පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයාට හිමි අසුන සහ සියලු වරප්‍රසාද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට ලබාදීමට කථානායක කරූ ජයසූරිය එකඟ වී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල පවසනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ කථානායක කරූ ජයසූරිය අතර පැවති සාකච්ජාවේදී මෙම එකඟතාවයට පැමිණි බවයි මාධ්‍යට දහස් දක්වමින් ඔහු කියා සිටියා. මෙම හමුවේදී ජනාධිපතිවරයා කථානායකවරයාට දැනුම්දී තිබුණේ පාර්ලිමේන්තුව තුළ නව […]
දිවයිනේ පවතින වැසි තත්ත්වය තවදුරටත් වැඩිවීමක් අද සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා එම දෙපාර්තමේන්තුව සදහන් කළේ දිවයින ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් පැවතීම මීට හේතුව බවයි උතුරු, උතුරු මැද, නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර 100 ක පමණ තද වැසි ඇති විය හැකි වනවා සෙසු පළාත්වල ඇතැම් ස්ථානවලට […]
ලංකාවේ පහුගියදා සිදු වූ ආණ්ඩු පෙරළියත් සමග රට තුළ විවිධ මත ගැටුම් පැන නැගුණා. මේ අතරේ මේ වනකොට සංචාරක හා වනජීවී අමත්‍යවරයා ලෙස කටයුතු කරන වසන්ත සේනානායක මහතාගේ ඇතැම් ප්‍රකාශ ගැනත් විවිධ සිදුවීම් ගැනත් ජනතාව අතර දැඩි කතාබහට ලක්වෙලා තියෙනවා. ඒ ඔහු ඉරිදා දිවයිනට පැමිණ ජනාධිපතිවරයා විසින් ධූරයෙන් නෙරපන ලද රනිල් වික්‍රමසිංහ හමුවී සහය පළ […]
විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම සාක් රටවල තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් ඊයේ දිනයදී මුණගැසුණා.විදේශ කටයුතු අමාත්‍යාංශයේදී මෙම හමුව සිදුවූ අතර, ඊට ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, නේපාලය, ඉන්දියාව, මාලදිවයින සහ පාකිස්ථානය යන රටවල මහ කොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් එක්ව සිටියා. රට තුළ පවතින වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳවද මෙහිදී විදේශ කටයුතු අමාත්‍යවරයා රාජතාන්ත්‍රිකයන් දැනුම්වත් කර තිබෙනබවයි වාර්තා වන්නේ . […]
නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරිම සහ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරිම සදහා අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම ජනාධිපති නිල නිවසේදී පවැත්විමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළා.
අද 2018 නොවැම්බර් මස 01 වනදා රාහු කාලය දිවා කාලය සඳහා දහවල් 01.23 සිට දහවල් 02.52 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය මධ්‍යම රාත්‍රී 01.25 සිට අලුයම 02.56 දක්වා සුභ දිශා – උතුර/ නැගෙනහිර මේෂ ලග්නය අද දවසම ඔබට සුබ දවසක් . ශරීර සෞඛ්‍ය අතින්ද යහපත් දිනයකි. දෙමව්පියන් ගැන අඹු දරුවන් ගැන ඉතාම අවධානය යොමු […]
ලබන 16 වනදාට පෙර පාර්ලිමේන්තුව කැදවිම පිලිබද අවසන් තීන්දුව ඉතා ඉක්මනින් දැනුම් දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කතානායක කරූ ජයසූරිය මහතා වෙත ප්‍රකාශ කර තිඛෙනවා ඒ අද පස්වරුවේ ජනාධිපතිතුමා සහ කතානායකවරයා අතර ජනාධිපති ලේකම් කාර්්‍යාලයේ අද පස්වරුවේ පැවති සාකච්ඡාවේදීයි කතානායක මාධ්‍ය අංශය නිවේදනයේ කලේ එම සාකච්ඡාව පැයකුත් මිනිත්තු 20ක කාලයක් පැවති බවයි එහිදී කතානායකවරයා […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක පැතුම් නිශ්ශංක රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා. ඒ, සංචාරක එංගලන්ත පිල හා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල අතර පැවැත්වෙන පුහුණු තරගය අතර වාරයේදී ෂෝර්ට් ලෙග් හි පන්දු රකිමින් සිටියදී පන්දුව ඔහුගේ ගෙල ප්‍රදේශයට වැදීම හේතුවෙන්.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද උදැසන බොරැල්ලේ පිහිටි අගරදගුරු නිල නිවසේදී අති උතුම් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදැක ආශීර්වාද ලබාගත්තා. මෙම අවස්ථාවට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කීපදෙනෙක්ද එක්ව සිටියා.
තමන් ජනපතිවරණයෙන් පරාජය වූ විට ප්‍රතිඵල ඒමටත් මත්තෙන් නික්ම ගියත් ඇතැමි පාර්ශ්වයන්ට එසේ කටයුතු කළ නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා.මුදල් අමාත්‍යාංශයේ වැඩ බාර ගැනිමෙන් අනතුරුව ඔහු මේ බව සඳහන් කළා. “මට නම් මේවා අතහැරලා යන්නත් හරිම ලෙසියි. මම නව වැනිදා උදේ (2015/01/09) ප්‍රතිඵළ එන්නත් කලින් අත වන වනා ගියා. හබැයි සමහරුන්ට එහෙම යන්න […]
විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදරිපිටට පා ගමනින් පැමිණි විශ්ව විද්‍යාල සිසුහු කොමිෂන් සභාවේ ප්‍රධාන ගේට්ටුව කඩා දැමීම හේතුවෙන් එම ස්ථානයේ ආරක්ෂාව මේ වන විට දැඩි කර තිබේ. ඔවුන් බලහත්කාරයෙන් ගේට්ටු කඩා බිද දමමින් කොමිෂන් සභාවට ඇතුළු වීමට උත්සාහ කළද අරක්ෂක අංශ එයට ඉඩ නොදී රැකවල් යොදා ඇත.
අරලියගහ මන්දිරය තුල අද පස්වරුවේ නොසන්සුන්තාවයක් හටගෙන තිඛෙනවා.ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යාලයේ යැයි කියාගත් පුද්ගලයින් දෙදෙනෙකු අරලියගහ මන්දිරයට ඇතුල්වී එහි කාර්යාලීය උපකරණ ඉවත් කිරීමට සූදානම් වීම හේතුවෙන් එම අවස්ථාවේදී අදාල පුද්ගලයන් දෙදෙනා සහ අරලිය ගහ මන්දිරය තුල රැදී සිටින එක්සත් ජාතික පාක්ෂිකයන් අතර නොසන්සුන්තාවයක් ඇතවූ බවයි අරලිය ගහ මන්දිර මාධ්‍ය ඒකකය සදහන් කලේ.ඉන් අනතුරුව […]