුකුමාර්, […]


Nov
12

සෝමවංශගේ ජනතා සේවක පක්ෂය පොහොට්ටුවට

Generic placeholder image

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කළ බව ජනතා සේවක පක්ෂය සඳහන් කරනවා. මීට අමතරව පක්ෂයේ නිර්මාතෘ අභාවප්‍රාප්ත සෝමවංශ අමරසිංහ මහතා වෙනුවෙන් ඊයේ (11දා) සෝමවංශ අමරසිංහ පදනම ආරම්භ කළ බවද එම පක්ෂයේ නායක ජයන්ත විජේසිංහ මහතා සඳහන් කළා. මෙම පදනම මගින් දේශපාලනයට එක්වන තරුණ තරුණියන්ට දේශපාලන දැනුම ලබාදීම, සමාජ සේවා […]


Nov
12

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරුද්ධව මූලික අයිතිවාසිකම් පෙත්සම් 10ක්

Generic placeholder image

ශ්‍රේෂ්ඨාධිකරණයට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරුද්ධව මූලික අයිතිවාසිකම් පෙත්සම් 10ක් ඉදිරිපත් වී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, දමිල ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යන පක්ෂද මෙසේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළ පාර්ශ්ව අතර වෙනවා.


Nov
12

නිදහස් පක්ෂය සමාදානයේ සැතපේවා – මංගල

Generic placeholder image

බණ්ඩාරනායකවරුන්ගේ ආදරණීය පක්ෂය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඝාතනය කළ බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක මේ බව දැක්වෙයි.1951 වසරේදී ආරම්භ කළ නිදහස් පක්ෂය 2018 වසරේදී ඝාතනය වූ බව ඔහු සඳහන් කළේය.


Nov
12

හිටපු ඇමති රවීගේ දියණිය අධිකරණයට

Generic placeholder image

හිටපු අමාත්‍ය රවී කරුණානායක අසත්‍ය ප්‍රකාශ ලබාදීමේ සිද්ධියට අදාළව ඔහුගේ දියණිය වන ඔනෙලා කරුණානායකට අද අධිකරණයේ පෙනී සිටීමට නියමිතයි. ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ලබාදුන් නියෝගයකට අනුවයි. බැඳුම්කර වංචා සෙවීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සත්‍ය පවසන බවට දිවුරා පොරොන්දුවී අසත්‍යය පවසන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව චෝදනා […]


Nov
12

ස්ට්‍රෝබෙරි තුළ ඉඳිකටු තිබූ ලෝකප්‍රකට අභිරහස් සිද්ධියට කාන්තාවක් අත්අඩංගුවට

Generic placeholder image

ස්ට්‍රෝබෙරි ගෙඩි තුළින් ඉදිකටු හමුවීමේ සිද්ධීන් ඉකුත් සැප්තැම්බර් මාසයේ සිට වාර්තා වුණා.මේ සිද්ධිය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.50 හැවිරිදි ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ ක්වින්ස්ලන්ඞ් ප‍්‍රාන්තයේදීයි. මේ දක්වා ඉදිකටු හමුවීමේ සිද්ධීන් සියයකට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ඕස්ටේ‍්‍රලියානු මාධ්‍ය වාර්තා කරනවා. ලොව පුරා දැඩි කතාබහක් ඇති කළ එම සිද්ධිය පිළිබඳ එරට රජය විශේෂ […]


Nov
12

ජනපති සහ අගමැති අද තීරණාත්මක සාකච්ඡාවක

Generic placeholder image

අද (12) පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් සිදු වීමට නියමිතයි. අනතුරුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලු පක්ෂ නායකයින් ද ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා මුණගැසීමටයි නියමිතව ඇත්තේ. එහිදී ඉදිරි මැතිවරණයට තරඟවදින ආකාරය පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලබන බවයි වාර්තා වන්නේ. තරඟ වදින පක්ෂය හා ලකුණු පිළිබඳව ද මෙහිදී […]


Nov
12

කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ මංතීරුවක් වැසේ

Generic placeholder image

නව කැලණි පාලම ඉදි කිරීම හේතුවෙන් කටුනායක කොළඹ අදිවේගී මාර්ගයේ කොළඹ නගරයට ඇතුලු වීමේ තීරුව වසා දමා තිබෙන බව පොලිසිය පවසනවා. අධිවේගී මාර්ගයෙන් කොළඹ නගරයට පිවිසෙන රථ වාහන සඳහා විකල්ප මාර්ගයක් හඳුන්වාදී ඇති බවයි රථවාහන පොළිසිය වැඩි දුරටත් සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post