ස්විට්සර්ලන්තයේ සිටි ශ්‍රී ලාංකිකයෙකු (59) කොවිඩ් වැලදී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පුත්තලම, සහ උතුරු පළාතේ වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය සහ මුලතිව් යන දිස්ත්‍රික්කවලට තාවකාලිකව ඉවත් කෙරුණු ඇඳිරි නීතිය පස්වරු 02.00 යලි ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබෙනවා. එම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය මාර්තු මස 30 වන සඳුදා පෙරවරු 06.00ට යලි තාවකාලිකව ඉවත් කර එදිනම පස්වරු 02.00ට යළි පැනවෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලා. මේ අතර කොළඹ, ගම්පහ සහ කළුතර […]
ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි පවතින තත්ත්වය පදනම් කර ගනිමින් ජනතා පැමිණිලි භාර ගැනීම සඳහා ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය පැය 24ම විවෘතව තැබීමට පියවර ගෙන තිබෙනවා. රජය ලබා දෙන නියෝග ක්‍රියාත්මක නොවීම හෝ මහජනතාව අපහසුතාවට පත්වන ආකාරයේ ක්‍රියාකාරකම් පිළිබඳව හෝ පැමිණිලි දුරකථන අංක 011-2354550 / 0112354655 ඔස්සේ ඉදිරිපත් කළ හැකියි. එම දුරකථන අංක ඔස්සේ සම්බන්ධ විය […]
රාජ්‍ය සේවකයින්ගේ අප්‍රේල් මස වැටුප අප්‍රේල් 10 වනදාට පෙර ලබාදීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍යාංශ පවසනවා. මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.ආටිගල මහතා මේ බව සඳහන් කළා.
පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කළ බව පොලිස් මුලස්ථානය නිවේදනය කරනවා. පොලිස්පතිවරයාගේ නියෝග පරිදි සියලූම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු මෙලෙස අවලංගු කර තිබෙනවා. ඒ අනුව නිවාඩු හා දින විවේක වහාම ක්‍රියාත්මක වන පරිදි අප්‍රේල් මස 10 වන දින තෙක් අවලංගු කර ඇති බව සදහන්.
දිවයිනේ මුළු කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 106 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.
දිවයිනේ තවත් කොරෝනා ආසාධිතයින් දෙදෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ සමග දිවයිනේ මුළු කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 104 ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.
කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට රජය ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට මාර්තු 30 වනදා සිට අප්‍රේල් 03 වෙනිදා දක්වා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කර ඇති ආයතන හැර සියලුම රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන මේ යටතට අයත්. මෙම කාලසීමාව රජයේ නිවාඩු දින සේ නොසලකන […]
අද(26) දිනයේ දීත් පස්වරු 4.45 වන විට කොරෝනා වෛරසය ආසාදිත කිසිදු රෝගියෙක් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අමාත්‍යවරිය මේ බව තහවුරු කළා. මේ වන විට ශ්‍රී ලංකාවේ වාර්තා වු කොරෝනා ආසාදිත […]
හදිසි බිද වැටීමක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසකට ජලසැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. කොළඹ 01 , 02, 03, 06, 07, 08, 09, 10, 11, 12 සහ 13 යන ප්‍රදේශවලට පස්වරු 01 සිට රාත්‍රි 10.00 දක්වා පැය 09 ක කාලයක් ජල සැපයුම අත්හිටුවිමට සිදුව ඇති බවයි ජල සම්පාදන මණ්ඩලය සදහන් කළේ. […]
කොරෝනා වෛරසය ආසාධනය වී අංගොඩ අයි.ඩී.එච් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් 04 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. එම රෝහලේ ප‍්‍රකාශකයෙකු සදහන් කළේ ඔවුන් 04 දෙනාම පිරිමි පුද්ගලයින් බවයි. ඊයේ දිනයේද 24 හැවිරිදි තරුණියක් සුවය ලබා රෝහලෙන් පිටව ගිය අතර චීන ජාතික කාන්තාව ද ඇතුළුව පුද්ගලයින් 07 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය […]
ලොව පුරා රටවල් වල කොරෝනා වෛරසය සමග පොරබදින වෛද්‍ය කාර්යමණ්ඩලයේ සේවකයින් දවස පුරා මුහුණු ආවරණ සහ ආරක්ෂිත උපාංග පැළද සිටීමෙන් පසු ඔවුන්ගේ මුහුණු වලට සිදුව ඇති තැලුම් සහිත ඡායාරූප කිහිපයක් පහතින් දැක්වේ.