අද ක්‍රීඩාව කියන්නේ රටක සංවර්ධනයේ තවත් එක සාධකයක්. ඒ වගේම රටේ නම ලෝකයට ගෙනියන්න පුළුවන් හොඳ මාර්ගයක්. මේ නිසාම ලෝකයේ සංවර්ධිත සහ සංවර්ධනය වෙන සෑම රටක්ම ක්‍රීඩාවට ඉහළ තැනක් දෙන්නේ. හැබැයි අපේ රටේ ක්‍රීඩාවට තියෙන තැන මොකක්ද කියන එක නම් ප්‍රශ්නයක්. තමන්ගේ මහන්සියෙන් පදක්කම් දිනලා රටට ආවම ක්‍රීඩා අමාත්‍යවරයා ඒකෙන් තමන්ගේ ගිණුමට ලකුණු දාගන්න හදනවා […]
අගමැතිතුමාට එරෙහිව විශ්වාසභංගයට සහය දක්වපු ශ්‍රීලනිප මැති ඇමතිවරු 16 දෙනා ඊයේ තමන්ගේ තනතුරු වලින් ඉල්ලා අස්වුණා. මේ නිසා පුරප්පාඩු වුන ඇමතිධූර සඳහා නව අමාත්‍යවරු පත් කරන්න නියමිතයි. අද දවසේ ඒ කැබිනට් සංශෝධනය සිදුවෙයි කියලා තමයි දේශපාලන කරලියේ කතා බහ වුනේ. මේ ගැන ඇත්ත නැත්ත දැන ගන්න සියත FM ප්රවෘත්ති අංශය හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයාට කතා කරා. […]
IPL තරඟාවලියේ 6 වන තරඟය ඊයේ පැවැත්වුනා. ඒ Rajasthan Royals සහ Delhi Daredevils අතර. වර්ෂාවේ බාධාවන් මැද්දේ තිබ්බ මේ තරඟයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ජය ගන්න Rajasthan Royals කණ්ඩායම සමත් වුණා. මුලින්ම පන්දුවට පහර දුන්නේ Rajasthan Royals කණ්ඩායම. වර්ෂාවෙන් ඇති වුන බාධා කිරීම් නිසා ඔවුන්ට ලැබුනේ පන්දුවාර 17.5 ක් විතරයි. කඩුලු 5 ක් දැවී ලකුණු […]
මේ ගෙවෙන්නේ 21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩ උලෙළේ අවසන් දින කිහිපය. වෙනදට වඩා මේ පාර ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්ශතා දක්වපු නිසා රටේම අවධානය මේ ක්‍රීඩා උළෙලට ලැබුණා. මේ වෙද්දි රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනූ ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 25 වෙනි තැන රැදී සිටිනවා. කොහොම වුණත් මේ පදක්කම් 4න් 3ක්ම බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් […]
අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී ශ්‍රීලනිපයේ 16 දෙනෙක් එතුමාට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරා. මේ නිසා එජාපයේ අය ඔවුන් සමඟ ලොකු තරහකින් හිටියේ. මේ 16 දෙනා තමන්ගේ ඇමතිධූර, නියෝජ්‍ය ඇමතිධූර සහ රාජ්‍ය ඇමතිධූර වලින් ඉවත් වෙන්න කියලා එජාප මන්ත්‍රීවරු බලපෑම් කරා. හැබැයි ඔවුන් මුලින් කිව්වේ ඇමතිධූර වලින් ඉවත් වෙන්නේ නෑ කියලා. කොහොම වුනත් මේ 16 දෙනා ඊයේ […]
ලෝක කුසලානය ඉලක්ක කර ගෙන යන ගමනේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විවිධ වෙනස්කම් සිදු කරමින් ඉන්නවා. හතුරුසිංහව ප්‍රධාන පුහුණුකරු හැටියට කණ්ඩායමට එකතු කර ගත්තේ එකේ ප්‍රධානම සැලැස්ම විදියට. ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස තිලාන් සමරවීර පත්වූ අතර පන්දු යැවීමේ පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක වැඩ බාර ගත්තෙම මේ සැලැස්මේ විදියට. ලංකාවට මේ අවුරුද්දේ ඊළඟට තරඟ […]
මේ වෙද්දී සිරියාව ඉන්නේ ලොකු යුද්ධයක. ඒ යුද්ධයට පෙට්‍රොල් වත්කරන වැඩක් සිද්ධ වෙන්නයි යන්නේ. ඇමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් ඉදිරි පැය 72 ඇතුලත සිරියාවට මිසයිල ප්‍රහාරයක් එල්ල කරනවා කියලා අනතුරු ඇගෙව්වා. මේ නිසා සිරියාවට ඉහළ අහසේ පියාසර කරන සියලුම ගුවන්යානා සිරියානු අහසෙන් ඉවත් කර ගන්න කියලා අණ කරා. මේ වෙද්දී කිසිම ගුවන් යානයක් සිරියාව උඩින් පියාසර […]
අද 2018 අප්‍රියෙල් මස 12 වන බ්‍රහස්පතින්දා රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 01.43 සිට 03.14 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 01.37 සිට 03.08 දක්වා සුභ දිශාව: නැගෙනහිර මේෂ ලග්නය අවංකව හා යුක්ති සහගතව කටයුතු කළහැකි දිනයකි. මනා කළමනාකරණයකින් යුතුව වැඩ කටයුතු කළයුතු දිනයකි. ඔබ ගමන් බිමන් යාමේදී අද දින ප්‍රවේසම් යුතුයි. […]
ඇල්ජීරියාවේ ගුවන් යානයක් කඩා වැටි 100 දෙනෙකු පමණ මිය ගිහින් තියෙනවා. හමුදා ගුවන් යානයක් තමයි මේ විදියට අනතුරට ලක්වෙලා තියෙන්නේ. අනතුරින් මිය ගිය බහුතරයක් දෙනා හමුදා සාමාජිකයින් කියලයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. මිය ගිය ගණන 200 ක් දක්වා වැඩි වෙන්න පුළුවන් කියලයි ආරක්ෂක අංශ සඳහන් කරේ. http://video.dailymail.co.uk/video/mol/2018/04/11/8678632685943831645/640x360_MP4_8678632685943831645.mp4
2018 ආසියානු කුසලානය පවත්වන රට ගැන ලොකු විවාදයක් තිබ්බා. ඒ ඉන්දයාවේ පවත්වන්න නියමිත වෙලා තිබ්බ ආසියානු කුසලාන තරඟාවලියට සහභාගී වීම පාකිස්ථානය ප්‍රතික්ෂේප කරපු නිසා. මේ නිසා ආසියානු කුසලාන තරඟාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවත්වන්න ඉන්දියාව එකඟ වෙලා තියෙනවා. ඒ අනුව අබුඩාබි සහ ඩුබායි නගරවල තරඟාවලිය පවත්වන්න නියමිතයි. කොහොම වුනත් ඉන්දියාව සත්කාරත්වය දක්වන්න නියමිතයි. 2018 නැගී […]
කතාවටත් කියනවා නේ දකුණේ මිනිස්සු වැඩකාරයෝ කියලා. දකුණෙන් බිහිවෙලා ලෝකයම ජය ගත්ත චරිත ඕනෑ තරම් ඉන්නවා. කොහේ ගියත් දකුණේ නම තියන්න දකුණේ මිනිස්සු දක්ෂයි. මේ සැරේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඒකට හොඳම සාක්ෂියක් සපයනවා. 2මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව ප්‍රථම ස්ථානය ලැබිලා තියෙන්නේ දකුණු පළාතට. දෙවන ස්ථානය හිමි වෙලා තියෙන්නේ වයඹ පළාතට. බස්නාහිර පළාතට හිමි […]
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගම් සම්මේලනය නව ක්‍රීඩක උපදේශක කමිටුවක් පහුගිය දා පත් කරා. ක්‍රීඩකයන්හට ක්‍රීඩාවේදී ඇතිවන ඉහළ මට්ටමේ ගැටලු සහ විවිධ කරුණු පිළිබඳ සොයා බලා ඔවුන් වෙනුවෙන් ශක්තිමත්ව හඬ නැඟීම වෙනුවෙන් තමයි මේ කමිටුව කටයුතු කරන්නේ. ශ්‍රී ලංකාවෙන් බිහිවුන සුපිරි ක්‍රීඩක කුමාර සංගක්කාරත් මේ නව ක්‍රීඩක උපදේශක කමිටුවට ඇතුලත් කරලා තියෙනවා. ඒ වගේම හිටපු දකුණු […]