අද(26) දිනයේ දීත් පස්වරු 4.45 වන විට කොරෝනා වෛරසය ආසාදිත කිසිදු රෝගියෙක් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අමාත්‍යවරිය මේ බව තහවුරු කළා. මේ වන විට ශ්‍රී ලංකාවේ වාර්තා වු කොරෝනා ආසාදිත […]
හදිසි බිද වැටීමක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසකට ජලසැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. කොළඹ 01 , 02, 03, 06, 07, 08, 09, 10, 11, 12 සහ 13 යන ප්‍රදේශවලට පස්වරු 01 සිට රාත්‍රි 10.00 දක්වා පැය 09 ක කාලයක් ජල සැපයුම අත්හිටුවිමට සිදුව ඇති බවයි ජල සම්පාදන මණ්ඩලය සදහන් කළේ. […]
කොරෝනා වෛරසය ආසාධනය වී අංගොඩ අයි.ඩී.එච් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් 04 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. එම රෝහලේ ප‍්‍රකාශකයෙකු සදහන් කළේ ඔවුන් 04 දෙනාම පිරිමි පුද්ගලයින් බවයි. ඊයේ දිනයේද 24 හැවිරිදි තරුණියක් සුවය ලබා රෝහලෙන් පිටව ගිය අතර චීන ජාතික කාන්තාව ද ඇතුළුව පුද්ගලයින් 07 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය […]
ලොව පුරා රටවල් වල කොරෝනා වෛරසය සමග පොරබදින වෛද්‍ය කාර්යමණ්ඩලයේ සේවකයින් දවස පුරා මුහුණු ආවරණ සහ ආරක්ෂිත උපාංග පැළද සිටීමෙන් පසු ඔවුන්ගේ මුහුණු වලට සිදුව ඇති තැලුම් සහිත ඡායාරූප කිහිපයක් පහතින් දැක්වේ.
අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කළ හැක්කේ භාණ්ඩයේ සඳහන් මිලට හෝ තම අධිකාරිය නියම කළ මිලට පමණක් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සදහන් කරනවා. එහි පාරිභෝගික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පැවසුවේ, ඊට අවනත නොවන පිරිස් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් අමෙරිකාවේ සිදු වූ මරණ සංඛ්‍යාව 1000 ඉක්මවා තිබෙනවා. මේ වන විට අමෙරිකාවේ කොරෝනා වෛරස ආසාදිතයින් 1030 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් මරණ 1000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වූ රටවල් අතරට අමෙරිකාව ද ඇතුළත් වී තිබෙනවා. වෛරසය හේතුවෙන් ඉතාලියේ මරණ 7503 […]
රුහුණු මහා කතගම දේවාලයේ බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ මහතාගේ දායකත්වයෙන් සහ කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහයෝගයෙන් කතරගම ප්‍රදේශයේ වියලී අහාර ද්‍රව්‍ය බෙදා දීමක් සිදු කර තිබෙනවා.
මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ලොව පුරා මිය ගිය ගණන 21 000 ඉක්මවන බව විදෙස් වාර්තා සදහන් කරනවා. සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හාර ලක්ෂ හැට අට දහසකට අධිකයි. මේ වන විට ලොව වැඩිම බලපෑම ඉතාලියට එල්ල වී ඇති අතර වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 7503 ක් වන අතර ඉතාලියට පසුව යුරෝපයේ වැඩිම බලපෑමට […]
විදෙස් රටවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකර සිටි තවත් පිරිසක් අද (26) දිනයේ සිය නිවෙස් වෙත පිටත් කර තිබෙනවා. මේ අතර 223 දෙනෙකු සිටින බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා. මෙලෙස පිටව යන්නේ කන්දකාඩු, දියතලාව, මීයන්කුලම් සහ පූණානී නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පිරිස් බව සදහන්.
යාපනයට පනවා තිබෙන ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු දීර්ඝ කර තිබෙනවා.
මාරාන්තික කොරෝනා වෛරසය හමුවේ ලොව පුරා රටවල් ගණනාවක් මේ වන විට සම්පුර්නයෙන්ම වසා දමා තිබෙනවා. ඒ අතරට අද එක්වුණු නවතම රට වන්නේ බොලිවියාවයි. ඊයේ මැදියම් රැයේ සිට බල පැවැත්වෙන පරිදි එරට අන්තර්වාර ජනපතිවරයා විසින් බොලිවියාව සම්පුර්ණයෙන්ම වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව දේශ සිමා වසා දමමින් කිසිදු අයෙකුට රටට ඇතුළුවීමත් රටින් පිටවිමත් තහනම් කර […]
මේ වන විට පොලිස් ඇඳිරි නීතිය ඉවත් කල ප්‍රදේශ වල ජනතාවට අවශ්‍ය අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීම සදහා විශේෂ වැඩ පිළිවෙලක් යොදා ඇති බව ලංකා සතොස ආයතනය සදහන් කරනවා. ඒ අනුව අත්‍යවශ්‍ය ආහාර ඇසුරුම්ගත කර ජනතාවට ලබා දීමට මෙහිදී පියවර ගෙන තිබෙනවා. එහිදී වැඩි කාලයක් වැය නොකර ආහාර ද්‍රවය මිලට ගත හැකි බවත් එමෙන්ම දිවයිනේ […]