ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි නැවත දැනුම්දෙන තුරු ත්‍රිවිධ හමුදාවට අයත් නීලධාරි හා සෙසු නිලධාරින්ගේ නිවාඩු හා කෙටි නිවාඩු අවලංගු කර ඇත. ඒ අනුව දැනට නිවාඩු මත සිටින නීලධාරි හා සෙසු නිලධාරින් කඩිනමින් තමන් සේවය කරන කඳවුරු වෙත වාර්තා කල යුතුයි. එලෙස නිවාඩු මත සිටින නිලධාරි හා සෙසු නිලයින් වහාම තමන් සේවය කරන කදවුරේ ප්‍රධානියා හෝ […]
තවත් කොරෝනා ආසාධිතයින් 06 දෙනෙකු හදුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 477 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවා.
චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වූ කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් අද වන විට ලොව පුරා සිදුව ඇති සමස්ත මරණ ගණන ලක්ෂ දෙක ඉක්මවා තිබෙනවා. ගත වූ පැය 24 තුළ අමෙරිකාවෙන් මරණ 2,494 ක් වාර්තා වුණා. ලොව පුරා කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මිලියන තුනකට ආසන්න වෙමින් පවතිනවා. වෛරසය හේතුවෙන් ලොව පුරා සිදු වූ මරණ දෙලක්ෂය ඉක්මවද්දී අමෙරිකාවේ […]
දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 471 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවා.
හබරණ – පළුගස්වැව ප‍්‍රදේශයට ඊයේ පස්වරුවේ ඇති වූ සුළං සහ වැසි සමග අයිස් ඇදහැළුණු බව ප‍්‍රදේශවාසීන් ප‍්‍රකාශ කළා. එමෙන්ම පැවති සුළං තත්ත්වයත් සමග ප‍්‍රදේශයේ නිවාස 24 කට පමණ සුළු හානි සිදුව ඇති බව වාර්තා වනවා. එහි වගා බිම් වලටද සුළගින් හානි සිදු වූ බව ප‍්‍රදේශයේ ජනතාව පැවසුවා.
තාවකාලිකව වසා දැමුණු නීතිපති දෙපාර්තමේන්තුව හෙට (27) සිට යළි විවෘත කිරීමට කටයුතු යොදා තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරන පෞද්ගලික ආරක්ෂක නිලධාරිනියකට කොවිඩ් – 19 වෛරසය අසාදානය වී ඇති බවට පසුගියදා තහවුරු වීමත් සමඟ තාවකාලිකව වසා දැමුණු නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු යළි ආරම්භ කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ අනුමැතිය හිමිව ඇති බව සදහන්. ඒ අනුව හෙට සිට […]
වැලිසර නාවික හමුදා රෝහලේදී මියගිය නාවික හමුදා නිලධාරියා කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයෙකු නොවන බවට තහවුරු වී තිබෙනවා. පී.සී.ආර් පරික්ෂණ වාර්තාවෙන් මේ බව තහවුරු වී ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කමාන්ඩර් ඉසුරුසූරිය බණ්ඩාර මහතා පැවසුවා. වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරි කළ ගලෙන්බිදුණු වැව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි ලුතිතන් කමාන්ඩර්වරයෙකු වන මෙම හමුදා නිලධාරියා […]
ශී‍්‍ර ලංකාවේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 467 දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ තවත් ආසාධිතයින් දෙදෙනෙකු හදුනාගැනීමත් සමගයි. මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ ප‍්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 340 ක්. සුවය ලැබූ රෝගීන් 120 දෙනෙකු රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ශී‍්‍ර ලංකාවෙන් වාර්තා වන කොරෝනා වෛරස් ආසාධිත මරණ සංඛ්‍යාව 07 ක්.
කොවිඩ් නයින්ටීන් ආසාදනය වී සුවය ලැබු පිරිස 120 දක්වා ඉහළ ගොස් ඇත.ඒ අද දින තවත් දෙදෙනෙකු සුවය ලැබීමෙන් සමඟයි. මේ අතර මෙරට තුළ වාර්තා වූ කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 462ක් දක්වා ඉහළ ගොස් තිබේ.ඊයේ දිනය තුළ වාර්තා වූ ආසාදිතයින් අතරින් දස දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරෙන් වාර්තා වී ඇත. තවත් දස දෙනෙක් වාර්තා වී […]
2019 අධ්‍යන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින දෙක තුළ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.ප්‍රතිඵල ලේඛන ගත කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින බව විභාග කොමසාරිස් ජනරාල් සනත්. බී පුජිත මහතා සඳහන් කළේ ය. ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ WWW. DOENTS.LK වෙබ් අඩවියෙන් නිකුත් කරනු ඇත.
තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයිඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 462ක් දක්වා වැඩි වී තිබේ. මේ අතර පුද්ගලයින් 337 දෙනෙකු පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.වෛරසය වැළඳුණු පුද්ගලයින් 118 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් […]
දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අප්‍රේල් මස 26 වන දා යින් පසුව බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර සහ දකුණු […]