News Line| Off Air
Generic placeholder image

May
5

දෛනික ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීමට ගත් කි‍්‍රයාමාර්ග ගැන ජනපති විමසයි

Generic placeholder image

කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල දෛනික ජන ජිවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සඳුදා සිට යථා තත්වයට පත් කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පුළුල් විමසුමට ලක් කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජය නියම කර ඇති නිර්දේශයන්ට අනුකූලව රාජ්‍ය පෞද්ගලික දෙඅංශයේ සියලු සේවා ඇරඹීමට පියවර ගත යුතු බව ජනාධිපතිවරයා පවසනවා. පළාත් ආණ්ඩුකාරවරු […]


May
5

දුම්රිය ප‍්‍රවාහනය භාවිතා කරන අත්‍යවශ්‍ය සේවා නිලධාරීන්ට දැනුම්දිමක්

Generic placeholder image

කොරෝනා වෛරසය හේතුවෙන් රට තුළ පවතින හදිසි තත්ත්වය යටතේ අත්‍යවශ්‍ය රාජකාරි කටයුතු සදහා පමණක් කොළඹට ගෙන්වා ගැනීමට අවශ්‍ය සේවක මහත්ම මහත්මීන් වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් සැලසීම වෙනුවෙන් ශී‍්‍ර ලංකා දුම්රිය සේවය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර දැන ගැනීම සදහා ශ්‍රී ලංකා දුම්රිය සේවයේ http://railway.gov.lk/web/index.php?lang=si වෙබ් අඩවියට පිවිසිය හැකියි.


May
5

කෙරෝනා ආසාධිතයින් 762 දක්වා ඉහළ යයි

Generic placeholder image

දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 762 දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ තවත් නව ආසාධිතයින් දෙදෙනෙක් හමුවීමත් සමගයි.


May
5

තවත් කොරෝනා ආසාධිතයින් 16 දෙනෙකු පූර්ණ සුවය ලබයි

Generic placeholder image

මෙරට තවත් කොරෝනා ආසාධිතයින් 16 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළා. ඒ අනුව මෙරට කොරෝනා ආසාධිතව සුවය ලැබූ සංඛ්‍යාව 213 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


May
5

මෙරට කොරෝනා ආසාධිතයින් 760 දක්වා ඉහළ යයි

Generic placeholder image

දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 760 දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ අනුව අද දින මේ දක්වා කොරෝනා ආසාධිතයින් 09 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළා. ඒ අනුව තහවුරු වූ රෝගීන් වාර්තා වන්නේ කොළොන්නාව, කොළඹ 15, රාජගිරිය, කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය සහ නාවික හමුදා සාමාජිකයින් 04 දෙනෙකු වශයෙන්.


May
5

ලොවපුරා කොවිඩ් නයින්ටීන් වෛරසයට එරෙහි එන්නත් අත්හදා බැලීම් 108ක්

Generic placeholder image

කොවිඩ් නයින්ටීන් වෛරසයට එරෙහි එන්නත් අත්හදා බැලීම් 108ක් පමණ මේ වන විට ලොව පුරා සිදුකෙරෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ඉන් එන්නත් 8ක් පමණක් සායනික අත්හදා බැලීම් සඳහා මේ වන විට අනුමත කර ඇති බව එම සංවිධානය පෙන්වා දුන්නා. පළමු වරට එවැනි එන්නතක් මිනිස් සිරුරට එන්නත් කරණය කිරීමේ පර්යේෂණය අමෙරිකාවේ ජාතික සෞඛ්‍ය කාර්යාංශය විසින් […]


May
5

අද දින මිය ගිය කොරෝනා ආසාදිත කාන්තාවගේ සමීපතමයින් 15ක් නිරෝධායනයට

Generic placeholder image

කොරෝනා ආසාදනයෙන් අද(05) දිනයේ මිය ගිය කාන්තාව වාසය කළ මහල් නිවාස සංකීර්ණයේ පදිංචි සමීපතමයින් 15 දෙනෙකු නිරෝධායනයට ලක් කර ඇති බව මෝදර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සසංක රණසිංහ මහතා සඳහන් කළා. අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊයේ රාත්‍රී මෙම කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් ඇය […]


May
5

ජුනි 1 පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කිසිදු තීරණයක් නැහැ

Generic placeholder image

ජුනි 1 වන දා පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කිසිදු තීරණයක් ගෙන නොමැති බව අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඇතැම් මුද්‍රිත මාධ්‍ය සහ වෙබ් අඩවි විසින් වාර්තා කර ඇති ප්‍රවෘත්තියෙහි කිසිදු සත්‍යතාවක් නොමැති බව ද එම නිවේදනයේ සදහන්. ජුනි 1 සිට අදියර කිහිපයක් යටතේ පාසල් විවෘත කරන බවට සහ විදුහල්පතිවරුන් ගුරුවරුන් සහ අනෙකුත් කාර්ය මණ්ඩල […]


May
5

මෙරට 9 වන කොරෝනා ආසාදිත මරණයත් කාන්තාවකගේ

Generic placeholder image

කොරෝනා ආසාදනයෙන් අද (05) දිනයේ මිය ගිය කාන්තාව මසක පමණ කාලයක් අසනීප තත්ත්වයෙන් නිවසේ රැඳී සිට ඇතැයි වාර්තා වනවා. ඒ අනුව ඊයේ(04) රාත්‍රීයේ දී ස්වසන රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. පසුව අද(05) අලුයම 1 ට පමණ ඇය අයි.ඩී.එච් රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසුව දැඩි සත්තාකර ඒකකයට ඇතුළු කළා. […]


May
5

කොරෝනා ආසාධිත රෝගීන් 197 ක් සුවය ලබයි

Generic placeholder image

අද (05) සවස 2 පමණ වන විට කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙරට කොරෝනා ආසාධිතව සුවය ලැබූ රෝගීන් ගණන 197 දක්වා ඉහල ගොස් තිබෙනවා.


May
5

බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පුද්ගලයින් 30 ක් නිරෝධායන කෙරේ

Generic placeholder image

රාජගිරිය බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පුද්ගලයින් 30 ක පිරිසක් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකිරීමට පියවර ගෙන තිබෙනවා. කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයෙකු හදුනාගැනීම හේතුවෙන් මෙම පියවර ගත් බව කෝට්ටේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ.පි.මාලින්ද ජයවර්ධන මහතා පැවසුවා. නිවාස නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයෙකු හට වෛරසය ආසාදනය වී ඇති බවට අද දිනයේ තහවුරු වී ඇති බව ඔහු සඳහන් කළා. […]


May
5

ගතවු පැය 24 තුළ ඉන්දියාවේ කොරෝනා මරණ 195ක්

Generic placeholder image

ඉන්දියාවේ ගත වූ පැය 24 තුළ කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව එරට වාර්තා සඳහන් කරයි. එම කාලය තුළ ‌‌‌කොරෝනා වෛරසය හේතුවෙන් මරණ 195ක් සිදුව ඇති අතර වාර්තා වන නව ආසාදිතයින් සංඛ්‍යාව 3932 ක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් […]


News Articles
Latest Videos
Most Popular Post