News Line| Off Air
Generic placeholder image

Jun
1

එළවළු මිල ඉහළට

Generic placeholder image

ඉකුත් මාස කිහිපය තුල කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ එළවළු මිල ගණන් පහල වැටි තිබු අතර මේ වන විට ක්‍රමයෙන් ජන ජීවිතය යථා තත්වයට පත් කිරීමට ගත් තීරණයත් සමග නැවත එළවළු මිල ඉහල ගොස් තිබෙනවා. කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳුන් පවසන්නේ පිටපළාත්වල වෙළෙඳුන්ගේ පැමිණීමේ වර්ධනයක් ද දැකිය හැකි බවයි.


Jun
1

රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලයෙදී

Generic placeholder image

මෙවර රාජ්‍ය පොසොන් උත්සවය ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථාන පරිශ්‍රෙය්දී පැවැත්වීම සදහා මේ වනවිට සියළු කටයුතු සූදානම් කර තිබෙනවා. රාජ්‍ය පොසොන් උත්සවය අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ වන අතර ලබන 4 වනදා සිට පුරා දින 03ක කාලයක් මිහින්තලය පුද බිමේදී පැවැත්වෙනවා.


Jun
1

තොණ්ඩමන්ගේ අමාත්‍ය ධූරයේ අගමැති දිවුරුම් දෙයි

Generic placeholder image

ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන නව කැබිනට් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දී තිබේ. අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ අගමැතිවරයා දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. මෙම අමාත්‍යධූරය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අභාවයෙන් පුරප්පාඩු විය. ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ද දිවුරුම් දීමේ අවස්ථාවට […]


Jun
1

ධවල මන්දිරය ඉදිරිපිට විරෝධතාවයන් දැඩි වීම හේතුවෙන් ජනපති ට්‍රම්ප් භූගත බංකරයක සැගවෙයි

Generic placeholder image

කලු ජාතික ජොර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරිමේ සිද්ධිය මුල් කරගෙන ධවල මන්දිරය ඉදිරිපිටදී විරෝධතාවයන් දරුණු වීම හේතුවෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් භූගත බංකරයකට රැගෙන යාමට ධවල මන්දිරයේ ආරක්ෂක ඒකකයේ නිලධාරීන් කටයුතු කර ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. මෙම විරෝධතා කරුවන් විසින් ආරක්ෂක අංශ වෙත ප්‍රහාර කිහිපයක් ම එල්ල කර ඇති අතර තත්ත්වය පාලනය කිරිමට ආරක්ෂාව සඳහා […]


Jun
1

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් ගණන ලක්ෂ හැට දෙක ඉක්මවයි

Generic placeholder image

ලොව පුරා කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් ගණන අද වන විට ලක්ෂ හැට දෙක ඉක්මවා ගොස් තිබේ. වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව තුන් ලක්ෂ හැත්තෑ තුන්දහසකට අධිකයි. බ්‍රසීලයෙන් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 29,314 ක්. ගත වූ පැය 24 තුළ එරටින් අලුතින් මරණ 480 ක් වාර්තා වී ඇත.බ්‍රසීලයෙන් ආසාදිතයන් 514,849 ක් හඳුනා ගෙන තිබේ. අමෙරිකාවෙන් හඳුනාගෙන […]


Jun
1

මහ මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් සලකා බැලිම අද දස වන දිනටත්

Generic placeholder image

මහ මැතිවරණ දිනය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම් පිළිබඳ වැඩිදුර සලකා බැලීම අද(01) ශ්‍රේෂ්ඨාධිකරණයේදී 10 වන දිනටත් සිදු කිරීමට නියමිතයි.අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් සලකා බැලීම සිදු කෙරෙයි. ඒ අනූව අද පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන්ගේ පිළිතුරු දේශන ඉදිරිපත් කිරීමට නියමිතව […]


Jun
1

කොරෝනා ආසාදිතයින් ගණන 1633ක් දක්වා ඉහළට

Generic placeholder image

ඊයේ(31) රාත්‍රී 11.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1633ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දින කොවිඩ් ආසාදිතයන් 13 දෙනකු අලුතින් හඳුනා ගෙන තිබේ. ඒ අතර 9 දෙනෙක් පිට රටින් පැමිණි අය වන අතර, සෙසු සිව් දෙනා නාවික හමුදා සෙබලුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය […]


Jun
1

අද සිට දුම්රිය ගමන්වාර හා බස් සංඛ්‍යාව වැඩි කරයි

Generic placeholder image

අද(01) සිට ධාවනය වන දුම්රිය ගමන්වාර සංඛ්‍යාව වැඩි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.. දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එස්. පොල්වත්තගේ මහතා සදහන් කළේ දුම්රිය ගමන්වාර 33 ක් අද සිට ධාවනයට එක් කිරීමට නියමිතයි. එම දුම්රියවලින් ගමන් කළ හැක්කේ රාජකාරී කටයුතු සඳහා පැමිණෙන මගින්ට පමණක් බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එස්.පොල්වත්තගේ මහතා පැවසීය.එමෙන්ම අද සිට ධාවනය වන බස් […]


Jun
1

අද කාලගුණය

Generic placeholder image

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල තැනින් තැන වැසි ඇති වෙයි. නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොළොන්නරුව දිස්ත්‍රිකකයේත් සවස 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැක. මන්නාරම දිස්ත්‍රික්කයේ උදය කාලයේ දී […]


Jun
1

මෙරට 11 වන කොරෝනා මරණය වාර්තා වෙයි

Generic placeholder image

මීට සුළු වේලාවකට පෙර කොරෝනා අසාධිතව හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු මිය ගිය බව සෞඛ්‍ය සේවා අධක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 45 ක් වු කුවේට්වල සිට පැමිණි පිරිමි පුද්ගලයෙක් වන අතර ඒ අනුව මෙරට කොරෝනා අසාදනයෙන් මිය ගිය 11 වන කොරෝනා මරණය […]


May
31

මෙරට කොරෝනා ආසාදිතයින් ග‍ණන 1630ක් දක්වා ඉහළ යයි

Generic placeholder image

අද(31) දිනයේ තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය. ඒ අනුව මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 1630ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද දිනයේ හඳුනාගත් නව ආසාදිතයින් දස දෙනාගෙන් නව දෙනෙකු විදෙස් රටවල සිට පැමිණ නිරෝධායන වෙමින් සිටි පුද්ගලයින් වන අතර අනෙක් ආසාදිතයා නාවික හමුදා සාමාජිකයෙකු වෙයි.


May
31

හෙට සිට දුම්රිය ගමන්වාර වැඩි කිරීමට තීරණය කරයි

Generic placeholder image

හෙට (01) දිනයේ සිට ධාවනය වන දුම්රිය ගමන්වාර සංඛ්‍යාව වැඩි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එස්.පොල්වත්තගේ මහතා සඳහන් කළේ, දුම්රිය ගමන්වාර 33ක් හෙට දිනයේ දී ධාවනයට එක් කිරීමට නියමිත බවයි. එම දුම්රියවලින් ගමන් කළ හැක්කේ රාජකාරී කටයුතු සඳහා පැමිණෙන මගීන්ට පමණක් බව වී.එස්.පොල්වත්තගේ මහතා පැවසීය.


News Articles
Latest Videos
Most Popular Post