News Line| Off Air
Generic placeholder image

Jun
2

පාස්කු කොමිසම හමුවේ තවත් අනාවරණයක්

Generic placeholder image

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති කොමිසම ඊයේ (1) දිනයේත් සාක්ෂි විමසීම සිදුකරනු ලැබුවේය. එහිදී සාක්ෂි ලබාදෙමින් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ සහරාන් හෂීම් ප්‍රමුඛ ජාතික තවුහිත් ජමාත් සංවිධානයට දේශපාලන රැකවරණය ලැබී ඇති බවට බුද්ධි අංශයෙන් තොරතුරු ලැබුණත් විමර්ශනයේ දී එවැනි දෙයක් අනාවරණය නොවුණු බවයි. ඉකුත් සිකුරාදා දිනයේ කොමිසම හමුවේ […]


Jun
2

සඳුදා සිට පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමේ තීරණයක්

Generic placeholder image

එළඹෙන සඳුදා (08) සිට පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය අද දින (02) තීරණය කර තිබෙනවා. අද දින පෙරවරුවේ ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පැවැත්විනි. එහිදී තීරණය කර ඇත්තේ ඉදිරි දින කිහිපය තුළ මහජන හැසිරීම මෙන්ම කොවිඩ් 19 වසංගත තත්ත්වය හා සෞඛ්‍ය අංශ […]


Jun
2

විරෝධතාවන්ට අනතුරු අගවමින් සැඟවී සිටි බංකරයෙන් ජනපති ට්‍රම්ප් එලියට

Generic placeholder image

කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ ඝාතනයට එරෙහිව ධවල මන්දිරය එදිරිපිට දැවැන්ත විරෝධතා රැළියක් පවැත්වෙන අතර තත්වය පාලනය කිරීමට එරට පොලිසිය ඉතා දැඩි උත්සාහයක නිරත වන බව වාර්තා වෙනවා. මේ අතර ජනපති ට්‍රම්ප් ධවල මන්දිරයේ පිහිටි භූගත ආරක්‍ෂිත බංකරයකට රැගෙන යාමට ආරක්ෂක අංශ හට සිදුවු අතර කෙසේ වෙතත් මේ වන විට ජනපතිවරයා එම බංකරයෙන් එලියට පැමිණ […]


Jun
2

බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යන ලකුණු?

Generic placeholder image

කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය කාලය තුල සිය බේකරි නිෂ්පාදන කටයුතු සැලකිය යුතු මට්ටමකින් බිද වැටි තිබීම හේතුවෙන් ඉදිරියේදීබේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහල දැමීමට සිදු වනු ඇති බව ලංකා බේකරි හිමියන්ගේ සංගමය සදහන් කරනවා.


Jun
2

අන්තර්ජාලය හරහා මුදල් වංචා කළ දෙදෙනෙකු රිමාන්ඩ්

Generic placeholder image

අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කළ දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. පොලීසිය පැවසුවේ අන්තර්ජාල බැංකු ගනුදෙනු ඔස්සේ පෞද්ගලික ආයතනවල විද්‍යුත් ලිපින හරහා ව්‍යාජ පණිවුඩ යවමින් අදාළ පුද්ගලයින් තම බැංකු ගිණුම් වෙත මුදල් ලබාගෙන ඇති බවයි. මේ සඳහා ව්‍යාජ හැඳුනුම්පත් ද ඔවුන් භාවිත කර තිබේ. මේ වනවිට රුපියල් ලක්ෂ 100කට ආසන්න මුදලක් මෙලෙස ලබා ගෙන ඇතැයි පොලීසිය […]


Jun
2

මාලිගාවත්තේ වෙඩි තැබීම: ප්‍රධාන සැකකරු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට

Generic placeholder image

මාලිගාවත්තේ, මහල් නිවාස සංකීර්ණයකදී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. තවත් සැකකරුවන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ය.


Jun
2

නව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානීවරයෙක්

Generic placeholder image

මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන 55 වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් වැඩ භාර ගෙන ඇති බව හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළා.


Jun
2

ආමේනියා අගමැතිටත් කොරෝනා ආසාදනය වෙයි

Generic placeholder image

ආමේනියා අග්‍රාමාත්‍ය නිකෝල් පෂින්යන් හට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ වීඩියෝවක් නිකුත්කරමින් අග්‍රාමාත්‍යවරයා විසින් තමා හට කොරෝනා ආසාදනය වී ඇති බවට දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අග්‍රාමාත්‍යවරයාට අමතරව ඔහුගේ පවුලේ ඥාතීන් හට දවෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ. ආමේනියාව තුළ කොරෝනා වෛරස් ආසාදිතයින් 9282 ක් වාර්තා […]


Jun
2

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

Generic placeholder image

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානි ආචාර්ය අයි. එච්. කේ. මහනාම මහතා විසින් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය අද නියෝග කළේය. ඉකුත් රජය සමයේ කන්තලේ සීනි සමාගම ඉන්දියානු ජාතික ව්‍යාපාරිකයකුට පැවරීමේ දී ඊට අදාළ යන්ත්‍රෝපකරණ සහ ගොඩනැඟිලි පවරා දීමේ කටයුතු ඉටු කිරීම සඳහා රුපියල් මිලියන 54 ක […]


Jun
2

කොරෝනා සමයේ පෞද්ගලික අංශ සේවකයින්ගේ පැමිණිලි 15,000 ක්

Generic placeholder image

කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය මාස දෙකක කාලය තුළ පෞද්ගලික අංශයේ සේවකයින්ට බලපෑ ගැටලු පිළිබඳ පැමිණිලි 15, 000 ට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇතැයි කම්කරු දෙපාර්තමේන්තුව පවසනවා. එහි ප්‍රකාශකයෙකු පැවසුවේ එම පැමිණිලි පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් පසුගියදා නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත භාරදුන් බවයි. සේවකයන් සේවයෙන් ඉවත් කිරීම, වැටුප් නොගෙවීම සහ වැටුපෙන් කොටසක් ගෙවීම […]


Jun
2

මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් විභාගයේ තීන්දුව අද

Generic placeholder image

පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සහ ජුනි මස 20 වන දින මහ මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර ඇති ගැසට් නිවේදන බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට අවසර දෙන්නේ ද නැද්ද යන්න පිළිබඳ අද(02) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ. අදාළ පෙත්සම් පිළිබද කරුණු සලකා බැලීම අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය අද පස්වරු 3.00ට එම නියෝගය ප්‍රකාශයට […]


Jun
2

ජාතික පොසොන් සතිය අදින් ආරම්භ වෙයි

Generic placeholder image

ජාතික පොසොන් සතිය අදින් ආරම්භ වෙනවා. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පැවසුවේ අද සිට ලබන 08 වනදා දක්වා පොසොන් සතිය ක්‍රියාත්මක බවයි. රාජ්‍ය පොසොන් උත්සවය අනුරාධපුර, මිහින්තලා පුදබිම හා අටමස්ථානය මුල් කර ගනිමින් සිදුකරන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා පැවසුවේ ය.


News Articles
Latest Videos
Most Popular Post