ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 55,000 ඉක්මවා ගොස් ඇති බව පොලිසිය පවසයි. ඊයේ(15) උදෑසන 06.00 සිට අද(16) උදෑසන 06.00 දක්වා වූ පැය 24 ක කාලය තුළ පුද්ගලයින් 559 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය මාර්තු මස 20 වනදා පස්වරු 06.00 සිට අද පෙරවරු 06.00 දක්වා කාලසීමාව තුළ ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම […]
ඊයේ(15) රාත්‍රියේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහිත තත්ත්වයක් වාර්තා වු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවා. වැසි සමඟ කෑගල්ල දිස්ත්‍රික්කයට ජල ගැලීම් තත්ත්වයක් ද හට ගෙන ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කළා. වැසි ජලය එකතු වීම හේතුවෙන් මාවනැල්ල හා කෑගල්ල ප්‍රදේශයේ ජනතාව පීඩාවට පත්ව තිබෙනවා. මීට අමතරව කළුතර, ගාල්ල, […]
අද (16) රාත්‍රී 08.00 සිට සඳුදා අළුයම 05.00 දක්වා දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බව රජය පවසනවා. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක සඳහා ඊයේ(15) රාත්‍රී 08.00 සිට පනවා තිබූ ඇඳිරි නීතිය අද අළුයම 05.00 ට ඉවත් කෙරුණා. කෙසේවෙතත් කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල මැයි මස 18 වන සඳුදා අළුයම 05.00 ට […]
මෙරටින් හමු වූ කොරෝනා වෛරස් ආසාධිතයින් සංඛ්‍යාව 935 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ තවත් ආසාධිතයින් 10 දෙනෙකු හදුනාගැනීමත් සමගයි. මේ වන විට මෙරටින් හමු වූ ආසාධිතයින්ගෙන් 449 දෙනෙකු රෝහල් වල ප‍්‍රතිකාර ලබනවා. සුවය ලැබූ 447 දෙනෙකු රෝහල් වලින් පිටව ගොස් ඇති අතර වාර්තා වූ මරණ සංඛ්‍යාව 09 ක්.
ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශය ආශී‍්‍රතව පවතින අඩු පීඩන තත්ත්වය පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි අතර එය බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශය තුළදී සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් වයඹ දෙසට ගමන් කිරීමට ඉඩ ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. එහි බලපෑම හේතුවෙන් දිවයිනේ නිරතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් වැඩිවේ. දිවයිනේ ඇතැම් […]
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වයක් වර්ධනය වී ඇති බැවින් මේ වන විට දකුණ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ගිගුරුම් සහිත වැසි ඇදහැලෙන බව අප වාර්තා කරුවන් සදහන් කළා. කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරන්නේ විශේෂයෙන් ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් […]
කොවිඩ් නයින්ටීන් ආසාදනය වීමේ දෙවන අවස්ථාවකට සූදානම් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවා තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛරස ප්‍රතිචාර දැක්විමේ තාක්ෂණික ප්‍රධානී වෛද්‍ය මාරියා වෑන් පවසා ඇත්තේ ලෝකයේ විවිධ ප්‍රදේශවලින් වෛරසය යළිත් වරක් වර්ධනය වී ඇති බවයි. සී.එන්.එන් රූපවාහිනය සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශ කර තිබේ. කෙසේවෙතත් […]
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වැලිසර ප්‍රදේශයේ කළ වැටලීමකින්, හොරොයින් කිලෝග්රෑම් 225 ක් සමග සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. හෙරොයින් තොගය සමග මෝටර් රථ දෙකක් ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. සහල් මලුවල ඇසුරුම් කර තිබියදී එම හොරොයින් තොගය සොයා ගෙන තිබේ. පොලීසීය සඳහන් කළේ, එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 230 කට අධික බවයි
රජයේ දැවැන්ත ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට අදාළ ප්‍රතිපත්ති රට හමුවේ තබා ඇති බැවින් ඒවා හඹා යෑමේදී තාර්කික නොවන නීති රීති බාධාවක් කරගත යුතු නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී. අමාත්‍යාංශ ලේකම්වරුන් සහ වැවිලි සහ කර්මාන්ත අංශයට අයත් ආයතන ප්‍රධානීන් සමග ඊයේ (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව පැවසීය. වැවිලි හා […]
කොරෝනා පාලනයට එරට පැවති දැඩි නීති ලිහිල් කිරීමෙන් අනතුරුව මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය තම සමිපතයින් වෙනුවෙන් අවසන් ගෞරවය පුද කිරීම සදහා සුසාන භූමි වෙත යෑමට අවසර ලබා දී තිබෙනවා.
කොරෝනා මෙරටින් තව දුරටත් පාලනය කිරීම අරමුණු කර ගනිමින් ප්‍රවාහන සේවා කළමනාකරණ කිරීම සදහා එනම් සියලුම පොදු ප්‍රවාහණ සේවාවන් මනාව සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම මෙහෙයවීම, නියාමනය හා බලාත්මක කිරීම යන කරුණු සඳහා කාර්ය සාධක බලකායක් පත් කර තිබෙනවා. ඒ විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින්ය. කොවිඩ් 19 පොදු ප්‍රවාහණය ඔස්සේ ව්‍යාප්ත වීම වැළැක්වීම මෙහි මුලිකම […]
රට පුරා තිබෙන ව්‍යායම් මංතීරු භාවිතා කිරීමට මහ ජනයාට අවසර ලබා දී තිබෙන බව පොලිසිය සදහන් කරනවා. ඒ අනුව අලුයම 05 සිට උදැසන 08 00 දක්වාත් යලි සවස 04.00 සිට රාත්‍රී 08 .00 දක්වාත් මෙම මංතීරු විවෘත කර තිබෙන බව වැඩි දුරටත් සදහන් වෙනවා.