කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ මෘත දේහ බැහැර කිරීමට ඇති එකම ක්‍රමය ආදාහනය පමණක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. එම සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් මහත්මිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් මේ බව පවසා තිබෙනවා. එම ලිපිය මගින් ඇය පෙන්වා දී ඇත්තේ, කොරෝනා මරණ බැහැර කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය තුළ කතාබහක් නිර්මාණය වී […]
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව සිටි පකිස්තානු ක්‍රීඩකයෝ තිදෙනෙක් හට එම අවස්ථාව අහිමි වි යන බව වාර්තා වෙනවා. ඒ පකිස්ථානයේ නවසිලන්ත තරග සංචාරය හේතුවෙන්. මේ අනුව සර්ෆර්ස් අහමඩ් , වහබ් රියාස් , මොහොමඩ් හෆීස් යන පකිස්තානු ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනා හට ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අහිමි වී යන අතර ෂොයිබ් මලික් , මොහොමඩ් අමීර්, […]
මේ වන විට කළුතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා රෝගීන් 762 ක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සදහන් කරන ආකාරයට එම බල ප්‍රදේශයන් තුල කොරෝනා රෝගීන් ලෙස ගැබිණි මව්වරුන් 11 දෙනකු හමුව තිබෙනවා. කළුතර දිස්ත්‍රික්කය තුල හමු වූ වැඩිම කොරෝනා රෝගීන් හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශය තුල හමුව තිබෙනවා. එම ගණන 116 ක්. එම ප්‍රදේශයන් තුලට […]
ගල්කිස්ස ප්‍රදේශයේ අතුරු මාර්ගයක තිබී මළ සිරුරක් හමු වූ බව පොලිසිය පවසනවා. ලද තොරතුරක් මත කළ සොයා බැලීමකදී අද උදෑසන අදාළ මළ සිරුර හමු වී ඇති අතර මේ වනවිට එම මළ සිරුර කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත්කර තිබෙනවා. අදාළ පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භකර ඇති බවයි පොලිසිය පැවසුවේ. එලෙස මියගොස් ඇත්තේ ගල්කිස්ස, ශ්‍රී ධර්මපාලාරාම ප්‍රදේශයේ පදිංචිව […]
ලිබියානු මුහුදු සිමාවේ සංක්‍රමණිකයින් රැගත් බෝට්ටුවක් අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් මගින් 74 දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. සංක්‍රමණිකයින් 47 කගේ ජිවිත බේරා ගැනීමට ලිබියානු වෙරළ ආරක්ෂක නිලධාරීන් සමත්ව තිබෙනවා.
විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ ලබන සතියේ සිට ආරම්භ කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේදන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මැද පෙරදිග ඇතුළු රටවල සිටින පුද්ගලයින් කාණ්ඩ වශයෙන් ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ.
මියන්මාර් මහ මැතිවරණයෙන් එරට පාලක පක්ෂය වන අවුන් සා සුකීගේ නායකත්වය යටතේ ප්රජාතන්ත්රවාදය සදහා වන ජාතික ලීගය වැඩි ආසන ගණනක් දින ගෙන ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. එරට රජයක් පිහිටුවීම සදහා පක්ෂයක් ලබා ගත යුතු අවම ආසන ගණන 322 ක් වන අතර මේ වන විට එරට පාලක පක්ෂය ආසන 346 ක් දින ගැනීමට සමත්ව […]
මේ වන විට කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් දැනට හුදකලා කර ඇති ප්‍රදේශ එම තත්වයන් ඉවත් කිරීම පිලිබදව තීරණය කිරීම සදහා හෙට දිනයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව යුධ හමුදාපතිවරයා සදහන් කරනවා.
විවාහ තුනක් කරගත් විවාහ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයෙක් පිලිබදව තොරතුරු වාර්තා වෙනවා. අදාල පුද්ගලයා සිය නිත්‍යානුකුල විවාහයෙන් පසු එම විවාහය දික්කසාද නොකර තවත් විවාහ දෙකක් සිදු කර ගෙන තිබෙන බව සදහන් වෙනවා. කෙසේ වෙතත් බහු විවාහ චෝදනාව යටතේ විවාහ තුනක් සිදු කර ගැනීමේ සිද්ධිය මත මෙම විවාහ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට විරුද්ධව නීතිමය පියවර ගැනීමට ද තීරණය කර තිබෙනවා.
පානදුර, බණ්ඩාරනායක ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් ගනිමින් සිටි පුද්ගලයකෙු ඇද වැටී මියගොස් තිබෙනවා. අදාළ පුද්ගලයා එම අනතුරට මුහුණ දී ඇත්තේ ඊයේ දහවල්. එම පුද්ගලයාගේ දේහය සම්බන්ධයෙන් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කරන ලෙස ද අදාළ අංශ වෙත උපදෙස් දී ඇතැයි වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ, පානදුර, තන්තිරිමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි පුද්ගලයෙක්.
කොරෝනා වෛරසය හමුවේ බන්ධනාගාර ගත කර සිටින මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව නොකැදවීමට පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර තිබෙනවා. කෙසේ වුවත් පාර්ලිමේන්තු ජන්ද විමසීමකදී අදාල මන්ත්‍රීවරුන් සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව පාර්ලිමේන්තුවට කැදවීමට බලාපොරොත්තු වන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
හුදෙකලාකර ඇති කොළඹ, මෝදර ප්‍රදේශයේ නිරෝධායන නීති කඩ කළ තවත් පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, ගුවනින් නිරීක්ෂණය කිරීමේදී හසු වූ පුද්ගලයින් හත් දෙනෙකු අද උදෑසන එලෙස අත්අඩංගුවට ගත් බවයි.