News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
1

බස්නාහිර පළාතේ ඇඳිරි නිතිය තවදුරටත් දීර්ඝ කෙරේ තවත් පොලිස් බලප්‍රදේශ කිහිපයකටත් ඇදිරි නීතිය පැනවේ

Generic placeholder image

බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දින 07ක කාලයක් එනම් නොවැම්බර් මස 09 වෙනිදා පෙරවරු 5.00 දක්වා බලපැවැත්වෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා. එමෙන්ම හෙට පෙරවරු 5 සිට රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ පොලිස් බලප්‍රදේශයට, කුරුණෑගල පොලිස් බලප්‍රදේශයට සහ කුලියාපිටිය පොලිස් බලප්‍රදේශයට ද ඇඳිරි නිතිය ක්‍රියාත්මක කරන […]


Nov
1

කොරෝනා රෝගීන් සඳහා ICU ඇඳන් 143ක් වෙන්කරයි

Generic placeholder image

කොරෝනා ආසාදිතයින් සඳහා දිවයින පුරා ICU ඇඳන් 143 ක් පමණ මේ වන විට වෙන් කර ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සදහන් කරනවා. ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ අවදානම් ජනකොටස්වලට මෙම වෛරසය ව්‍යාප්ත වුවහොත් මෙම ICU ඇඳන් ප්‍රමාණය මිට වඩා වැඩි කිරීමට සිදු වන බවයි.


Nov
1

කළුබෝවිල රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකුට හා හෙදියකට කොරෝනා

Generic placeholder image

කළුබෝවිල රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකුට හා හෙදියකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා. මේ වන විට ඔවුන්ගේ සමීපතමයින් හා අශ්‍රිතයින් නිරෝධායනයට යොමු කර තිබෙනවා.


Nov
1

ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් හමු වූ ප්‍රදේශ මෙන්න

Generic placeholder image

ඊයේ දිනයේදී නව කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 239 දෙනෙකු වාර්තා වෙනවා. එයින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම පිරිස 86 දෙනෙක් ලෙස සදහන් වෙනවා. එම ආසාදිතයින් හමු ප්‍රදේශ පහත පරිදි වේ. කොළඹ දිස්ත්‍රික්කය – 86 කොළඹ (1-15) ආසාදිතයින් 51ක්, දෙහිවල 13ක්, ගොතටුව ප්‍රදේශයෙන් 04ක්, හංවැල්ල 11ක් සහ බොරැල්ල ප්‍රදේශයෙන් 07 දෙනෙක් ගම්පහ […]


Oct
31

නව ආසාදිතයින් 137ක් හඳුනා ගනියි

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 137 දෙනෙකු හඳුනාගත් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරනවා. එහි ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, නිරෝධායනය වෙමින් සිටි 38 දෙනෙකු සහ මින් පෙර හඳුනාගත් ධීවර වරාය ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 99 දෙනෙකු එලෙස වාර්තා වූ බවයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 10,561 […]


Oct
31

පන්නල ඇගළුම් කර්මාන්ත ශාලාවක 25 හැවිරිදි තරුණියක් හදිස්සියේ මිය යයි

Generic placeholder image

පන්නල ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක 25 හැවිරිදි තරුණ සේවිකාවක් හදිසියේ මිය ගොස් තිබෙනවා. එම තරුණිය පපුවේ අමාරුවක්, බඩේ අමාරුවක් සහ ක්ලාන්ත ගතියකින් වැනි අසනීප තත්වයකින් පසු වී සිටීම නිසා දඹදෙණිය රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ඇය මෙලෙස මිය ගොස් තිබෙනවා. කෙසේ වෙතත් ඇයගේ හදිසි මරණය ගැන විමර්ශනයක් මේ වන විට ආරම්භ […]


Oct
31

වත්තල කර්මාන්ත ශාලාවක 49කට කොරෝනා

Generic placeholder image

වත්තල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක කොරෝනා ආසාදිතයින් 49 දෙනෙක් හඳුනා ගෙන ඇති බව වාර්තා වනවා. ඒ එම කර්මාන්ත ශාලවේ සේවකයින් 120 දෙනෙකුගේ සිදු කරන ලද pcr පරීක්ෂණ වාර්තා අනුවයි. ඔවුන් සියලු දෙනා මේ වන විට ප්‍රතිකාර සදහා යොමු කර තිබෙන අතර අදාළ කර්මාන්ත ශාලාව මේ වන විට වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.


Oct
31

ඊයේ හමු වූ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

Generic placeholder image

ඊයේ කොරෝනා ආසාදිතයින් 633 ක් වාර්තා වූ අතර එයින් වැඩිම ප්‍රමාණයක් වාර්තා වුයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ගම්පහ දිස්ත්‍රික්කය : 264 වත්තල 22මහර 14බියගම 26මිනුවන්ගොඩ 12මීගමුව 20කටාන 20උඩුපිල 9ජා ඇල 22ගම්පහ 26කඩවත 03පිටිපන 48හොරම්පැල්ල 12මීරිගම 02පෑලියගොඩ 07කැලණිය 10රාගම 07මීගහවත්ත 04 කොළඹ දිස්ත්‍රික්කය : 162 කොළඹ (1-15) 75කිරුලපොන 03නවගමුව 29දෙහිවල 01කඩුවෙල 01මෝදර 04මට්ටකුලිය 08මාදිවෙල 14අවිස්සාවේල්ල 01කොටහේන 03නුගේගොඩ 02හෝමාගම […]


Oct
31

ගත වූ පැය 24 තුළ ආසාදිතයින් වාර්තා වූ දිස්ත්‍රික්ක

Generic placeholder image

ඊයේ උදෑසන 6 සිට අද උදෑසන 6 දක්වා ගත වූ පැය 24 තුළ දිස්ත්‍රික්ක 14කින් නව ආසාදිතයින් 633 දෙනෙකු වාර්තා වුණා. ඒ අනුව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 264ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් 162කු හඳුනා ගැනුණා. කළුතරින් නව ආසාදිතයින් 18 දෙනෙකු වාර්තා වී ඇති අතර මහනුවරි දිස්ත්‍රික්කයේ තෙල්දෙණිය ප්‍රදේශයෙන් […]


Oct
31

බස්නාහිරෙන් පැනපු කවුරුත් නෑ – ජනතාවගේ ආරක්ෂාව පිණිසයි එහෙම කිව්වේ

Generic placeholder image

ඉකුත් දා බස්නාහිර පළාතට ඇදිරි නීතිය පැනවීමට නියමිතව තිබු බ්‍රහස්පතින්දා දිනයේ බස්නාහිර පළාතෙන් පැන යෑමට පිරිසක් උත්සහ කල බව පැවසෙන වාර්තා ප්‍රතික්ෂේප කරන බව නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සදහන් කරනවා. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් මෙහෙයුමක් ක්‍රියාත්මක වුවත් එය සාර්ථක නොවූ බවත් හෝටල් හා ලැගුම්හල් පරික්ෂාවකට ලක් කරමින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව කියූ කතාව […]


Oct
31

දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන ඇමරිකාවෙන්

Generic placeholder image

පැය 24ක් තුළ හඳුනාගත් වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඇමරිකාවෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව 101,461ක්. ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 9,316,297ක් දක්වා ඉහළ ගියා. එමෙන්ම ඊයේ දිනය තුළ පමණක් ඇමරිකාවෙන් කොරෝනා මරණ 988ක් වාර්තා වූ අතර එරට සමස්ත මරණ ගණන දැක්වෙන්නේ 235,159ක් ලෙසයි.


Oct
31

නිරෝධායන නීති කඩකළ 39ක් අත්අඩංගුවට – කාදිනල් හිමියන්ගෙනුත් ඉල්ලීමක්

Generic placeholder image

නිරෝධායන නීති උල්ලංඝණය කළ 39 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ, මුහුණු ආවරණ නොමැති, සමාජ දුරස්ථභාවය පවත්වා නොගත් පුද්ගලයින් 39 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි. මේ අතර නිරෝධායන නීති පිළිපදිමින් කොරෝනා වසංගතය මැඩලීමට සෞඛ්‍ය අංශවලට සහය දක්වන ලෙස කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. සමාජය, රට, ලෝකය වෙනුවෙන් තමන්ට හිමි වගකීම […]


News Articles
Latest Videos
Most Popular Post