කොරෝනා ආසාදනයෙන් අද(05) දිනයේ මිය ගිය කාන්තාව වාසය කළ මහල් නිවාස සංකීර්ණයේ පදිංචි සමීපතමයින් 15 දෙනෙකු නිරෝධායනයට ලක් කර ඇති බව මෝදර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සසංක රණසිංහ මහතා සඳහන් කළා. අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊයේ රාත්‍රී මෙම කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් ඇය […]
ජුනි 1 වන දා පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කිසිදු තීරණයක් ගෙන නොමැති බව අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඇතැම් මුද්‍රිත මාධ්‍ය සහ වෙබ් අඩවි විසින් වාර්තා කර ඇති ප්‍රවෘත්තියෙහි කිසිදු සත්‍යතාවක් නොමැති බව ද එම නිවේදනයේ සදහන්. ජුනි 1 සිට අදියර කිහිපයක් යටතේ පාසල් විවෘත කරන බවට සහ විදුහල්පතිවරුන් ගුරුවරුන් සහ අනෙකුත් කාර්ය මණ්ඩල […]
කොරෝනා ආසාදනයෙන් අද (05) දිනයේ මිය ගිය කාන්තාව මසක පමණ කාලයක් අසනීප තත්ත්වයෙන් නිවසේ රැඳී සිට ඇතැයි වාර්තා වනවා. ඒ අනුව ඊයේ(04) රාත්‍රීයේ දී ස්වසන රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. පසුව අද(05) අලුයම 1 ට පමණ ඇය අයි.ඩී.එච් රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසුව දැඩි සත්තාකර ඒකකයට ඇතුළු කළා. […]
අද (05) සවස 2 පමණ වන විට කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙරට කොරෝනා ආසාධිතව සුවය ලැබූ රෝගීන් ගණන 197 දක්වා ඉහල ගොස් තිබෙනවා.
රාජගිරිය බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පුද්ගලයින් 30 ක පිරිසක් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකිරීමට පියවර ගෙන තිබෙනවා. කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයෙකු හදුනාගැනීම හේතුවෙන් මෙම පියවර ගත් බව කෝට්ටේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ.පි.මාලින්ද ජයවර්ධන මහතා පැවසුවා. නිවාස නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයෙකු හට වෛරසය ආසාදනය වී ඇති බවට අද දිනයේ තහවුරු වී ඇති බව ඔහු සඳහන් කළා. […]
ඉන්දියාවේ ගත වූ පැය 24 තුළ කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව එරට වාර්තා සඳහන් කරයි. එම කාලය තුළ කොරෝනා වෛරසය හේතුවෙන් මරණ 195ක් සිදුව ඇති අතර වාර්තා වන නව ආසාදිතයින් සංඛ්‍යාව 3932 ක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් […]
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ, දකුණු සහ ඌව පළාත්වලට වැසි සහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම තත්ත්වය මඩකලපුව, අම්පාර හා අනුරාධපුර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින්න තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි. බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම හා යාපනය දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප‍්‍රදේශවල උදෑසන කාලයේ දී වැසි […]
කොවිඩ් නයින්ටීන් වෛරසය නිසා ලොව පුරා සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව දෙලක්ෂ 50,000 ඉක්මවා ගොස් තිබේ. එම මරණ සංඛ්‍යාවෙන් සියයට 85ක්ම අමෙරිකාවෙන් හා යුරෝපයෙන් වාර්තාවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. වෛරසයෙන් වැඩිම බලපෑම එල්ල වී ඇති අමෙරිකාවේ අද වන විට සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 70,000ට ආසන්න වී තිබේ. කෙසේවෙතත් කොවිඩ් මරණ වැඩි […]
පාස්කු ප්‍රහාරයට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව මුස්ලිම් දේවස්ථානයකට සහ රාජ්‍ය නොවන සංවිධානයකට අයත් පුත්තලම ප්‍රදේශයේ පිහිටි මූලස්ථානයකට මුද්‍ර තබා තිබේ. අදාළ මුස්ලිම් දේවස්ථානය කල්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරුට අයත් දේවස්ථානයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේය. පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය 03 වන දා අත්අඩංගුවට ගත් […]
අද (05) උදෑසන 8.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 755ක් දක්වා ඉහළ යයි. මේ අතර සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 194 ක්. කෙසේ වෙතත් මේ වන විට පුද්ගලයින් 553 ක් විවිධ රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.
මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් සුරාසැල් වසා තැබෙනු ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව මස් මාංශ අලෙවිසැල්, සතුන් මරණ ස්ථාන, රේස් බුකී, කැසිනෝ ශාලා හා සමාජ ශාලා ද වසා තැබීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් වරයා විසින් සියලූම පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ සියලුම දිස්ත්‍රික් […]
දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 721 දක්වා ඉහළගොස් තිබෙනවා. එමෙන්ම තවත් ආසාධිතයින් 07 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර මෙරට කොරෝනා ආසාධනය වී පූර්ණ සුවය ලැබූ ආසාධිතයින් සංඛ්‍යාව 194 දක්වා ඉහළගොස් තිබෙනවා.