News Line| Off Air
Generic placeholder image

Jun
3

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් ලක්ෂ දෙක ඉක්මවයි

Generic placeholder image

ලොව පුරා ව්‍යප්ත වන කොරෝනා වෛරසයට ගොදුරු වූ අසල්වැසි ඉන්දියාවේද කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 02 ඉක්මවා ගොස් තිබෙන බව වාර්තා වෙනවා. එම ගණන දෙලක්ෂ 7,191 ලෙස සටහන් වෙනවා. මෙම වෛරසය අසාදනයෙන් එරට මිය ගිය ගණන 5,829 ලෙස ඉහල ගොස් තිබෙනවා.


Jun
3

තවත් නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙක් සුවය ලබයි

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත. ඒ අනුව සුවය ලැබු සමස්ත නාවික හමුදා ආසාදිතයින් ගණන 418ක් දක්වා ඉහළ ගොස් තිබේ.


Jun
3

චීනයෙන් තවත් පරිත්‍යාගයක්

Generic placeholder image

මෙරට ප්‍රවාහන අංශයන්හි සේවය කරන අයගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් මහජන චීනයේ ප්‍රධාන අපනයන සමාගමක් වශයෙන් සැළකෙන CMC සමාගම විසින් ආරක්ෂක කට්ටල තොගයක් ඊයේ ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත බාර දුන්නා.


Jun
3

මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක් අද

Generic placeholder image

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් අද(03) පැවැත්විමට නියමිතව තිබේ. මහ මැතිවරණය පැවැත්විමට අදාල මූලික කටයුතු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය. කෙසේවෙතත් මැතිවරණය පැවැත්විමේ දිනය සම්බන්ධයෙන් අද දිනයේ තීරණයක් ගැනිමට නොහැකි බව ද මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේය. එහෙත් දීර්ඝ කාලයක් නොගෙන මහ මැතිවරණය පැවැත් වීමට කටයුතු කරන […]


Jun
3

ඊයේ දිනයේ වාර්තා වු ආසාදිතයින් ගණන 40ක්

Generic placeholder image

ඊයේ(02) දිනය තුළ පමණක් මෙරට කොරෝනා ආසාදිතයින් 40 දෙනෙක් වාර්තා වී ඇත. ඉන් පුද්ගලයින් 32 ක් විදෙස් රටවල සිට මෙරටට පැමිණි අය බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. එයින් ආසාදිතයින් 7 දෙනෙක් නාවික සෙබළුන් වන අතර එක් ආසාදිතයෙක් නාවික සෙබළෙක් සමඟ සමීපව ඇසුරු කළ අයෙක් බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය. මේ අනුව […]


Jun
3

අද කාලගුණය

Generic placeholder image

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි‍. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. උතුරු සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළගේ […]


Jun
3

හෙට රජයේ කාර්යාලවලට නිවාඩු

Generic placeholder image

හෙට(04) දිනය රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සහා හා පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කළේ හෙට දිනයේ දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බැවින් එම තීරණය ගත් බවයි. හෙට රාත්‍රී 10.00 පසු ලබන 06 වන දින අළුයම 04.00 දක්වා දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව රජය […]


Jun
3

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1683ක් දක්වා ඉහළට

Generic placeholder image

ඊයේ(02) රාත්‍රී 11.50 වන විට තවත් ‍කොවිඩි 19 ආසාදිතයින් 27 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1683 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනය වන විට පුද්ගලයින් 823 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. තවත් පුද්ගලයින් 849 ක් රෝහල් ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.


Jun
2

කොරෝනා ආසාදිතයින් ගණන 1647ක් දක්වා ඉහළ යයි

Generic placeholder image

අද(02) දිනයේදී තවත් ආසාදිතයින් දෙදෙනෙක් හඳුනා ගෙන තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 1647 දක්වා ඉහල ගොස් ඇත. මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය රෝගීන් සංඛ්‍යාව 823 ක් දක්වා ඉහල ගොස් තිබේ. රෝගීන් 813 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.


Jun
2

මැතිවරණ කොම්සමේ තීරණය හෙට

Generic placeholder image

ශ්‍රේෂ්ඨාධිකරණය අද දුන් නිවේදනය අනුව හෙට දිනයේ රුස්වි මැතිවරණ කොම්සම පාර්ලිමේන්තු මැතිවරණය පිළිබදව තීරණය කරනු ලබන බව මැතිවරණ කොම්සමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය


Jun
2

ජන්ද පත්‍රිකා මුද්‍රණය කිරිම අද සිට අරඹයි

Generic placeholder image

ජන්ද පත්‍රිකා මුද්‍රණය කිරිම අද සිට අරඹන බව රජයේ මුද්‍රණාලාදිපතිනිය ගංගානි ලියනගේ මහත්ම්ය සදහන් කරයි ඒ ම්ට සුළු මොහොතකට පෙර මැතිවරණ දිනය අභියෝගයට ලක්කරමින් ගොනු කළ පෙත්සම් සලකා බැලීමෙන් තොරවම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඬුල්ල ඒකමතිකව තීරණය කිරිමෙන් අනතුරුවයි


Jun
2

මැතිවරණ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

Generic placeholder image

මැතිවරණ දිනය අභියෝගයට ලක්කරමින් ගොනු කළ පෙත්සම් සලකා බැලීමෙන් තොරවම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඬුල්ල ඒකමතිකව තීරණය කර තිබේ. ඒ, ජුනි 20 වැනි දා පාර්ලිමේන්තුව පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් දින නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි, ඉල්ලා ගොනු කර තිබූ […]


News Articles
Latest Videos
Most Popular Post