News Line| Off Air
Generic placeholder image

May
17

අද දිවයිනේ සියලුම මත්පැන් අලෙවි සැල් වැසෙයි

Generic placeholder image

ඇඳිරි නීතිය හේතුවෙන් අද(17) දිවයිනේ සියලුම මත්පැන් අලෙවි සැල් වසා තැබීමට තීරණය කර තිබේ. සමස්ත දිවයිනටම බලපාන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අද දිනයේ දිවයින පුරා පිහිටි මත්පැන් අලෙවිසැල් විකිණීමේ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන සියල්ල වසා තැබිය යුතු බව නිවේදනයක් නිකුත් කරමින් සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. මෙම නියෝගය සෙසු ප්‍රදේශවල පරිදිම කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට ද […]


May
17

අද කාලගුණය

Generic placeholder image

බස්නාහිර, සබරගමුව, දකුණ හා මධ්‍යම පළාත්ල ඇතැම් ස්ථානවලට මිලිමීටර 150 ට වැඩි තද වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදේ පැවති ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වෙයි. අම්ෆන් නමින් හඳුන්වා ඇති මෙම සුළි කුණාටුව ඊයේ(16) පස්වරු […]


May
17

දුම්රිය 19 ක් හෙට සිට ධාවනයට

Generic placeholder image

දුම්රිය 19 ක් හෙට සිට ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනන්දු මහතා සඳහන් කළේ, මගීන් 11,500 ක පමණ පිරිසක් ඉදිරි සතියේදී දුම්රිය ගමනාගමනය සඳහා ඉල්ලුම් කිරීම හේතුවෙන් එම තීරණය ගත් බවය. ඒ අනුව ප්‍රධාන මාර්ගයේ ධාවනය කෙරෙන දුම්රිය සංඛ්‍යාව 7 කි.මුහුදු බඩ මාර්ගයට දුම්රිය 6 ක් සහ කැලණිවැලි මාර්ගයට දුම්රිය 4 […]


May
17

කොරෝනා ආසාදිතයින් ගණන 960 දක්වා ඉහළට

Generic placeholder image

ඊයේ(16) රාත්‍රී 11.55 වන විට තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 960 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනය තුළ කොවිඩ් නයින්ටීන් වෙෙරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 43 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. අයි.ඩී.එච්, මුල්ලේරියාව, හෝමාගම සහ වැලිසර නාවික හමුදා යන […]


May
17

හෙට අලුයම 5 දක්වා සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය

Generic placeholder image

ඊයේ(16) රාත්‍රී 8 සිට හෙට සඳුදා අලුයම 5 දක්වා සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය බලාත්මකව පවතී. කෙසේවෙතත් කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල හෙට අළුයම 05.00 ට ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු මැයි මස 23 වන සෙනසුරාදා දක්වා රාත්‍රී 08.00 සිට අළුයම 05.00 දක්වා පමණක් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය […]


May
16

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් ගණන චීනය ඉක්මවයි

Generic placeholder image

ලොව පුරා කොවිඩ් – 19 වෛරස ආසාදිතයන් ගණන අදවන විට ලක්ෂ 46 ඉක්මවා ඇත. වාර්තාවී ඇති සමස්ත ගෝලීය මරණ සංඛ්‍යාව තුන් ලක්ෂ අටදහසකට අධිකයි. මේ අතර ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයන් ගණන මේවනවිට චීනයේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවද ඉක්මවා ගොස් තිබේ.ලොව වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයන් සහ මරණ වාර්තාවීම අතින් තවමත් ඉදිරියෙන් සිටින්නේ අමෙරිකාවයි. ඒ අනුව ගතවූ පැය 24 […]


May
16

ඉතාලියේ සංචරණ සීමාවන් ලිහිල් කිරීමට තීරණයක්

Generic placeholder image

ලබන මස 3 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉතාලියේ සංචරණ සීමාවන් ලිහිල් කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා . මාස දෙකකට අධික කාලයක් සම්පුර්ණයෙන් අක්‍රීය කර තිබූ ඉතාලිය සංචරණ සීමා ලිහිල් කිරීම එරට ආර්ථිකය යලි පන ගැන්වීමේ දැවැන්ත පියවරක් ලෙසයි සැලකෙන්නේ. ඒ අනුව ජුනි මස 3 වනදා සිට ඉතාලි ජාතිකයන්ට විදෙස් සංචාර සඳහා ද අවස්ථාව […]


May
16

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විශේෂ නිවේදනයක්

Generic placeholder image

කොරෝනා පාලනය සැලකිල්ලට ගනිමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සියලු කාර්යයන් යම් සීමාවකට යටත්ව ලබන 20 වැනිදා සිට ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළා.


May
16

මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 937 දක්වා ඉහළට

Generic placeholder image

ශී‍්‍ර ලංකාවේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 937 දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ අද දිනයේ තවත් ආසාධිතයෙකු හදුනාගැනීමත් සමගයි. අද දිනයේ මේ දක්වා ආසාධිතයින් දෙදෙනෙක් හමු වී ඇති අතර මේ වන විට රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 407 ක්. එමෙන්ම සුවය ලැබූ 520 දෙනෙකු රෝහල් වලින් පිටව ගොස් ඇති අතර සිදු වූ මරණ සංඛ්‍යාව 09 ක්.


May
16

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 936ක් දක්වා ඉහළට

Generic placeholder image

අද (16) පස්වරු 04.00 වන විට කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 936 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර අද දිනය තුළ කොවිඩ් නයින්ටීන් වෙරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 43 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව මේ වන විට […]


May
16

තවත් කොරෝනා ආසාදිතයින් 43 දෙනෙකු සුවය ලබා පිටව යයි

Generic placeholder image

අද (16) දිනයේ තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 43 දෙනෙකු සුවය ලබා තිබේ. නාවික රෝහල, අයි.ඩී.එච්, වැලිකන්ද, මුල්ලේරියාව සහ හෝමාගම යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් පිරිසක් සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේය. ඒ අනුව කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී සිට මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 520 දෙනෙකු දක්වා ඉහල ගොස් […]


May
16

අයහපත් කාලගුණය නිසා ප්‍රදේශ රැසකට විදුලිය ඇනහිටී

Generic placeholder image

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රත්නපුර, කෑගල්ල, ගාල්ල, මාතර, කුරුණෑගල සහ හම්බන්තොට යන ප්‍රදේශවල 45,000කට ආසන්න පාරිභෝගිකයින් පිරිසකට විදුලි සැපයුම ඇනහිට ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.


News Articles
Latest Videos
Most Popular Post