News Line| Off Air
Generic placeholder image

Mar
28

කොරෝනා ආසාදිත තවත් රෝගීන් දෙදෙනෙක් සම්පූර්ණ සුවය ලබයි

Generic placeholder image

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු සුවය ලබා තිබෙනවා. අද පෙරවරු 10.00ට යාවත්කාලීන වූ කොරෝනා වෛරස් ආසාදිතයින්ගේ දෛනික වාර්තාවට අනුව මෙරටින් කිසිදු කොරෝනා වෛරස් ආසාදිතයෙකු හමු වී නොමැති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ අනුව මෙතෙක් රෝගීන් 106 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් නව දෙනෙකු සුවය ලබා තිබෙනවා. […]


Mar
28

ආර්ථික මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කරන වාහන සම්බන්ධයෙන් අගමැතිගෙන් පොලිස්පතිට උපදෙස්

Generic placeholder image

ඇඳිරි නීති සමය තුළ එළවළු, පළතුරු සහ පොල් ඇතුළු ආහාර ද්‍රව්‍ය මැනිං වෙළෙඳපල ඇතුළු සියලු ආර්ථික මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කරන වාහන සදහා අවශ්‍ය අවසර ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත උපදෙස් ලබා දී තිබෙනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පාරිභෝගිකයන් වෙත ලබාදීම සදහා ක්‍රියාත්මක වැඩපිළිවෙල විධිමත්ව සහ අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා […]


Mar
28

ගතවූ පැය 24 තුල ඉතාලියේ කොරෝනා මරණ සංඛ්‍යාව 969 ක්

Generic placeholder image

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වීමෙන් පසු එක් දිනක් තුලදී වෛරසයෙන් මියගිය වැඩිම පිරිස ඉතාලියෙන් වාර්තා වී තිබෙනවා. ගතවූ පැය 24 තුලදී ඉතාලියේ වාර්තා වූ මුළු මරණ සංඛ්‍යාව 969 ක් බව එරට සෞඛ්‍ය අංශ සඳහන් කරනවා. මේ වන විට ඉතාලියේ සිදුව ඇති මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 9,134ක් වන අතර වාර්තා වන මුළු රෝගීන් ගණන 86,498 ක්. […]


Mar
28

නිරෝධායනය අවසන් කළ තවත් 300 ක් සිය නිවෙස් වෙත

Generic placeholder image

විදෙස් රටවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමුකර සිටි තවත් 300 ක පමණ පිරිසක් අද(28) සිය නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා. පුනානි, කන්දකාඩු සහ වව්නියාව නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වූ පිරිසක් ඒ අතර වන බව වාර්තා වනවා. ඒ අනුව පුනානි මධ්‍යස්ථානයෙන් 78 දෙනෙකු ද කන්දකාඩු මධ්‍යස්ථානයෙන් 61 දෙනෙකු සහ වව්නියාව මධ්‍යස්ථානයෙන් 167 දෙනෙකු පිටත්ව ගිය බව […]


Mar
28

ගතවූ පැය 24 තුළ දිවයිනෙන් කිසිදු කොරෝනා රෝගියෙක් වාර්තා නොවේ

Generic placeholder image

ගතවූ පැය 24ක කාලය තුළ කිසිඳු නව කොරෝනා වෛරසය ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව ආසාධිත සංඛ්‍යාව තවදුරටත් 106 මට්ටමේ පසුවන බවයි වසංගත රෝග විද්‍යා අංශය ප‍්‍රකාශ කළේ.


Mar
27

බි‍්‍රතාන්‍ය සෞඛ්‍ය ලේකම්වරයාටත් කොරෝනා ආසාධනය වෙයි

Generic placeholder image

බි‍්‍රතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක්ට ද කොවිඩ් 19 හෙවත් මාරාන්තික කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව වාර්තා වනවා. කෙසේ වෙතත් සෞඛ්‍ය ලේකම්වරයා සිය නිවසේදී ස්වයං නිරෝධායනයට ලක්වීමට තීරණය කර ඇති බව විදෙස් වාර්තා පැවසුවා.


Mar
27

අද සිට ඇදිරි නීතිය කඩ කරන පුද්ගලයින්ට ඇප නෑ

Generic placeholder image

අද දිනයේ සිට ඇදිරි නීතිය කඩ කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ට පොලිස් ඇප ලබා නොදෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප‍්‍රකාශ කළා.


Mar
27

2020 වර්ෂයට සරසවි සඳහා ලියාපදිංචි වීමේ කාල සීමාව දිර්ඝ කෙරේ

Generic placeholder image

2020 වාර්ෂයට විශ්ව විද්‍යාල සඳහා ලියාපදිංචි වීමේ කාල සීමාව අද (27) සිට තවත් සති දෙකකින් කල් දමන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසනවා. පවතින තත්ත්වය සලකා බලා ලියාපදිංචි වීමට බලාපොරොත්තු වන දරුවන් අපහසුතාවට පත් නොවන පරිදි තවත් කල් දැමීමට වුව තමන් ඇතුලු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර […]


Mar
27

මව්බිමට පැමිණීමට අපේක්ෂා කරන විදේශගත ශ්‍රි ලාංකිකයින්ට රජයෙන් ඉල්ලීමක්

Generic placeholder image

කොරෝනා වෛරසය රට තුළ මර්දනය කරන තෙක් තමා වෙසෙන ස්ථානයේ සුරක්ෂිතව සිටින ලෙස මව්බිමට පැමිණිමේ අපේක්ෂාවෙන් සිටින විදේශගත ශ්‍රි ලාංකිකයන්ගෙන් රජය ඉල්ලා සිටිනවා. කොරෝනා වෛරසය COVID-19 රට තුළ පැතිර යාම වැළැක්වීමට රජය පියවර රැසක් ගෙන තිබෙනවා. රට තුළට වෛරසය පැමිණීම සහ පැතිරයාම වැළැක්වීමේ පියවරක් ලෙස විදේශවලින් පැමිණීම සම්පූර්ණයෙන් නවතා තිබෙනවා. සෙසු රටවල ද මෙම පියවර […]


Mar
27

බ්‍රිතානය අගමැතිත් කොරෝනා වෛරසයට ගොදුරු වෙයි

Generic placeholder image

බ්‍රිතානය අගමැති බොරිස් ජොන්සන්ට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.


Mar
27

නිවෙස් වලින් පිටතට එන බි‍්‍රතාන්‍යය පුරවැසියන්ට එරට රජයෙන් පවුම් 960 ක දඩයක්

Generic placeholder image

මේ වන විට ලෝකයේ දැනට පවතින තත්වය හමුවේ නිවෙස් තුළට වී සිටින ලෙසට රජය විසින් සිදුකර ඇති දැනුම්දීම් නොසලකා සිය නිවෙස්වලින් පිටතට පැමිණෙන පුද්ගලයින් සොයා බි‍්‍රතාන්‍ය පොලීසිය දැඩිව නිතිය ක්‍රියාත්මක කරන බවට ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව බ්‍රිතානයේ මාර්ගවලට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති අතර අත්‍යවශ්‍ය කටයුත්තකට හැර සිය නිවෙසින් බැහැරට පැමිණෙන පුද්ගලයින් හට දඩ […]


Mar
27

අගමැති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

Generic placeholder image

ඉදිරියේ දී ඇතිවිය හැකි ගෝලීය ආහාර අර්බුදයට දේශීය ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම දිරිමත් කිරීම සදහා අගමැති කාර්යාලයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. 1 අනාගත ගෝලීය ආහාර අර්බුදයටද ශක්තිමත්ව මුහුණ දීම සඳහා මෙරට කෘෂි කර්මාන්තය සංවර්ධනය කිරීමට පියවර ගැනේ. 2.ගෙවතු වගාව දිරිමත් කිරීම සඳහා ප්‍රාදේශීය ගොවිජන සේවා මධ්‍යස්ථාන වලින් අවශ්‍ය පොහොර සහ බීජ වර්ග නිකුත් කිරීමට කටයුතු […]


News Articles
Latest Videos
Most Popular Post