News Line| Off Air
Generic placeholder image

Feb
18

සංචාරකයන්ට පුරවිද්‍යාත්මක තොරතුරු සපයන ඇප් එකක් හදුන්වා දෙයි

Generic placeholder image

ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක ස්ථානවලට අදාළව නිවැරදි ප්‍රවේශයක් ලබා ගැනීම සඳහා ඊ-හෙරිටේජ් e-heritage ව්‍යාපෘතිය යටතේ නිර්මාණය කළ (Heritage Sri lanka) නම් ජංගම දුරකථන යෙදුම (App) හඳුන්වාදීම ජාතික උරුම ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ සහභාගිත්වයෙන් එම අමත්‍යාංශයේදි කෙරිණි ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය මෙහි නිර්මාණ කටයුතු […]


Feb
18

මියන්මාර් හමුදා පාලනයට එරෙහිව එරට බෞද්ධ ස්වාමීන් වහන්සේලාත් විරෝධතාවයක ( photo )

Generic placeholder image

මියන්මාරයේ මේ වන විට ක්‍රියාත්මක හමුදා පාලනයට එරෙහිව බෞද්ධ ස්වාමීන් වහන්සේලාත් විරෝධතාවයක නිරත වන බව විදෙස් වාර්තා සදහන් කරනවා. මේ අනුව හමුදා පාලනය නවතා දමමින් ප්‍රජාතන්ත්‍රවාදිව තේරී පත් වූ අවුන් සාන් සුකී ඇතුළු රජයේ නිලධාරීන් නිදහස් කරන ලෙස ඉල්ලමින් ස්වාමීන් වහන්සේලා පාරට බැස යැන්ගොන් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලය වෙත පාගමනින් පැමිණ තිබෙනවා.


Feb
18

ඊයේ දිනයෙත් වැඩිම කොරෝනා ආසාදිතයින් කොළඹින්

Generic placeholder image

ඊයේ දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිත පුද්ගලයින් 722 දෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වෙනවා. එයින් වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම ගණන 223 ක්. එමෙන්ම මේ වනවිට මෙරටින් සමස්ත කොරෝනා ආසාදිතයින් 77906 දෛනකු වාර්තා වන අතර එයින් සුවය ලබා ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 71176ක්. ඊයේ දිනයේ මෙරටින් කොරෝනා මරණ 13ක් […]


Feb
18

රැකියාවට ගොස් ආපසු නිවසට එමින් සිටි 20 හැවිරිදි තරුණයාට අත් වූ ඉරණම

Generic placeholder image

නාවලපිටිය ප්‍රදේශයේ රැකියාවට ගොස් ආපසු නිවසට එමින් සිටි තරුණයෙකුගේ මළ සිරුර බච්චාගම ප්‍රදේශයේ ඉදි කර ඇති පාලම අසල මහවැලි ගගේ තිබී හමුව තිබෙනවා. අදාල පුද්ගලයා ඊයේ රාත්‍රී 08.00 ට පමණ නාවලපිටිය නගරයේ පෞද්ගලික බෙහෙත් වෙළෙදසැලක සේවය නිමකර පා ගමනින් නිවසට පැමිණෙමින් සිට ඇති අතර අදාල තරුණයා නිවසට නොපැමිණීම හේතුවෙන් නිවැසියන් සිදු කල සොයා බැලීමකදී ඔහුගේ […]


Feb
18

වාද්දුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ලබන ඉරිදා ජල කප්පාදුවක්

Generic placeholder image

කෙත්හේන ජල පවිත්‍රාගාරයේ අතවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලබන ඉරිදා පැය 10 ක පමණ කාලයක් ජල සැපයුම අත් හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා. ඒ අනුව ලබන ඉරිදා පෙරවරු 8.30 සිට පස්වරු 07 .00 දක්වා වාද්දුව, වස්කඩුව , පොතුපිටිය, කළුතර උතුර – දකුණ කටුකුරුන්ද , නාගොඩ , බෙන්තොට පයාගල , බේරුවල , […]


Feb
18

ඔස්ට්‍රේලියානු වැසියන්ට Facebook සමාගමෙන් අවහිරතාවයක්

Generic placeholder image

ඔස්ට්‍රේලියානු වැසියන්ට Facebook සමාගම විසින් අවහිරතාවයන් ඇති කර තිබෙනවා. ඒ ඔස්ට්‍රේලියානු වැසියන්ට ප්‍රවෘත්තිමය අන්තර්ගතයන් හුවමාරු කර ගැනීම සහ ප්‍රවෘත්තිමය අන්තර්ගතයන් සඳහා පිවිසීමට බාධා පමුණුවමින්. මිට හේතු වී ඇත්තේ ඔස්ටේලියානු රජය සිය රට සම්බන්ධයෙන් පළ කරන ප්‍රවෘත්තිමය අන්තර්ගතයන් සඳහා මුදල් ගෙවිය යුතු බවට Facebook)සමාගමට පැවසීම හේතු කොටගෙනයි.


Feb
18

රිය අනතුරු 23කින් පුද්ගලයින් 23ක් මහමගට බිලි

Generic placeholder image

ඊයේ(17) දිනයේ මාරක රිය අනතුරු 3ක් සිදුව ඇති අතර තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා. ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේ පෙබරවාරි 7 වන දින සිට 13 වන දින දක්වා වු කාලය තුළ සිදුව ඇති රිය අනතුරු 23 කින් පුද්ගලයින් 23දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි. එමෙන්ම අනතුරුවලින් 286ක් […]


Feb
18

පන්නල පාසලක සිසුන් දෙපිරිසක් අතර ගැටුමක්

Generic placeholder image

පන්නල ප්‍රදේශයේ පාසලක සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් දෙදෙනෙකු රෝහල්ගත කර තිබෙන බව වාර්තා වෙනවා. මෙහිදී තියුණු ආයුධයකින් සිසුවෙකුගේ පාදයකට පහර දී ඇති අතර එම පාසල් සිසුවා ඇතුළු තව සිසුවෙක් දඹදෙණිය රෝහලට ඇතුලත් කර තිබෙනවා. පාසලට ජංගම දුරකතනයක් රැගෙන ඒමේ සිද්ධියක් මෙම ගැටුමට මුල් වී ඇති බවයි පොලිසිය සදහන් කරන්නේ.


Feb
18

කාදිනල් හිමි කිතුනු බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරයි

Generic placeholder image

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ කිතුනු බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ සියලු ආගම්වලට අයත් ජනතාවට සමඟියෙන් සමාදානයෙන් ජීවත් විය හැකි පරිසරයක් සකස් කරන ලෙස ඉල්ලමින් චතාරික සමයේ මෙරට ජාතික ආගමික එකමුතුව වෙනුවෙන් යාච්ඤා කරන ලෙසයි. ඒ සඳහා තතාරික සමය ආයුධයක් කර ගන්නා ලෙසත් 2019 තතාරික සමය නිමවීමෙන් පසු එළැඹි පාස්කු ඉරු දින කළ ම්ලේච්ඡ […]


Feb
18

කෘත්‍රිමව කොවිඩ් වැළඳීමට සලස්වා එන්නත් ලබාදී පරීක්ෂාකිරීමේ නව අත්හදාබැලීමක්

Generic placeholder image

අවුරුදු 18ත් 30ත් අතර නිරෝගී තරුණ තරුණියන් යොදාගෙන කෘත්‍රීමව කොවිඩ් වැළඳීමට සලස්වා එන්නත් ලබාදී පරීක්ෂාකිරීමේ නව අත්හදාබැලීමක් පිලිබදව එංගලන්තයෙන් වාර්තා වෙනවා. ඒහිදී ලබා දෙන එන්නත් වල සාර්ථකත්වය මැන බැලීමක් සිදුවන අතර මෙය කෝවිඩ් රෝගය පාලනය කිරීම සදහා වන නව පර්යේෂණයකට ඉඩ ලබා දෙනු ලබනවා.


Feb
18

අධිබලැති පුපුරණ ද්‍රවය සමග පුද්ගලයෙක් TID භාරයට

Generic placeholder image

අධිබලැති පුපුරණ ද්‍රවය සමග පුද්ගලයෙක් වව්නියාව – නැදුන්කර්නි ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන ත්‍රස්ත විමර්ශන ඒකකයට භාර දී තිබෙනවා. පොලිසිය හා හමුදාව එක්ව සිදු කල වැටලීමකදී අදාල පුද්ගලයාගේ නිවසේ තිබී අධි බලැති පුපුරණ ද්‍රවය කිලෝ ගග්‍රෑම් 21 හා පි . ඊ වන් වර්ගයේ පුපුරන ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 ක් පමණ හා පීඩන බෝම්බ කොටස් 148 ක් […]


Feb
18

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි රහිත කාලගුණයක්

Generic placeholder image

නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැක. සබරගමුව, මධ්‍යම,ඌව සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක. […]


News Articles
Latest Videos
Most Popular Post