පාරිභෝගික ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සදහා අවශ්‍ය පහසුකම් සැපයීමට ලංකා සතොස තවදුරටත් කටයුතු කරමින් සිටින බව එහි සභාපති නුෂාඩ් පෙරේරා මහතා පවසයි. ඔහු කියා සිටින්නේ, ලබන සදුදා දිනයේ සිට දිවයින පුරා ඇති සතොස වෙළඳසැල් විවෘතව තැබීමට සැලසුම් කර ඇති බවයි. ආරක්ෂිත ක්‍රමවේදයන් භාවිතා කරමින් වෙළඳාම් කටයුතු සිදුකිරීමට උපදෙස් ලබාදී ඇති බව නුෂාඩ් පෙරේරා මහතා […]
ලබන 11 වන දින සිට සාමාන්‍ය කටයුතු සදහා ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ ඒ පිළිබඳව විශේෂ සාකච්ඡා කිහිපයක් ඉදිරි දින කිහිපය තුළ පැවැත්වීමට නියමිත බවයි. ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ මූලික පියවරක් ලෙස රාජ්‍ය සහ […]
මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 824 දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය. ඊයේ (07) දිනය තුළ පමණක් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 27 දෙනෙකු හදුනාගෙන තිබේ. ඊයේ පස්වරුවේ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 7 දෙනෙකු හදුනාගැනුණු අතර රාත්‍රී තවත් පුද්ගලයින් 20 දෙනෙකු හදුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය. […]
තවත් කොරෝනා ආසාධිතයින් 17 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළා. ඒ අනුව මෙරට සුවය ලැබූ සංඛ්‍යාව 232 දක්වා ඉහළගොස් තිබෙනවා.
වෙසක් පුර පසලොස්වක පොහොය දිනය නිමිත්තෙන් සිරකරුවන් 228 දෙනෙකුට ජනපති පොදු සමාව යටතේ නිදහස හිමිව තිබෙනවා. සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටි පිරිසකට මෙලෙස නිදහස හිමි වී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් එම්.ජේ.ඩබ්ලිව් තෙන්නකෝන් මහතා පැවසුවා. නිදහස හිමි වූ පුද්ගලයින් අතර කාන්තාවන් සිව් දෙනෙකු වන බව සඳහන්. මීට අමතරව අධිකරණ අමාත්‍යවරයාට පැවරී ඇති බලතල මත […]
පොළොන්නරුව, අභයපුර ගම්මානය අද(07) උදෑසන සිට යළි විවෘත කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. පසුගිය අප්‍රේල් මස 23 වන දා කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු හඳුනාගැනීමත් සමඟ පොළොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මාන 12ක් හුදකලා කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගනු ලැබුවේ . ආසාදිත බවට හඳුනා ගත් මෙම පුද්ගලයා ජීවත් […]
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඩුබායි හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 197 දෙනෙකු අද(07) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් රැගෙනවිත් තිබේ. උදෑසන 6.20 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන මෙම විශේෂ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා. මෙම ගුවන් යානයෙන් පැමිණි ගුවන් මගීන් සියලු […]
බංග්ලාදේශයේ චිතගොන් හි සිටින ශ්‍රී ලාංකිකයෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වී තිබේ. 48 හැවිරිදි ඇගලුම් අංශයේ සේවය කරන ශ්‍රී ලාංකිකයෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මේ වන විට බංග්ලාදේශයෙන් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ රෝගීන් 11,719 දෙනෙකු හදුනාගෙන ඇති අතර සිදුව […]
ඊයේ (06) රාත්‍රී 11.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 797 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 215 ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ වන විට ආසාදිතයින් 573 දෙනෙකු රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් කළුතර, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී.100ට වැඩි තද වර්ෂාපතනයන්ද ඇති වේ. බස්නාහිර සහ දකුණු පලාත්වලත් පුත්තලම, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදැසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් […]
සම්බුදු තෙමගුල සැමරෙන උතුම් වෙසක් පුන් පොහොය දිනය අදට (07) යෙදී තිබේ. ශ්‍රී ලංකාවාසී සැදැහැවත් ජනතාව ආමිස සහ ප්‍රතිපත්ති පූජාවල නිරතවෙමින් ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් සෑම වසරකම වෙසක් සැමරීම සිදු කරනු ලබයි. එහෙත් මෙවර කොවිඩ් නයින්ටීන් වෛරසය පැතිරීමේ අවදානම හේතුවෙන් ආගමික කටයුතු නිවෙස්වලට පමණක් සීමා කරන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. පසුගිය 04 වන […]
බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන රනිල් ජයවර්ධන එරට අන්තර්ජාතික වෙළද කටයුතු අමාත්‍යවරයා ලෙස පත්කර තිබෙනවා. අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් විසින් මෙම පත්කිරීම අද සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. රනිල් ජයවර්ධන 2015 සිට හැම්ප්ෂයර් ප‍්‍රාන්තය නියෝජනය කරමින් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත්වුණා. 2019 වසරේ එවකට බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරියව සිටි තෙරේසා මේ ශී‍්‍ර ලංකාව සදහා සිය වෙළද නියෝජිතයා ලෙසද […]