News Line| Off Air
Generic placeholder image

May
8

ඉරානයේ භූ කම්පනයක්

Generic placeholder image

ඉරානයේ ටෙහෙරාන් නුවර භූ කම්පනයක් හටගෙන තිබෙනවා. එය රිච්ටර් මාපකයේ ඒකක හතරයි දශම 8 ක් ලෙස එහි ප්‍රබලත්වය සටහන් වී ඇති බව සදහන්. භූ කම්පනයෙන් පුද්ගලයෙකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා.. එරට උසම ගිනි කන්ද ලෙස හැදින්වෙන දමාවන්ඩ් ගිනි කන්ද, භූ කම්පනයේ කේන්ද්‍රස්ථානය ලෙස විදයාඥයින් […]


May
8

මාස දෙකකින් පසු ඉතාලියේ දේව මෙහෙයන් 18 දා සිට අරඹයි

Generic placeholder image

ඉතාලියේ ලොක්ඩවුන් තත්ත්වයත් සමග මාස දෙකකට අධික කාලයක් තහනම් කෙරුණු දේවස්ථාන දිව්‍ය පූජාවන් ලබන 18 වනදා සිට දැඩි සෞඛ්‍ය ආරක්‍ෂිතවේද ක‍්‍රමවේදයන් යටතේ ඇරඹීමට රජය හා ආගමික නායකයන් අතර එකගතාවයෙන් යුතුව අවසර ලබාදුන් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. මෙහිදී දේවස්ථාන තුළ දුරස්ථභාවය හා විෂබීජහරණය මෙන්ම මුඛ ආවරණ පැළදීම අනිවාර්ය කරුණක් බවත් සාමය පතා අතට අත දීමත් […]


May
8

ලොව පුරා කොවිඩ් නයින්ටීන් මරණ දෙලක්ෂ හැත්තෑ දහස ඉක්මවා යයි

Generic placeholder image

කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් අද වන විට ලොවපුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 270,700 ඉක්මවා තිබෙනවා. මේ දක්වා ගෝලීය වශයෙන් වාර්තා වන මුළු ආසාදිතයන් ගණන 3,916,257ක්.


May
8

අවසන් වරට හදුනාගත් ආසාධිතයින් අතරින් 24 දෙනෙකු නාවික හමුදා සෙබළුන්

Generic placeholder image

ඊයේ හදුනාගත් නව ආසාධිතයින් 27 දෙනාගෙන් 24 දෙනෙකු වැලිසර නාවික හමුදා කදවුරේ නාවික සෙබළුන් බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද‍්‍ර සිල්වා මහතා සදහන් කළා. ආසාධිතයින් අතර ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් දෙදෙනෙකු සහ ඩුබායි වල සිට පැමිණි තවත් පුද්ගලයෙකු සිටින බව සදහන්.


May
8

දුර සිට මහරගම අපේක්ෂා රෝහලට පැමිණෙන රෝගීන්ට ප්‍රවාහන පහසුකම්

Generic placeholder image

දිවයිනේ දුරබැහැර ප්‍රදේශවල සිට මහරගම අපේක්ෂා රෝහලේ සායන සඳහා පැමිණෙන රෝගී ජනතාවට දැනට පවතින ඇඳිරි නීතිය හේතුවෙන් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමේ අපහසුතාවයෙන් පෙළෙන බව රෝගීන් විශාල පිරිසක් ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා හට පැමිණිළි කර තිබේ.එම රෝගී ජනතාවට මහරගම අපේක්ෂා රෝහලට සායන සඳහා පැමිණීමටත්, ආපසු ඔවුන් නිවෙස්වලට යාමටත් අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැලසීමට කඩිනමින් විදිමත් […]


May
8

අද කාලගුණය

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව, ඌව, මධ්‍යම, උතුරු මැද සහ දකුණු පළාත්වලත් කළුතර, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලටමි.මී. 75 ට වැඩි තරමක් තද වර්ෂාපතනයන්ද ඇති වේ. බස්නාහිර සහ දකුණු පලාත්වලත් පුත්තලම, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල […]


May
8

11 වනදා සිට දිවයින පුරා ඇති සතොස වෙළඳසැල් විවෘතයි

Generic placeholder image

පාරිභෝගික ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සදහා අවශ්‍ය පහසුකම් සැපයීමට ලංකා සතොස තවදුරටත් කටයුතු කරමින් සිටින බව එහි සභාපති නුෂාඩ් පෙරේරා මහතා පවසයි. ඔහු කියා සිටින්නේ, ලබන සදුදා දිනයේ සිට දිවයින පුරා ඇති සතොස වෙළඳසැල් විවෘතව තැබීමට සැලසුම් කර ඇති බවයි. ආරක්ෂිත ක්‍රමවේදයන් භාවිතා කරමින් වෙළඳාම් කටයුතු සිදුකිරීමට උපදෙස් ලබාදී ඇති බව නුෂාඩ් පෙරේරා මහතා […]


May
8

ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව විශේෂ ගැසට් පත්‍රයක්

Generic placeholder image

ලබන 11 වන දින සිට සාමාන්‍ය කටයුතු සදහා ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ ඒ පිළිබඳව විශේෂ සාකච්ඡා කිහිපයක් ඉදිරි දින කිහිපය තුළ පැවැත්වීමට නියමිත බවයි. ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ මූලික පියවරක් ලෙස රාජ්‍ය සහ […]


May
8

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 824ක් දක්වා ඉහළට

Generic placeholder image

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 824 දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය. ඊයේ (07) දිනය තුළ පමණක් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 27 දෙනෙකු හදුනාගෙන තිබේ. ඊයේ පස්වරුවේ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 7 දෙනෙකු හදුනාගැනුණු අතර රාත්‍රී තවත් පුද්ගලයින් 20 දෙනෙකු හදුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය. […]


May
7

තවත් ආසාධිතයින් 17 කට සුවයි – සුවය ලැබූවන් 232 දක්වා ඉහළට

Generic placeholder image

තවත් කොරෝනා ආසාධිතයින් 17 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළා. ඒ අනුව මෙරට සුවය ලැබූ සංඛ්‍යාව 232 දක්වා ඉහළගොස් තිබෙනවා.


May
7

වෙසක් පොහොය දිනය නිමිත්තෙන් සිරකරුවන් 228 දෙනෙක් නිදහස් කරයි

Generic placeholder image

වෙසක් පුර පසලොස්වක පොහොය දිනය නිමිත්තෙන් සිරකරුවන් 228 දෙනෙකුට ජනපති පොදු සමාව යටතේ නිදහස හිමිව තිබෙනවා. සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටි පිරිසකට මෙලෙස නිදහස හිමි වී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් එම්.ජේ.ඩබ්ලිව් තෙන්නකෝන් මහතා පැවසුවා. නිදහස හිමි වූ පුද්ගලයින් අතර කාන්තාවන් සිව් දෙනෙකු වන බව සඳහන්. මීට අමතරව අධිකරණ අමාත්‍යවරයාට පැවරී ඇති බලතල මත […]


May
7

පොළොන්නරුව අභයපුර ගම්මානය යළි විවෘත කරයි

Generic placeholder image

පොළොන්නරුව, අභයපුර ගම්මානය අද(07) උදෑසන සිට යළි විවෘත කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. පසුගිය අප්‍රේල් මස 23 වන දා කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු හඳුනාගැනීමත් සමඟ පොළොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මාන 12ක් හුදකලා කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගනු ලැබුවේ . ආසාදිත බවට හඳුනා ගත් මෙම පුද්ගලයා ජීවත් […]


News Articles
Latest Videos
Most Popular Post