බෞද්ධ ධර්මාචාර්ය විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ 2019 වර්ෂයේ නොවැම්බර් මස පැවැත්වූ ධර්මාචාර්ය විභාගයේ ප්‍රතිඵල මෙලෙස නිකුත් කර ඇති බවයි. ඒ අනුව www.results.exams.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබා ගත හැකියි. මෙම විභාගය සදහා 47,722 දෙනෙකු අයදුම්කර තිබූ අතර ඉන් 23,647 දෙනෙකු විභාගයට පෙනී සිට ඇති බව විභාග දෙපාර්තමේන්තුව පැවසුවා. ධර්මාචාර්ය […]
නීතියට අනුකූලව කටයුතු කරමින් මහ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදු කරන්නැයි නීතිපතිවරයා විසින් මැතිවරණ කොමිසමට දැනුම් දී තිබෙනවා. ඒ ඉදිරි මහමැතිවරණයට නාමයෝජනා කැඳවීමේදී නිවාඩු දින ලෙස සැලකෙන 16,17 හා 18 යන තෙදින නාමයෝජනා භාර ගැනීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නීතිපතිවරයාගෙන් කළ විමසීමට ප්‍රතිචාර දක්වමින්.
කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පාලනය කිරිම සඳහා ගනු ලබන සෞඛ්‍ය රක්ෂිත ක්‍රමවේද හා සමානවම සෙසු වෛරස රෝග තත්ත්වයන් පාලනය කිරිම සඳහා ද අවධානය යොමු කළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි. මේ වන විට මෙරට තුළ ඩෙංගු සහ මී උණ රෝග සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බව ඔවුන් පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් ශ්‍රී […]
කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් බ්‍රිතාන්‍යයේ රැදී සිටි පළමු ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම දිවයිනට රැගෙන විත් තිබේ. එම පිරිස රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්- 504 දරන ගුවන් යානය අද අළුයම 03.30 ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ළඟාවූ බව අප සියත ගුවන් තොටුපල වාර්තාකරු පැවසුවේය. ශ්‍රී ලාංකිකයින් 208 දෙනෙකු ලන්ඩන් නුවර හීතෲ […]
කොවිඩ් නයින්ටීන් වෛරසය පාලනය කිරීම සඳහා විටින් විට ඇඳිරි නීතිය පැනවීම ආරම්භ කර අදට දින 46ක් ගතවී තිබේ. ගෙවුණු දින 46ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් ගණන 46,284 දක්වා ඉහළ ගොස් තිබේ. පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 12,013ක් බව පොලිසිය පවසයි.
කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් අද වන විට හඳුනාගෙන ඇති සමස්ත ගෝලීය ආසාදිතයන් ගණන තිස් පන් ලක්ෂ හැට තුන්දහස ඉක්මවා තිබේ. වාර්තාවී ඇති ගෝලීය මරණ සංඛ්‍යාව 248, 135කි. ආසාදිතයන් එකොළොස් ලක්ෂ පනස් තුන්දහසකට වැඩි පිරිසක් සුවය ලබා තිබේ. කොවිඩ් නයින්ටීන් වෛරසයේ දැඩි බලපෑමට ලක්වී තිබූ යුරෝපානු රටවල්වන ඉතාලිය, ස්පාඤ්ඤය සහ ප්‍රංශයේ වසංගත තත්ත්වය මේ වන විට ක්‍රමයෙන් […]
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පැවති පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු මන්ත්‍රීවරුන් අද(04) අරලියගහ මන්දිරයට කැඳවා තිබේ. වර්තමානයේ රට තුළ පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙම කැදවීම සිදුකර ඇති බව වාර්තා වෙයි. අද පෙරවරු 10.00 ට අරලියගහ මන්දිරයට පැමිණෙන ලෙස හිටපු මන්ත්‍රීවරුන් වෙත දැනුම් දී ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය. කෙසේවෙතත් මෙම සාකච්ඡාව සඳහා […]
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, වයඹ හා ඌව පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි. බස්නාහිර හා දකුණු පළාත්වලත් පුත්තලම, මන්නාරම හා යාපනය දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගිඟුරුම් සහිත වැසි ඇති […]
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවට පත් කණ්ඩායම්වලට ජනාධිපති ගෝඨාභය රාජපන්ෂ මහතාගේ නියමයෙන් රුපියල් 5000 දීමනාව මැයි මාසය සඳහා ද ගෙවීමට තීරණය කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි. මැයි මස දීමනාව ගෙවීම අද(04) ඇරඹෙන අතර වෙසක් පුර පොහොයට පෙර ගෙවා නිම කරන ලෙස ද දැනුම් දී තිබේ. වැඩිහිටියන්, ආබාධ සහිත පුද්ගලයන් […]
ජාතික වෙසක් සතිය අදින්(04) ආරම්භ වෙනු ඇත. ඒ අනුව අද දිනයේ සිට එළඹෙන 08 වනදා දක්වා ජාතික වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත්කර ඇති බව බුද්ධ ශාසන අමාත්‍යාංශය සඳහන් කළේය. මෙහි ජාතික උත්සවය හොරණ ගෝනපල ඔලබොඩුව රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි. කෙසේවෙතත් පවතින වෛරස් රෝග තත්ත්වය හමුවේ සීමිත පිරිසක් මෙම ජාතික උත්සවය සඳහා එක්කර ගැනිමට […]
ඊයේ(03) රාත්‍රී 11.15 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සමස්ත ආසාදිතයින් ගණන 718 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනයේ ආසාදිතයින් 12 දෙනෙක් සුවය ලැබු අතර ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 184ක් දක්වා ඉහළ ගියේය. මේ වන විට පුද්ගලයින් 527 දෙනෙක් විවිධ රෝහල්වල […]
කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම හැර සෙසු දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය අද (04) අළුයම 05.00ට ඉවත් කෙරිණි. අද රාත්‍රි 08.00ට ඇඳිරි නීතිය පනවන අතර මැයි 06 වන බදාදා තෙක් රාත්‍රී 08.00 සිට අළුයම 05.00 දක්වා එම ප්‍රදේශවලට ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. මැයි 06 වන බදාදා රාත්‍රී 08.00ට ඇඳිරි නීතිය පැනවිමෙන් පසු එම දිස්ත්‍රික්කවලට මැයි 11 වන සඳුදා […]