අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පැවති පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු මන්ත්‍රීවරුන් අද(04) අරලියගහ මන්දිරයට කැඳවා තිබේ. වර්තමානයේ රට තුළ පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙම කැදවීම සිදුකර ඇති බව වාර්තා වෙයි. අද පෙරවරු 10.00 ට අරලියගහ මන්දිරයට පැමිණෙන ලෙස හිටපු මන්ත්‍රීවරුන් වෙත දැනුම් දී ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය. කෙසේවෙතත් මෙම සාකච්ඡාව සඳහා […]
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, වයඹ හා ඌව පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි. බස්නාහිර හා දකුණු පළාත්වලත් පුත්තලම, මන්නාරම හා යාපනය දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගිඟුරුම් සහිත වැසි ඇති […]
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවට පත් කණ්ඩායම්වලට ජනාධිපති ගෝඨාභය රාජපන්ෂ මහතාගේ නියමයෙන් රුපියල් 5000 දීමනාව මැයි මාසය සඳහා ද ගෙවීමට තීරණය කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි. මැයි මස දීමනාව ගෙවීම අද(04) ඇරඹෙන අතර වෙසක් පුර පොහොයට පෙර ගෙවා නිම කරන ලෙස ද දැනුම් දී තිබේ. වැඩිහිටියන්, ආබාධ සහිත පුද්ගලයන් […]
ජාතික වෙසක් සතිය අදින්(04) ආරම්භ වෙනු ඇත. ඒ අනුව අද දිනයේ සිට එළඹෙන 08 වනදා දක්වා ජාතික වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත්කර ඇති බව බුද්ධ ශාසන අමාත්‍යාංශය සඳහන් කළේය. මෙහි ජාතික උත්සවය හොරණ ගෝනපල ඔලබොඩුව රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි. කෙසේවෙතත් පවතින වෛරස් රෝග තත්ත්වය හමුවේ සීමිත පිරිසක් මෙම ජාතික උත්සවය සඳහා එක්කර ගැනිමට […]
ඊයේ(03) රාත්‍රී 11.15 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සමස්ත ආසාදිතයින් ගණන 718 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනයේ ආසාදිතයින් 12 දෙනෙක් සුවය ලැබු අතර ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 184ක් දක්වා ඉහළ ගියේය. මේ වන විට පුද්ගලයින් 527 දෙනෙක් විවිධ රෝහල්වල […]
කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම හැර සෙසු දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය අද (04) අළුයම 05.00ට ඉවත් කෙරිණි. අද රාත්‍රි 08.00ට ඇඳිරි නීතිය පනවන අතර මැයි 06 වන බදාදා තෙක් රාත්‍රී 08.00 සිට අළුයම 05.00 දක්වා එම ප්‍රදේශවලට ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. මැයි 06 වන බදාදා රාත්‍රී 08.00ට ඇඳිරි නීතිය පැනවිමෙන් පසු එම දිස්ත්‍රික්කවලට මැයි 11 වන සඳුදා […]
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවට පත් කණ්ඩායම් වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමයෙන් රුපියල් 5000 දීමනාව මැයි මාසය සඳහාද ගෙවීමට තීරණය කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා. මැයි මස දීමනාව ගෙවීම හෙට(04) ඇරඹෙන අතර වෙසක් පුර පසළොස්වක පොහොයට පෙර ගෙවා නිම කරන ලෙස ද දැනුම් දී තිබෙනවා. වැඩිහිටියන්, ආබාධ සහිත […]
ජනතාව අනවශ්‍ය ලෙස ඒකරාශී වීම පාලනය කරනු පිණිස හඳුන්වා දුන් ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව නිලවස්වලින් බැහැරව යාමට දෙන අවසරය අදාළ වන්නේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඇදිරි නීතිය ලිහිල් කර ඇති අවස්ථාවල නිවෙස් වලින් බැහැරව යාමට මෙය කිසිසේත් අදාල නොවන බව එම නිවේදනයේ […]
තවත් කොරෝනා ආසාධිතයෙකු වාර්තා වීමත් සමග මෙරට කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව 708 දක්වා ඉහළගොස් තිබෙනවා. තවත් ආසාධිතයින් 12 දෙනෙක් අද දින සුවය ලබා නිවෙස් වෙත ගිය බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළා. ඒ අනුව පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 184 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
නව කොරෝනා ආසාධිතයෙකු අද දිනයේදී වාර්තා වීමත් සමග කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව 706 දක්වා ඉහළගොස් තිබෙනවා. එමෙන්ම අද දින තවත් කොරෝනා ආසාධිත රෝගීන් 10 දෙනෙකු සුවය ලබා රෝහලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළා. ඒ අනුව පූර්ණ සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 182 ක්. දැනට වෛද්‍ය අධීක්‍ෂණය යටතේ ප‍්‍රතිකාර ලබන සංඛ්‍යාව 517 ක්
මයිසූර් පරිප්පු සහ ටින් කළ මාළු සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කර තිබෙනවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගිය මාර්තු මස 17 වනදා මයිසූර් පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 65ක් සහ ග්‍රෑම් 425 මාළු ටින් එකක් රුපියල් 100 ක් ලෙස උපරිම සිල්ලර මිලක් නියම කරනු ලැබුවා. එහෙත් එම අධිකාරිය නිකුත් කළ අති විශේෂ ගැසට් […]
මහර බන්ධනාගාරයෙන් පලායාමට උත්සහ කිරිමේදී සිදු වූ අනතුරකින් රැදවියෙකු මියගොස් තිබෙනවා. මෙලෙස පලායාමට උත්සහ කළ තවත් රැදවියන් 06 දෙනෙකු බන්ධනගාර ආරක්ෂක අංශ විසින් සිය භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසුවා. අද අළුයම තුනට පමණ මහර බන්ධනාගාරයේ රැදවියන් 07 දෙනෙකු ලණු හා ඇද ඇතිරිලි ආදියෙන් බන්ධනාගාර තාප්පයෙන් පැනයාමට උත්සහ […]