කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තවදුරටත් බලපැවැත්වෙන අතර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අද (18) අලුයම 5ට ලිහිල් කෙරිණි.කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි. සෙසු දිස්ත්‍රික්කවලට අද සිට ලබන 23 වන සෙනසුරාදා දක්වා සෑම දිනකම රාත්‍රී 8.00 සිට අලුයම 5.00 තෙක් පමණක් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති […]
මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 970 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් ආසාධිතයින් 06 දෙනෙකු හදුනාගැනීමත් සමගයි. මේ අතර අවසන් වරට හමු වූ කොරෝනා ආසාධිතයින් 06 දෙනා නාවික හමුදා සාමාජිකයින් බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.
මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 964 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් ආසාධිතයින් 04 දෙනෙකු හදුනාගැනීමත් සමගයි.
අද දිනයේ මේ වන තෙක් මෙරටින් කිසිදු කොරෝනා රෝගීයෙකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළා.
කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 07ක තොගයක් සමඟ පුද්ගලයෙකු ගලේවෙල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහනුවර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් ත්‍රීරෝද රථයක් නවතා සිදුකළ පරීක්ෂාවකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 160 ක් පොලිස් භාරයට ගෙන ඇති බව සදහන්. පසුව සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී ඔහුගේ නිවසේ තිබී තවත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 5ක තොගයක් සොයාගෙන […]
ජුනි මස 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත්ව තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් හෙට(18) සලකා බැලීමට නියමිතව තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරුමඩුල්ල හමුවේ එම පෙත්සම් හෙට සහ අනිද්දා(19) සලකා බැලීමට නියමිතයි. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස කටයුතු […]
අද(17) පෙරවරු 10.00 වන විට කොවිඩි නයින්ටීන් ආසාදිතව සුව වු පුද්ගලියන් 18 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.ඒ අනුව මේ වන විට කොවිඩි නයින්ටීන් ආසාදිතව සුව වු පුද්ගලියන් ගණන 538ක් දක්වා ඉහළ ගොස් ඇත. අයි.ඩී.එච්, මුල්ලේරියාව, හෝමාගම සහ වැලිසර නාවික හමුදා යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් පිරිසක් මෙලෙස සුවය ලබා පිටව […]
කොරෝනා වෛරසය පාලනය කිරීම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය ගෙන ඇති තීරණ එරට හිටපු ජනාධිපති බැරැක් ඔබාමා විසින් යළිත් වරක් විවේචනයට ලක් කර තිබෙනවා. මීට දින කිහිපයකට ද පෙර ද හිටපු ජනාධිපතිවරයා වත්මන් පරිපාලනයේ ක්‍රියාකාරීත්වය දැඩිව විවේචනයට ලක් කර තිබුණා. උපාධිධාරී සිසුන් පිරිසක් මාර්ගගත තාක්ෂණය ඔස්සේ අමතමින් බැරැක් ඔබාමා ප්‍රකාශ කර ඇත්තේ බොහෝ නිලධාරීන් […]
අමෙරිකාවේ කොරෝනා වෛරස් ආසාධිත මරණ 90,000 ඉක්මවා තිබෙනවා. මේ වන විට එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 90,113 ක්. අමෙරිකාවෙන් කොරෝනා වෛරස් ආසාධිතයින් 1,507, 773 ක් හමුව තිබෙනවා. මේ වන විට කොරෝනා වෛරසය පැතිර ඇති රටවල් අතරින් ආසාධිතයින් වැඩිම සංඛ්‍යාවක් සහ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ අමෙරිකාවෙන්.
මෙරට කොරෝනා ආසාධිතව සිට සුවය ලබා රෝහලින් පිටව ගිය පුද්ගලයින් සංඛ්‍යාව 538 දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ තවත් ආසාධිතයින් 18 දෙනෙකු සුවය ලැබීමත් සමගයි. තවත් ආසාධිතයින් 413 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබනවා. මේ වන මෙරටින් වාර්තා වන සමස්ථ ආසාධිතයින් සංඛ්‍යාව 960 ක්. එමෙන්ම කොරෝනා වෛරසය ආසාධනය වී මෙරට මියගිය සංඛ්‍යාව 09 ක්.
කොරෝනා පාලනය සැලකිල්ලට ගනිමින් ඇදිරි නිතිය කි‍්‍රයාත්මක කළ කාල සීමාවේදී ඉතා අඩු අගයක් ගත් කොළඹ වායු දූෂණය ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග යළි ඉහළ ගොස් තිබෙනවා. විශේෂයෙන්ම ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග කොළඹ රථ වාහන ගමනාගමනය සැලකිය යුතු මට්ටමකට වැඩි වී තිබීම හේතුවෙන් දූවිලි අංශු ප්‍රමාණයේ මයික්‍රොග්‍රෑම් 18ක් 20ක් වගේ අගයක් දක්වා වර්ධනයට වී තිබෙන […]
පසුගිය මාර්තු 20 වන දින සවස 6.00 සිට අද(17) උදෑසන 6.00 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 56,326 ක් අත්අඩංගුවට ගෙන තිබේ.එම කාලය තුළ අත්අඩංගුවට පත් සමස්ත වාහන සංඛ්‍යාව 15,490 ක් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. ඊයේ(16) උදෑසන 6.00 සිට අද උදෑසන 6.00 දක්වා ගත වු පැය 24 තුළ දී පමණක් පුද්ගලයින් […]