News Line| Off Air
Generic placeholder image

Apr
18

දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 248 දක්වා ඉහළ යයි

Generic placeholder image

ශී‍්‍ර ලංකාවේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 248 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් ආසාධිතයින් 4 දෙනෙකු හදුනාගැනීමත් සමගයි. ඉන් තුන්දෙනෙකු ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පිරිසක් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියා. එමෙන්ම ස්වයං නිරෝධනයට ලක් කර සිටි රඹුක්කන ප‍්‍රදේශයේ කාන්තාවකටද වෛරසය වැළදී ඇති බවට තහවුරු වී තිබෙනවා.


Apr
18

ඇදිරි නීතිය ලිහිල් කරන්නේ මේ ආකාරයටයි

Generic placeholder image

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස පනවනු ලැබූ ඇඳිරි නීතිය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණ ඇතිව ලිහිල් කිරිමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව අප්‍රේල් මස 20 වෙනිදා සිට ඒ ඒ දිස්ත්‍රික්කවල සහ දිස්ත්‍රික්ක ඇතුළත පොලිස් බල ප්‍රදේශවලට ඇඳිරි නීතිය පැනවීම සහ ඉවත් කිරීම සිදුවන ආකාරය පහත නිවේදනයෙන් දැක්වේ.


Apr
18

පාස්කු ඉරුදින ප්‍රහාරයේ පරික්ෂණ සූක්ෂමව ආරම්භ කර තිබෙනවා – ආරක්ෂක ලේකම්

Generic placeholder image

අඩපණවී තිබූ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් වන පරික්ෂණ සූක්ෂම ලෙස ආරම්භ කර ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. ඒ සඳහා පොලිසිට සහය ලබා දෙන ලෙස සියලු බුද්ධි අංශ වලට උපදෙස් ලබා දී ඇති බව ආරක්ෂක ලේකම්වරයා කියා සිටියි. වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ නිරික්ෂණ චාරිකාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. […]


Apr
18

කොරෝනා වෛරස ව්‍යාප්තියේ වැඩිම බලපෑම අමෙරිකාවට

Generic placeholder image

කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් ලොවපුරා සිදුවූ මරණ ගණන ඊයේ (17) රාත්‍රියේදී එක්ලක්ෂ පනස් හතරදහස් දෙසිය හතලිස් පහ දක්වා ඉහළ ගොස් ඇත. චීනයෙන් ආරම්භ වී ගෝලීය වසංගතයක් දක්වා වර්ධනය වූ කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තියේ වැඩිම බලපෑමට ලක්ව ඇත්තේ අමෙරිකාවයි. ඊයේ දිනය වනවිට එරටින් ආසාදිතයින් හත්ලක්ෂ නවදහස් හත්සිය තිස්පහක් වාර්තා වූ අතර එය දැක්වුණේ සමස්ත ගෝලීය […]


Apr
18

අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු කාර්මික ශිල්පීන්ට නිවේදනයක්

Generic placeholder image

අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු පැවරෙන විදුලිකාර්මිකයින් /ජලනල කාර්මිකයින් හා ගෘහ විදුලි උපකරණ හා වායුසමීකරණ නඩත්තු ශිල්පීන් සදහා වු මාර්ගෝපදේශ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇත. මෙම අත්‍යවශ්‍ය සේවාවේ අරමුණ නිවැසියන්ට අඛණ්ඩ විදුලි හා ජල සැපයුමක් සහතික කිරීමට බවද ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව කළ නිවේදනයේ සඳහන් වේ. 1.ජාතික ජලසම්පාදන හා ජලාපවහන […]


Apr
18

වුහාන් සිට වෙනත් කළාප වල රැකියාවට යන සියළුදෙනාට කොරෝනා පරීක්‍ෂණය අනිවාර්ය කෙරේ

Generic placeholder image

චීනයේ වුහාන් නගරයේ සිට වෙනත් කළාප වල රැකියාවට යන සියළුදෙනාට කොරෝනා වෛරස පරීක්‍ෂණය අනිවාර්ය කර තිබෙනවා. වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම මෙහි අරමුණ බව විදෙස් වාර්තා පැවසුවා. දින 70 කට ආසන්න කාලයක් වසා දමා තිබූ වූහාන් නගරයේ දෛනික කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. වූහාන් යනු වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ කලාපය වුවද දැඩි නිරෝධායන ප‍්‍රතිපත්ති […]


Apr
18

ලොව පුරා ‌කොරෝනා මරණ 154,000 ඉක්මවයි

Generic placeholder image

ලොව පුරා සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව එක් ලක්ෂ 54,126 ක් බව විදෙස් වාර්තා සඳහන් කරයි. ගත වූ පැය 24 ක කාලය තුළ පුද්ගලයින් 85,670 ක් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් ලෙස හඳුනා ගැනීමත් සමඟ ලොව පුරා වෛරස ආසාදිතයින්ගේ ගණන විසි දෙලක්ෂ 48,037 ක් වෙයි. කෙසේවෙතත් පන් ලක්ෂ 70,792 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බව විදෙස් […]


Apr
18

කොවිඩ් 19 අරමුදලට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයෙන් ලක්ෂ 206ක්

Generic placeholder image

ජාතික ගමනාගමන කොමිසම හා ජාතික ප්‍රවාහණ වෛද්‍ය ආයතනය විසින් රුපියල් ලක්ෂ 206ක මුදලක් කොවිඩ් 19 අරමුදලට පිරිනැමීමට කටයුතු කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කොවිඩ් 19 වසංගත තත්ත්වය මර්දනය සඳහා ආරම්භ කර ඇති අරමුදල වෙනුවෙන් ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍යාංශය යටතේ ඇති ආයතන විසින් මුල්‍ය ප්‍රතිපාදනයන් පිරිනැමීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් […]


Apr
18

මිනිස් උගුලකට හසු වූ කොටියෙකු ගසක සිරවෙයි

Generic placeholder image

ශ්‍රි පාද රක්ෂිතයේ සැරි සැරු හොදින් වැඩුණු කඳුකර කොටියෙකු ගසක සිර වි ඇති බව වාර්තා වනවා. මෙම කොටියා මද්දකට හසු වී ඇති අතර පසුව ඌ මද්ද කඩාගෙන මෙම රූස්ස ගසට නැග ඇති නමුත් මද්දේ කොටසක් කොටියාගේ ඇගෙහි තිබෙන නිසා ඌට ගසෙන් බැස ගැනීමට නොහැකිව සිර වි ඇති බව නල්ලතන්නිය වන ජිවි කාර්යයාල පවසනවා. මස්කෙලිය පොලිස් […]


Apr
18

ලංගම බස් රථ 5000 ක් හා දුම්රිය ගමන්වාර 400ක් 20 වනදා සිට පොදු ප්‍රවාහණයට

Generic placeholder image

කොවිඩ් 19 වසංගතය නිසා මෙතෙක් අත්හිටුවා තිබු රාජ්‍ය හා පුද්ගලික අංශයේ වැඩ කටයුතු මෙම මස 20න් පසුව අදියර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට රජය විසින් තීරණය කර තිබෙනවා. ඒ අනුව සේවා ස්ථාන සඳහා පැමිණෙන කාර්ය මණ්ඩලවල පහසුව සැලසීමට පොදු ප්‍රවාහණ සේවා යළිත් සුපුරුදු පරිදි යෙදවීමට ප්‍රවාහණ කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඊයේ (17) අමාත්‍යාංශයේ නිලධාරින් […]


Apr
18

කොරෝනා වෛරසයට උදව්කරන්නන් උදෙසා ගූගල් වෙනස් වෙයි

Generic placeholder image

කොවිඩ් -19 වසංගතය ලොවට දැඩි ලෙස බලපා ඇති අතර එයින් 1 54000කට අධික පිරිසක් මියගොස් තිබේ. කොරෝනා වයිරස් රෝගීන්ගේ සංඛ්‍යාව අහස උසට නැගීමත් සමඟම, වසංගතය පිළිබඳව දැනුවත් කිරීම සඳහා ගූගල් සෙවුම් යන්ත්‍රය විචක්ෂණශීලී ඩූඩලයක් ඉදිරිපත් කළේය. වර්ණවත් නව ඩූඩලය ‘ගෙදර ඉන්න, ජීවිත බේරගන්න’ යන පණිවිඩය බෙදා ගනී. ඩූඩල් මඟින් ‘ගූගල්’ යන වචනයේ සජීවිකරණ අකුරු විවිධ […]


Apr
18

කොරෝනා ආසාදිතයින් වැඩිම ගණනක් කොළඹ දිස්ත්‍රීක්කයෙන් වාර්තා වෙයි

Generic placeholder image

රෝග ව්‍යාප්තිය සළකා බැලීමේදී කොළඹ දිස්ත්‍රීක්කයෙන් කොවිඩ් රෝගින් වැඩිම ගණනක් වාර්තා වන අතර එම ගණන 49 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය. කළුතර දිස්ත්‍රීක්කයෙන් රෝගීන් 45 දෙනෙකුත්, පුත්තලම දිස්ත්‍රීක්කයෙන් රෝගීන් 35 දෙනෙකුත්, ගම්පහ දිස්ත්‍රීක්කයෙන් රෝගීන් 28 දෙනෙකුත්, යාපනය දිස්ත්‍රීක්කයෙන් රෝගීන් 16 දෙනෙකුත් ලෙස වාර්තා වී තිබේ. මීට අමතරව මහනුවර,රත්නපුර, කෑගල්ල, මාතර, කල්මුණේ, ගාල්ල, […]


News Articles
Latest Videos
Most Popular Post