News Line| Off Air
Generic placeholder image

May
15

මැතිවරණය වෙනුවෙන් සෞඛ්‍යය ආරක්ෂිත මාර්ගෝපදේශයන සදහා ත්‍රිපුද්ගල කමිටුවක්

Generic placeholder image

ඉදිරි මැතිවරණය සෞඛ්‍යය ආරක්ෂිතව පවත්වන්නේ කෙසේද යන්න පිලිබදව මාර්ගෝපදේශ සැපයීමට රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසනවා.


May
15

වසා දැමුණු බණ්ඩාරනායක මාවත සහ සුදුවැල්ල යළි විවෘත කෙරේ

Generic placeholder image

කොරෝනා අසාධිතයින් හමුවීම හේතුවෙන් හුදකලා කෙරුණු බණ්ඩාරනායක මාවත සහ සුදුවැල්ල යළි විවෘත කර තිබෙනවා.


May
15

ලොව පුරා කොරෝනා මරණ ගණන ලක්ෂ 03 ඉක්මවයි

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ලොව පුරා මිය ගිය ගණන ලක්ෂ 03 ඉක්මවා ගොස් තිබෙනවා. ආසාධිත ගණන ලක්ෂ 45 ක් ලෙස සදහන් වෙනවා. වැඩිම කොරෝනා මරණ ගණනක් වාර්තා වන්නේ අමෙරිකාවෙන් වන අතර එය වාර්තා වන්නේ 86.900 ක් ලෙසයි


May
15

රාජිතගෙන් අභියාචනයක්‍

Generic placeholder image

සුදුවෑන් මාධ්‍ය හමුවට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ලබාදුන් ඇප අවලංගු කරමින් කොළඹ මහාධිකරණය දුන් නියෝගය බලරහිත කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට ඊයේ (14) දිනයේ පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ රාජිත සේනාරත්න මහතාගේ නීතිඥවරුන් විසින්. මේ අතර රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු සැකකාර රාජිත සේනාරත්න මහතා මේ වනවිට නිරෝධායනය සඳහා මීගමුව පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානයේ රඳවා සිටි


May
15

ඊයේ හඳුනා ගත් ආසාදිතයින් 10 දෙනාගෙන් 8ක් ම නාවික සෙබළුන්

Generic placeholder image

මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 925ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර ඊයේ හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් 10 දෙනාගෙන් 8 දෙනෙකු ම නාවික හමුදා සෙබළුන් බව වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. එමෙන්ම ඉතිරි දෙදෙනා එම නාවික සෙබළුන්ගේ පවුල්වල සමාජිකයින් බවත් යුද හමුදාපතිවරයා වැඩි දුරටත් සදහන් කළා.


May
15

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට අද ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

ගිනිකොන දිග මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වායුගෝලයේ ඇතිව තිබෙන අඩු පීඩන තත්වය හේතුවෙන් දිවයින වටා සුළගේ වේගය පැ. කි. 40 – 50 අතර වැඩි විය හැකි බවත් එමෙන්ම දකුණ ,බස්නාහිර , සබරගමුව , හා දකුණ පළාත් වලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට […]


May
15

කොරෝනා ආසාදිතයින් ගණන 925 දක්වා ඉහළට

Generic placeholder image

තවත් කොරෝනා ආසාදිතයින් 9 දෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන අතර ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 925 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


May
14

විදෙස් තැපැල් ලිපි සහ භාණ්ඩ තෝරාගත් ගමනාන්තයන්ට ගුවන් මගින් සහ මුහුදු මාර්ගයෙන්

Generic placeholder image

ශී‍්‍ර ලංකාවේ සිට විදෙස් තැපැල් ලිපි සහ භාණ්ඩ තෝරාගත් ගමනාන්තයන්ට ගුවන් මගින් සහ මුහුදු මාර්ගයෙන් රැගෙන යාමට තැපැල් දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.


May
14

කොරෝනා හේතුවෙන් ලොවපුරා මියගිය සංඛ්‍යාව 300,000 ඉක්මවයි

Generic placeholder image

ලොවපුරා කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 300,000 ඉක්මවා තිබෙනවා. ඒ අනුව ලොව පුරා වෛරසය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 300,220 ක් බව වාර්තා වනවා. ලොවපුරා රටවල කොරෝනා ආසාධිතයින් 44,78575 ක් වාර්තා වන අතර කොරෝනා ආසාධනය වී සුවය ලැබූ සංඛ්‍යාව 16,82872 ක්. වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ අමෙරිකාවෙනුයි. මේ වන විට අමෙරිකාවේ කොරෝනා වෛරසය හේතුවෙන් […]


May
14

හිටපු ඇමති රිෂාඩ් බදුර්දින්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වී මරණයට පත් වන පුද්ගලයන්ගේ මළ සිරුරු ආදාහනය කළ යුතු බවට නිකුත් කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් සහ ඔහුගේ පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 04 දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ගොනු කර තිබෙනවා. කෝවිඩ් වසංගතයට ගොදුරු වී මියගිය අයගේ සිරුරු සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සදහන් […]


May
14

කොරෝනා වෛරසය සමාජගත වීමක් මෙතෙක් සිදුව නොමැති බව අනාවරණය කරයි

Generic placeholder image

කොරෝනා වෛරසය සමාජගත වීමක් මෙතෙක් සිදුව නොමැති බව සෞඛ්‍ය බලධාරීන් සහ වසංගත රෝග විද්‍යා අංශය කොවිඩ් 19 විශේෂ කි‍්‍රයාකාරී කාර්ය සාධන සමාලෝචන කමිටු රැස්වීමේදී අනාවරණය කර තිබෙනවා. එම කමිටුව අද පෙරවරුවේ 7 වන වරටත් සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චිගේ ප‍්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේදී රැස්වුණා. ක‍්‍රමයෙන් රට විවෘත වීමත් සමග වෛරසය පැතිර යාම පාලනයට පනවා ඇති නීති රීති […]


May
14

තානාපතිවරුන් 2 ක් සහ මහ කොමසාරිස්වරයෙක් ජනපති වෙත වීඩියෝ සම්මන්ත්‍රණයක් මගින් අක්තපත්‍ර භාරදෙයි

Generic placeholder image

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව සිටින බ්‍රසීල තානාපති, ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති සහ ඉන්දියානු ජනරජයේ මහ කොමසාරිස් අද (14) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍ර භාර දී තිබෙනවා. වීඩියෝ සම්මන්ත්‍රණයක් මගින් සිදු කළ අක්තපත්‍ර ප්‍රදානය ඓතිහාසික අවස්ථාවක් වන අතර අන්තර්ජාල තාක්ෂණය භාවිතයෙන් මෙවන් ගාම්භීර උත්සවයක් ශ්‍රී ලංකාවේ පැවති පළමු අවස්ථාව මෙය වනවා. […]


News Articles
Latest Videos
Most Popular Post